විශ්වාසය, ඕනෑම මූල්‍ය ආයතනයකට උපයාගත හැකි වටිනාම වත්කමකි. LOLC ෆිනෑන්ස් ක්ෂේත්‍රයේ අඛණ්ඩව පෙරමුණ ගැනීමට එම විශ්වාසය, හේතු වී ඇති බව යළිත් වරක් පෙන්නුම් කර තිබේ. ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය නැවතත් තහවුරු කරමින් LOLC ෆිනෑන්ස්, සන්නාම විශිෂ්ටත්වය සඳහා වන LMD වාර්ෂික සම්මාන ප්‍රදානයේදී පාඨකයන්ගේ වඩාත්ම ආදරය දිනූ මූල්‍ය සහ ලීසිං සන්නාමය ලෙස පිළිගැනීමට ලක් විය.
මෙම පිළිගැනීම දිවයින පුරා පාරිභෝගිකයන්ගේ සහ ව්‍යාපාරික ප්‍රජාවේ අදහස් ඇගයීමට ලක් කරමින් PepperCube Consultants උපදේශන ආයතනය විසින් LMD සඳහා සිදුකරන ලද දීපව්‍යාප්ත ස්වාධීන පර්‌යේෂණයක් මත පදනම් වී තිබේ. මෙහිදී සන්නාමයේ ප්‍රමුඛ තේරීම සහතික කිරීමට වඩා, මෙම සම්මානයෙන් පිළිබිඹු වන්නේ දිනෙන් දින තරගකාරී වන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ, ජනතාවට ප්‍රයෝජනවත්, විශ්වාසදායක හා නිසි ප්‍රතිචාර දැක්විය හැකි ආයතනයක් ලෙස නොසැලී සිටීමට LOLC ෆිනෑන්ස් සතු හැකියාවයි.
LOLC ෆිනෑන්ස් වසර ගණනාවක් මුළුල්ලේ සාම්ප්‍රදායික මූල්‍ය සමාගමක භූමිකාවෙන් බොහෝ සෙයින් ඔබ්බට පරිණාමය වී ඇත. අද වන විට එය ඩිජිටල් වේදිකා හා නියෝජිත ආයතන සහාය ලබමින් 200 ඉක්මවූ ශාඛා ජාලයක් හරහා, 800,000 කට අධික ගනුදෙනුකරුවන්ට සේවය සලසමින්, ශ්‍රී ලංකාව පුරා සිය ප්‍රවේශය පුළුල් කර තිබේ. ශ්‍රී ලාංකික පවුල්වලට මූල්‍ය සුරක්ෂිතතාවක් ගොඩනංවා ගැනීමට සහාය වීම, ව්‍යවසායකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරීමේ හැකියාව ලබාදීම, හෝ පුද්ගලයන්ගේ මූල්‍ය අපේක්ෂා සපුරා ගැනීමට අත්වැලක් වීම, ඇතුළු ජීවිතයේ සෑම අදියරකදීම LOLC ෆිනෑන්ස් ජනතාවගේ දිගු කාලීන මූල්‍ය සහකරුවකු ලෙස ස්ථාවරව කටයුතු කරයි. 
සමාගම විසින් ඩිජිටල් නවෝත්පාදන සඳහා අඛණ්ඩව සිදු කරන ආයෝජනද පාරිභෝගික අත්දැකීම නැවත හැඩගස්වා තිබේ. දීපව්‍යාප්ත ශාඛා ජාලය නව තාක්ෂණය සමග ඒකාබද්ධ කිරීමෙන්, මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය සරල කර ඇති LOLC ෆිනෑන්ස්, සිය සන්නාමයේ සලකුණක් ලෙස කාලාන්තරයක් තිස්සේ හඳුනාගෙන ඇති පාරිභෝගික අවශ්‍යතා අනුව සැකසූ සේවාද තවදුරටත් පවත්වාගෙන යයි. මෙම සමබර ප්‍රවේශයෙන් සමාගමට නාගරික සහ ග්‍රාමීය ප්‍රජාව වෙත ප්‍රවේශය ඉහළ නංවමින්, ශීඝ්‍රයෙන් ඩිජිටල්කරණය වන ආර්ථිකයක් තුළ, වෙනස් වන පාරිභෝගික අපේක්ෂාවලට ප්‍රතිචාර දැක්වීමට හැකි වී තිබේ. 
කැපී පෙනෙන ආර්ථික අභියෝග සහිත කාල වකවානුවක් තුළ සමාගමේ ඔරොත්තු දීමේ හැකියාවද මෙම සම්මානනීය පිළිගැනීම තුළින් පිළිබිඹු කරයි. වගකීමක් සහිත ණය දීමේ පිළිවෙත් පවත්වා ගනිමින්, තැන්පත්කරුවන්ගේ විශ්වාසය රැකගනිමින්, දිගුකාලීන පාරිභෝගික සුබසිද්ධිය කෙරෙහි අවධානය යොමු කරමින්, LOLC ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසය තැබිය හැකි මූල්‍ය ආයතනයක් ලෙස සිය කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කර තිබේ. 
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් LOLC ෆිනෑන්ස් පීඑල්සී විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනතා ආදරය දිනූ මූල්‍ය සහ ලීසිං සන්නාමය ලෙස පිළිගැනීම අප ලද ගෞරවයක් මෙන්ම හෘදයාංගම වගකීමක් වේ. එය ගනුදෙනුකරුවන් තම මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පමණක් නොව වෙනස් වන ආර්ථික වාතාවරණයක් තුළ වගකීමෙන්, විනිවිදභාවයෙන් සහ සැලකිල්ලෙන් යුතුව සහාය වීම පිළිබඳව ඔවුන් අප වෙත තබා ඇති විශ්වාසයට සාක්ෂියක්ද වෙයි. මෙම විශ්වාසය සැමවිටම අපගේ සාර්ථකත්වයේ පදනම වන අතර, අප කරන සෑම කටයුත්තකදීම එය ඉහළ තලයකට ගෙන යාම සඳහා දිරිමත් කරයි. 800,000 කට අධික ගනුදෙනුකරුවන්ට සේවා සලසන ආයතනයක් වශයෙන් පුද්ගලයන්, ව්‍යාපාර සහ ප්‍රජාව සවිබල ගන්වන මූල්‍ය විසඳුම් ලබා දීමට අපි කැප වී සිටිමු. ඉතුරුම් සහ ආයෝජන, ණය නිකුතු, කුඩා හා මධ්‍ය පරිමාණ මූල්‍යකරණ විසඳුම්, විකල්ප මූල්‍ය සේවා සහ ඩිජිටල් මූල්‍ය පහසුකම් ඇතුළත් අපගේ පුළුල් මූල්‍ය විසඳුම් පෙළ මගින්, ගනුදෙනුකරුවන්ට මූල්‍යමය ගමන් මඟේ සෑම අදියරකදීම සහාය වීම සඳහා අපට හැකියාව ලැබී තිබේ. 
දිවයින පුරා විහිදුණු අපගේ පුළුල් ශාඛා ජාලය සහ ඩිජිටල් වේදිකාවල සහාය ලබා ගනිමින්, සහ වගකීමෙන් යුත් මූල්‍ය සේවයක් ප්‍රවර්ධනය කරන අතරතුර විශ්වාසදායක මූල්‍ය සේවා වෙත ප්‍රවේශය වඩාත් පුළුල් කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරමු. මෙම පිළිගැනීම අර්ථවත් වටිනාකමක් අඛණ්ඩව ලබාදීමට සහ ශ්‍රී ලාංකිකයන්ට ඉදිරි පරම්පරා ගණනාවක් ඔස්සේ විශ්වාසය තැබිය හැකි මූල්‍ය සහකරුවකු ලෙස රැඳී සිටීමට අපේ අධිෂ්ඨානය ශක්තිමත් කරයි.”