

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
බෙන්තොට පොල් වගා කර ඇති ඉඩම්වල අතුරු භෝග වැවීමට පොල් සංවර්ධන මණ්ඩලය පියවර ගෙන තිබේ.
බෙන්තොට ඇති පොල් ඉඩම්වල අතුරු භෝග වැවීමෙන් පොල් ඉඩම් හිමියාට අමතර ආදායමකුත් පොල් ඉඩමක ඇති හිස් අවකාශය වෙනත් භෝගයකට හුරු කර ඒ තුළින් වඩාත් පල ප්‍රයෝජනයක් සහිත පොල් ඉඩමක් ඇති කිරීම මේ වැඩපිළිවෙළේ ඒකායන අරමුණ බව පොල් සංවර්ධන මණ්ඩලය කියයි.
ඒ අනුව බෙන්තොට පොල් ඉඩම් හිමියන් දැනුවත් කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය පියවර ගත් බවද එම මණ්ඩලය කියයි. එම වැඩපිළිවෙළ ආරම්භ කරමින් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අංක 12 ඊ පොල් ඉඩම් හිමියන් දැනුම්වත් කිරීමට පියවර ගත් බව ද එම මණ්ඩලය කියයි. මෙහිදී පොල් ඉඩම්වලට අතුරුභෝගයක් ලෙස අන්නාසි වැවීම පිළිබඳව බෙන්තොට ජනතාව දැනුම්වත් කළ බවද පොල් සංවර්ධ්න මණ්ඩලය කියයි.
මේ අවස්ථාවට පොල් සංවර්ධන නිලධාරීනී එච්.එස්. වික්‍රමසිංහ, පහළගම්හය කෘෂිකර්ම උපදේශක සමින්ද කරුණානායක, සංවර්ධන නිලධාරීනී චාමිකා කල්පනී, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී රොහාන් ඉන්දික කාරියවසම් යන මහත්ම මහත්මීන් සමග ගොවීන් පිරිසක් ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd