
මේ වසරේ අගෝස්තු මාසයේ මැද වන විට රජය සහ මූල්‍ය බලධාරීන් විසින් වළක්වා ගැනීමේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ග නොගතහොත් ශ්‍රී ලංකාව තවත් රුපියල අවප්‍රමාණ වීමේ රැල්ලකින් කම්පනයට පත්වනු ඇත. මෙම අර්බුදය සඳහා අවශ්‍ය වාතාවරණය මේ වන විට ගොඩනැගී තිබේ. මින් පෙර 2026 මැයි මාසයේදී, රුපියල අවප්‍රමාණ වීම උදෙසා දේශීය වශයෙන් ඊට අදාළ තත්වය හටගැනුණේ, සමහර විට රජය සහ මහ බැංකුව ඒ සම්බන්ධයෙන් නොදැනුවත්ව සිටියදී විය හැකිය. මෙවර ඊට අවශ්‍ය තත්වය රජය සහ මහ බැංකුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම යටතේ මේ වන විටත් සකසා හමාරය. ඒ සම්බන්ධයෙන් පහත කරුණු පැහැදිලි කරමි.
රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැයි 15 වැනිදා ආනයනය කරන වාහන උදෙසා සියයට පනහක අධිභාරයක් පැනවූ බව නිවේදනය කරන ලද්දේය. එහි අරමුණ වූයේ අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීමය. ප්‍රායෝගික හේතු නිසා මැයි 18 වැනිදා ගැසට් පත්‍රය සංශෝධනය කරන ලද මුත්, එහි පුළුල් අරමුණ එසේම පැවතියේය. ඊට දින දෙකකට පසුව මැයි විසි වැනිදා, සියයට පනහක අධිභාර අය කිරීම තාවකාලිකව බවත්, එය බලපානුයේ මාස තුනකට පමණක් බවත් සඳහන් කරමින් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිපියක් නිකුත් කළේය. විශේෂයෙන් වාහන මිලදී ගන්නන්ගේ සහ ආනයනයකරුවන්ගේ වෙළෙඳපොළ, ඔවුන් අපේක්ෂා කළ මිලදී ගැනීම් තවත් මාස තුනකට කල් දමමින් ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වූයේය. එයින් අදහස් කෙරෙන්නේ අගෝස්තු මාසයේ අගවන විට මාස තුනක් තිස්සේ ඒකරාශී වූ අසාමාන්‍ය ඉල්ලුමක් ජනිත වන බවයි. ඒ බව සිහි තබා ගත යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ අඛණ්ඩව ඉටු කළ යුතු කාර්ය සාධන මිනුම් දඬු අතර ආනයන සීමාකරණ වැඩි කිරීම තහනම් කෙරෙන නිර්ණායක පවතී. 2026 මැයි 15 වැනිදා වාහන ආනයනය සඳහා සියයට පනහක අධිභාරයක් පනවන ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුව එම කොන්දේසිය උල්ලංඝණය කර තිබේ. ආනයන සීමාකරණය තීව්‍ර කිරීමක් ලෙස මෙය පැහැදිලිව ක්‍රියාත්මක වේ. මෙය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු කාර්ය සාධන නිර්ණායක උල්ලංඝනය කිරීමක් ලෙස දුටු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එසැණින්ම වාහන ආනයන සීමාකරණ පැනවීම ඉවත් කරන ලෙස රජයට දන්වා සිටියේය. මාස තුනකින් එසේ කිරීමට එකඟ වූ ආණ්ඩුව, අදාළ කාර්ය සාධන නිර්ණායක ක්‍රියාත්මක කිරීම මාස තුනකට ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.
පනවන ලද සියයට පනහක අධිභාරය අගෝස්තු මාසයේ මැද වන විට ඉවත් කරන බව පැහැදිලිව පෙනී යයි. එම තත්වය තුළ, ඉහත කී මාස තුන තුළ ඉල්ලුම, ඒකරාශී වී ආනයනයකරුවන් වාහන ආනයනය කිරීමටත් මිලදී ගන්නන් ඒවා මිලදී ගැනීමටත් පෙළඹෙන නිසා ඒ සඳහා වූ ඉල්ලුම, අධිභාරය ඉවත් කිරීම හේතු කරගෙන තවත් වැඩි වනු ඇත.
මේ හේතුකොට ගෙන සිදුවන සම්ප්‍රයුක්ත බලපෑම නිසා පෞද්ගලික ණය ඉල්ලුම ඉහළ ගොස්, රටේ ජංගම ගිණුම සහ විදේශය විනිමය සංචිත කෙරෙහි අහිතකර ලෙස එය බලපෑම් කරනු ඇත. රුපියල අවප්‍රමාණවීම හටගන්නේ එවිටය. රුපියලේ හුවමාරු වටිනාකම අවප්‍රමාණ වීම හේතු කරගෙන වාහන ආනයනය අඩුවී ඉල්ලුම සහ සැපයුම මත පදනම් වූ මුදලේ අගය ස්ථාවර වේ යැයි, බලාපොරොත්තුවෙන් මහ බැංකුව රුපියල අප්‍රමාණය වන්නට ඉඩ හරින්නට ඉඩ තිබේ.
දැඩි පාවෙන විනිමය අනුපාතිකයක් වෙනුවෙන් තර්ක ඉදිරිපත් කරන අය පාවෙන විනිමයය අනුපාතිකය බාහිර අංශය ස්වයංක්‍රියව ස්ථාවර කරන්නක් ලෙස ක්‍රියා කරතැයි විශ්වාස කරති. එවිට රටේ මුදලේ අගය වෙළෙඳපොළේ ඉල්ලුම් සහ සැපයුම අනුව ප්‍රධාන වශයෙන් තීරණය වීම වාසිදායක වෙතැයිද ඔවුහු කල්පනා කරති. බොහෝ විට අගෝස්තු අග භාගය වනවිට මුදල අව ප්‍රමාණය වෙන මීළඟ රැල්ලේ දී මහ බැංකුව අනුගමනය කරන න්‍යාය මෙය විය හැකිය. ආනයන සීමාකරණ පැනවීමකින් තොරව නිර්ණායකවලට අදාළ කාර්ය සාධනය අඛණ්ඩව සිදුවන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රීතියෙන් කුල්මත් වනු ඇත.
න්‍යාය හොඳය. එහෙත් රටේ පෞද්ගලික අංශයේ ණය වර්ධනය පමණට වඩා වැඩි වුවහොත් එය සාර්ථක නොවනු ඇත.
පෞද්ගලික අංශයේ ණය වර්ධනය පසුගිය වසරේ සහ 2026 පළමු කාර්තුවේ, පමණට වඩා ඉහළ ගොස් තිබිණි. පෞද්ගලික අංශයේ ණය වර්ධනය සියයට විස්සටත් (20%) අධික වූයේය. එම තත්වය යටතේ අපට දැක ගත හැකි වනුයේ විනිමය අනුපාතිකයේ දැඩි අස්ථාවර භාවයකි. එම තත්වය අපනයනය කරුවන්, ආනයනයකරුවන්, ආයෝජකයන්, විදේශ විනිමය ණයට ගන්නන් සහ සාමාන්‍ය ජනතාව කෙරෙහි අස්ථාවර භාවයක් ඇති කිරීමට ඉඩ තිබේ.
මීට විසඳුම වන්නේ ශීඝ්‍රයෙන් ඉහළ යන පෞද්ගලික ණය වැඩිවීමකින් සමන්විත පාවෙන විනිමය අනුපාතිකයකට අවශ්‍ය තත්ව නිර්මාණය කිරීමයි. පෞද්ගලික ණය ශීඝ්‍රයෙන් ඉහළ යනුයේ, වාහන ආනයනය වැඩිවීම හේතු කොට ගෙනයි. මහා බැංකුව පොලී අනුපාතික ඉහළ දැමූ නමුත් ඊට වෙළෙඳපොළ ප්‍රතිචාර දැක්වූයේ නැත. පෞද්ගලික ණය වර්ධනය පොලී අනුපාතිකය ඉහළ දැමීමෙන් මන්දගාමී කළ හැකි නමුත්, ණය ගන්නන් ණය ගැනීමට සහ ද්‍රවශීලතාවට රුචිකර වූ විට එය නිතරම ඵලදායී වන්නේ නැත.
2025, 2026, සහ 2027 අවුරුදු සඳහා පෞද්ගලික ණය වර්ධනය, සියයට දහයට (10%) අඩුවෙන් පවත්වා ගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවෙන් යෝජනා කර තිබේ. ඒවා ස්ථාවර භාවයේ මිනුම් සලකුණු වන්නේය. එම නිසා ශ්‍රී ලංකා ආණ්ඩුවටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත්, වඩාත් විචක්ෂණශීලී, ක්‍රියාව වන්නේ, ශ්‍රී ලාංකීය මූල්‍ය බලධාරීන්, පෞද්ගලික ණය වර්ධනය, පාලනයකට නතු කරගන්නා තුරු, ආනයන සීමාකරණයට පණවන තහංචි කාර්ය සාධනයෙන් ඉවත්කර තවත් කාලයක් එම සීමාකරණ පවත්වා ගැනීමට ඉඩ සැලසීමයි.
2026 ජූනි 24 Daily FT හි පළවූ
Next wave of currency depreciation ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd