මහජන බැංකුවෙන් රුපියල් බිලියන 25ක ලංකාවේ විශාලතම ණයකර නිකුතුව
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ණයකර නිකුතුව සාර්ථකව සිදුකරමින් මහජන බැංකුව සිය ගමන්මඟේ නව මං සලකුණක් සටහන් කරයි. ඒ අනුව Basel III” Tier 2, ලැයිස්තුගත නොකළ, ශ්‍රේණිගත කළ, නිදහස් කරගත හැකි ණයකර නිකුතුව හරහා මහජන බැංකුව, රුපියල් බිලියන 25ක අරමුදල් රැස් කර ගැනීමට සමත්ව ඇත.