
එක්සත් රාජධානියේ ශාන්ත පාවුළු ප්‍රධාන දෙව්මැදුරේ පැවති සම්මාන උළෙලේදී LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා (වමේ) සහ ද ග්‍රීන් ඕර්ගනයිසේෂන් හි නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරී රොජර් වොලෙන්ස් මහතා (දකුණේ).

LOLC සමූහයේ අධ්‍යක්ෂ නිවේන් නානායක්කාර මහතා, එක්සත් රාජධානියේ ශාන්ත පාවුළු ප්‍රධාන දෙව්මැදුරේ පැවති සම්මාන උළෙලට සහභාගී වෙමින්.
ආයතනික පුරෝගාමිත්වයෙන් දියත් කෙරුණු ශ්‍රී ලංකාවේ විශාලතම මානුෂීය ව්‍යාපෘතිය වන LOLC දිවි සවිය, එක්සත් රාජධානියේ හරිත සංවිධානයේ අනුබද්ධිත ආයතනික සමාජ වගකීම් සමාජය (The CSR Society) විසින් සංවිධාන කරන ලද ප්‍රජා කැපවීම සඳහා වූ 2026 ජාත්‍යන්තර ආයතනික වගකීම් විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි කරගනු ලැබීය. ජාතියේ වඩාත්ම අභියෝගකාරී කාල පරිච්ඡේදවලදී ශ්‍රී ලංකාව පුරා ප්‍රජාව නගා සිටුවීම උදෙසා එහි තිරසාර කැපවීම මෙම පිළිගැනීමෙන් තහවුරු කරයි.
LOLC දිවි සවිය, එහි වඩාත් පුළුල්ව පැතිරුණු මානුෂීය සහ සමාජීය බලපෑම වෙනුවෙන් ගෝලීය ආයතනික වගකීම් ප්‍රමුඛයන් අතර ගෞරවයට පාත්‍ර වීම විශේෂයෙන් කැපී පෙනේ. 2026 ජුනි 1 වැනිදා ලන්ඩනයේ ඓතිහාසික ශාන්ත පාවුළු ප්‍රධාන දෙව්මැදුරේ පැවති සම්මාන උළෙලේදී LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා සහ LOLC සමූහයේ අධ්‍යක්ෂ නිවේන් නානායක්කාර මහතා සම්මානය පිළිගනු ලැබීය.
මෙම සම්මානයේ සුවිශේෂතාව පිළිබඳව අදහස් දැක්වූ, හරිත සංවිධාන සහ ජාත්‍යන්තර ආයතනික සමාජ වගකීම් විශිෂ්ටතා සම්මාන උළෙලේ (The Green Organisation and the International CSR Excellence Awards) නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී රොජර් වොලෙන්ස් මහතා මෙසේ පැවසීය, “මෙම සම්මානවල වටිනාකම මැනිය හැකි ආකාර බොහොමයකි.
එමගින් ඔවුන් සේවය කරන ප්‍රජාවට පමණක් නොව ඒවා ක්‍රියාත්මක කරන සංවිධානවලට ද නියත වශයෙන්ම ප්‍රතිලාභ හිමිකර දෙයි. පෞද්ගලික සමාගම්, ව්‍යාපාර වර්ධනය ගැන පමණක් නොව, සමාජය ගැනත් සැබවින්ම සැලකිලිමත් වන බවත්, ලෝකයේ ජන ප්‍රජාව වෙනුවෙන් වඩාත් යහපත් ස්ථානයක් බවට පත් කිරීම සඳහා ආයෝජනය කිරීමට ඔවුන් කැමැත්තෙන් සිටින බවත් එමගින් පිළිබිඹු කෙරේ. මෙම ව්‍යාපෘති හරහා අත්කරගත් ජයග්‍රහණ සැබවින්ම විශිෂ්ට වේ.
LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “මෙම ජාත්‍යන්තර පිළිගැනීම අපගේ කොටස් හිමියන්ගේ ත්‍යාගශීලීත්වය, කැපවීම සහ ඔවුන් විසින් ස්ථාපිත කරන ලද LOLC සමූහය පුරා පැතිරුණු සුවිශේෂී සංස්කෘතියට උපහාරයකි. එමෙන්ම එය ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අපගේ කාර්ය මණ්ඩලය දරන ලද විශිෂ්ට වගකීම සහ නොසැලෙන කැපවීම පිළිගැනීමක් ද වේ.”
ආර්ථික අර්බුද සහ ස්වාභාවික ආපදා ඇතුළු දිවයිනේ වඩාත්ම අභියෝගාත්මක කාල පරිච්ඡේදයන් තුළදී ශ්‍රී ලාංකික ප්‍රජාවට සහාය වීමේ අරමුණින් LOLC දිවි සවිය 2022 වසරේදී දියත් කරන ලදී. ‘ජීවිතය දිනන්නට‘ යන තේමාවෙන් ක්‍රියාත්මක වූ එහි පළමු වැඩසටහන යටතේ, දිස්ත්‍රික්ක 25 පුරාම පවුල් 150,000 කට වියළි සලාක මළු බෙදාදෙනු ලැබීය.
‘දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්‘ ලෙස නම් කෙරුණු දෙවන වැඩසටහන මඟින් ආර්ථික අර්බුදය හා ගෝලීය වසංගතය නිසා අඩාලවූ දිවයිනේ පාසැල් දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රවේශය පවත්වා ගැනීම සඳහා සහාය වීමට පාසල් 4,090 ක (ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියෙන් සියයට 40 ක) සිසුන්ට අත්‍යවශ්‍ය අධ්‍යාපන උපකරණ සහ ලිපි ද්‍රව්‍ය බෙදා දුනි.
දිවි සවිය තුන්වන සහ තව දුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක ‘ඔබයි මමයි අපේ රටයි‘ වැඩසටහන, 2025 දී ඇති වූ දිට්වා සුළි කුණාටුවට ප්‍රතිචාර වශයෙන් දියත් කරන ලදී.
එමගින් බලපෑමට ලක් වූ පවුල්වලට සහාය වීම, සහ දිස්ත්‍රික්ක හයක පාසල් 200 ක යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු සහන, ප්‍රකෘතිමත් කිරීමේ පියවර සහ පුනරුත්ථාපන කටයුතු කඩිනම් කිරීම පිළිබඳව එහිදී අවධානය යොමු කරන ලදී.
ශ්‍රී ලංකාව නැවතත් යථා තත්වයට පත්වෙමින් ප්‍රගතිය කරා අඛණ්ඩව ගමන් කරද්දී, LOLC දිවි සවිය ජාතික ප්‍රමුඛතාවලට සහාය වෙමින්, අප ජනතාව සඳහා අර්ථවත්, කල් පවතින බලපෑමක් ඇති කිරීම උදෙසා කැපවී සිටින්නේ, මෙම වැඩසටහනෙන් මතුවූ දයානුකම්පාවේ සහ ඔරොත්තු දීමේ ජීව ගුණය අඛණ්ඩව පවත්වා ගනිමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd