JXG හි ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන Janashakthi Life සමාගම, Great Place To Work™ Sri Lanka විසින් 2026 වසර සඳහා තෝරාගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 50 අතරට නම් කර තිබේ. මෙම ලැයිස්තුවට මහා පරිමාණ සමාගම් 17ක්, මධ්‍යම පරිමාණ සමාගම් 13 ක්, කුඩා පරිමාණ සමාගම් 10 ක් සහ ඉතා කුඩා පරිමාණ සමාගම් 10 ක් ඇතුළත් වන අතර, සේවකයන් 251 ත් 500 ත් අතර සංඛ්‍යාවක් සිටින සමාගම් ඇතුළත් මධ්‍යම පරිමාණ කාණ්ඩය යටතේ Janashakthi Life සමාගමට මෙම ඇගයුම හිමි විය.
Janashakthi Life සමාගම වෙත හිමි වූ මෙම ඇගයීම, එහි ශක්තිමත් ආයතනික සංස්කෘතිය, සහ නායකත්වය මෙන්ම කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට නිසි ගෞරවය, සහයෝගය සහ බලගැන්වීම හිමිවන සේවා පරිසරයක් පවත්වාගෙන යාම සඳහා සමාගම අඛණ්ඩව ලබා දෙන ප්‍රමුඛත්වය මැනැවින් පිළිබිඹු කරන ජයග්‍රහණයකි. එමෙන්ම කාර්ය මණ්ඩලය තුළ පවතින සුහදත්වය, ආයතනය තමන්ගේම තැනක් ලෙස ඔවුන්ට හැඟී යාම, සමාගම කෙරෙහි ඔවුන් දක්වන ළැදියාව මෙන්ම සියලුම දෙනාට තෘප්තිමත් විය හැකි සේවා පරිසරයක් පැවතීම මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.
මෙම ඇගයීම සඳහා පදනම් වී ඇත්තේ Great Place To Work™ හි ‘Trust Index™ Employee Experience Survey’නමින් හැඳින්වෙන සමීක්ෂණය සහ Culture Audit™’නම් ඇගයීමයි. Trust Index™ සමීක්ෂණයෙන් කාර්ය මණ්ඩලය තුළ පවතින විශ්වාසය, ආයතනය පිළිබඳ ආඩම්බර වීමේ හැකියාව සහ රාජකාරිමය සම්බන්ධතා පිළිබඳ අත්දැකීම් සමීක්ෂණයට ලක්වන අතර, Culture Audit™ මගින් ආයතනයේ මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේද ඇගයීමට ලක් කරයි. මෙහිදී ලබා දෙන සමස්ත ලකුණු ප්‍රමාණයෙන් සියයට 75 ක් Trust Index™ මගින්ද ඉතිරි සියයට 25 Culture Audit™ මගින්ද තීරණය කෙරේ. මීට පෙර 2025 වසරේදී ද Janashakthi Life සමාගම Great Place To Work™ Certified™ තත්වය හිමිකරගත් අතර සියයට 88 ක Employee Trust Index™ ලකුණු ප්‍රතිශතයක් වාර්තා කිරීමට සමත් විය. මේ සියල්ල Janashakthi Life සමාගමේ කාර්ය මණ්ඩලයේ අත්දැකීම් සහ රැකියා ස්ථානයේ භාවිත වන ක්‍රමවේදවල ප්‍රමිතිය නොවෙනස්ව පවතින බවට සාක්ෂි දරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Janashakthi Insurance PLC හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය. “ ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 50 අතරට එක්වීම මෙන්ම, අපගේ කාර්ය මණ්ඩලය අතර පවතින සුහදත්වය සහ ආයතනය තුළදී ඔවුන්ට දැනෙන තෘප්තිමත් හැඟීම, අපගේ ආයතනික සංස්කෘතියේ ශක්තිය සහ එයට පදනම් වන දැක්ම මැනැවින් පිළිබිඹු කරනවා. අපගේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රතිචාර අනුව ලැබුණු මෙම පිළිගැනීම, අපගේ සේවා ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, අප සැවොම අනුගමනය කරන වටිනාකම් තවදුරටත් තහවුරු කිරීමටත් විශාල දිරිගැන්වීමක් වේවි. ගෞරවය, සහයෝගීත්වය සහ අවංකභාවය යන අපගේ මූලික වටිනාකම් Great Place To Work™ හි දර්ශක තුළද පැහැදිලිව පිළිබිඹු වන අතර, කාර්යසාධනය මූලික කරගත් ප්‍රවේශය සහ නවෝත්පාදනය වැළඳ ගැනීමද අපගේ සංස්කෘතියේ අනිවාර්ය අංග බවට පත් වී තිබෙනවා. තමන්ට සෑමවිටම සාධාරණ හා සමාන අවස්ථා හිමිවන බවත්, තමන්ට අවශ්‍ය මගපෙන්වීම හා සහාය නොඅඩුව ලැබෙන බවත් අපගේ කාර්ය මණ්ඩලය විශ්වාස කිරීම අපට මහත් සතුටක්.”
Janashakthi Life දීර්ඝ කාලයක් තිස්සේ තම කාර්ය මණ්ඩලයේ සුබසාධනයට මුල්තැන දෙන සේවායෝජකයකු ලෙස පිළිගැනීමට ලක්ව ඇති අතර, ඉහළ කාර්යසාධනය සහ නවෝත්පාදනය සඳහා ද ආයතනය තුළ ප්‍රමුඛත්වය හිමි වේ. එහි මානව සම්පත් ක්‍රමවේද සැලසුම් කර ඇත්තේ, සමාගමේ වටිනාකම් ප්‍රායෝගික යථාර්ථය බවට පත් කරන අතරම, කාර්ය මණ්ඩලයේ අපේක්ෂා සම්බන්ධයෙන් සිදුවන වෙනස්කම්වලට අනුගත වන පරිද්දෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd