- පැසිපික්, ගල්ෆ් සහ යුරෝපා කලාපයට අමතරව තවත් කලාප දෙකක් ආවරණය සැලැසුමයි
මෙරට නිශ්චල දේපළ වෙළෙඳ සමාගමක් වන හෝම් ලෑන්ඩ්ස් පෞද්ගලික සමාගම ඉදිරියේදී සිය විදෙස් ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කරමින් තවත් කලාප දෙකක් වෙත ඇතුළුවීමට සූදානමින් සිටින බව පවසයි. ඒ අනුව දැනටමත් එම සමාගමේ මෙහෙයුම් ඔස්ට්‍රේලියාව, ඩුබායි සහ ලන්ඩන් තුළ සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, එහි ප්‍රතිඵල සමග මෙම පියවර ගන්නා බවත් සමාගමේ අලෙවි සහ අලෙවිකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ මාරියෝ ඔෆෙන් මහතා සඳහන් කළේය.
එම සමාගම කොළඹ වරාය නගරයේ ක්‍රියාත්මක කරන නවතම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම කරුණු අනාවරණය කළේය.
“පසුගිය වසරේ අපගේ අලෙවියෙන් වැඩි ප්‍රතිශතයක් හිමි වුණේ විදේශයන්ගෙන්. අද වනවිට අපි ස්ථාන තුනක සිට ලෝකයේ කලාප තුනක් සඳහා ක්‍රියාත්මකයි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට පැසිපික් කලාපයත්, ඩුබායි සිට ගල්ෆ් කලාපයත්, ලන්ඩන් සිට යුරෝපා කලාපයත් ආවරණය කරනවා. ඉදිරියේදී අපි තවත් කලාප දෙකක් එළිදැක්වීමටත් සූදානමින් සිටිනවා. විශේෂයෙන්ම මෙම නිශ්චල දේපළ සඳහා වන ඉල්ලුම දේශියට වඩා විදේශීයව හිමිවීම ඊට හේතුවයි.“ ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd