

සිය සන්නාමයේ දේශීය ගමන සනිටුහන් කරමින් Xiaomi Sri Lanka සමාගමේ නවතම Xiaomi 17T ස්මාර්ට් ජංගම දුරකතනය වෙළෙඳපොළට හඳුන්වා දීම සහ Abans දායකත්වයෙන් One Galle Face Mall හි පහළ මාලයේදී නවතම Xiaomi ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම පසුගියදා සිදුවිය.
මෙරට තුළ සිය සන්නාමයේ වර්ධනය සහ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට වඩාත් දියුණු තාක්ෂණය මෙන්ම අන්තර්ජාලය හරහා සම්බන්ධ කළ හැකි උපාංග සහ විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් Xiaomi සිදු කරන කැපවීම මේ තුළින් මනාව පිළිඹිබු වේ.
“Step into a smarter world with Xiaomi” තේමාව යටතේ පැවති මෙම සුවිශේෂී උත්සවය සඳහා මාධ්‍යවේදීන්, ව්‍යාපාරික හවුල්කරුවන්, තාක්ෂණ ලෝලීන් සහ පාරිභෝගිකයෝ රැසක් එක්ව සිටියහ. එදින One Galle Face Mall හිදී විවෘත කරනු ලැබූ නව ප්‍රදර්ශනාගාරයෙන් පාරිභෝගිකයන්ට Xiaomi ස්මාර්ට් ජංගම දුරකතන, smart home නිෂ්පාදන, එදිනෙදා තාක්ෂණය සහ සම්බන්ධතා උපාංග පිළිබඳ අත්දැකීමක් ලබා දීමට අපේක්ෂා කරනු ලබයි. Abans සතු සුවිසල් අලෙවි ජාලය හා විශිෂ්ට පාරිභෝගික සේවය ඊට ඉමහත් ශක්තියක් එක් කරනු ඇත.
සුපැහැදිලි ඡායාරූප, කාර්යක්ෂමතාව සහ දවස පුරා විශ්වාසයෙන් යුතුව භාවිත කළ හැකි හොඳම ස්මාර්ට් ජංගම දුරකතනයක් සොයන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති මෙම නවතම Xiaomi 17T, “The Telephoto Master,” ලෙසද හඳුන්වනු ලබයි. ඒ එහි ඇති 50MP Leica ප්‍රධාන කැමරාව, 50MP Leica 5x periscope ටෙලිෆොටෝ කැමරාව සහ 12MP ultra-wide කැමරාව නිසාය. මීට අමතරව එහි ඇති 120x AI Ultra Zoom, Leica Live Moment සහ Leica Summilux optical lens වැනි සුවිශේෂී තාක්ෂණය නිසා මිනිසුන්ගේ මුහුණු, පරිසර සුන්දරත්වය සහ විශේෂ ගමන් බිමන්වල මතකය ඉතා පැහැදිලිව සහ නිර්මාණශීලීව ඡායාරූපගත කිරීමට හැකියාව උදා කර දෙනු ඇත.
Xiaomi 17T සතු MediaTek Dimensity 8500-Ultra ප්‍රොසෙසරය හේතුවෙන් එකවර වැඩ කිහිපයක් කිරීම, ක්‍රීඩා කිරීම (gaming) සහ වීඩියෝ නිර්මාණය කිරීම ඉතා පහසුවෙන් සහ වේගයෙන් කළ හැකිය. මෙහි ඇති අඟල් 6.59 ක 1.5K 120Hz ඇස්වලට ආරක්ෂාව සලසන තිරය දෑස්වලට වෙහෙසක් නොමැතිව ඉතා පැහැදිලි දර්ශන නැරඹීමේ හැකියාව උදා කරන අතරම 6500mAh විශාල බැටරිය සහ 67W වේගවත් චාජරය හේතුවෙන් දවස පුරා එක දිගට දුරකථනය භාවිත කිරීමටද හැකියාව උදා වේ.
මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් Xiaomi Sri Lanka හි ශ්‍රී ලංකා ප්‍රධානී, Kain Wang මහතා මෙසේ පැවසීය. “ජූනි 17 වැනිදා ශ්‍රී ලංකාවේ Xiaomi අපට ඉතා වැදගත් දිනයක්. එදින අපි වැදගත් සන්ධිස්ථාන දෙකක් සනිටුහන් කිරීමට සමත් වුණා. ඒ Xiaomi 17T දුරකථනය හඳුන්වා දීම සහ One Galle Face Mall හි Abans අනුග්‍රහයෙන් අපගේ නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමයි. ශ්‍රී ලංකාව තුළ Xiaomi සන්නාමයේ ශක්තිමත් ගමන සහ දේශීය පාරිභෝගිකයන්ට නවීන තාක්ෂණය, ඉහළ කාර්යසාධනය සහ වඩාත් සුවපහසු ජීවිතයක් උරුම කර දීමට අප තුළ ඇති අඛණ්ඩ කැපවීම මේ තුළින් මනාව ප්‍රදර්ශනය වෙනවා.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd