කෙට්ටුවන ටොෆිය ජාත්‍යන්තරයට හඳුන්වා දුන් අලව්ව වෙදගෙදර නිෂ්පාදන ආයතනය අද වන විට ශ්‍රී ලාංකිකයන් අතර විශ්වාසය දිනාගත් නාමයක් බවට පත්ව ඇත. එම ආයතනයේ 10 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සැමරීම විශේෂ අවස්ථාවක් බවට පත්වුණි.
මෙම සුවිශේෂී අවස්ථාව නිමිත්තෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් නිකුත් කිරීමද සිදු කෙරුණි. එය ආයතනයේ වසර 10ක සාර්ථක ගමනට ලැබුණු ගෞරවනීය ඇගයීමක් ලෙස සැලකේ.
ඊට සමගාමීව, අලව්ව වෙදගෙදර නිෂ්පාදන ආයතනය පාරිභෝගිකයන්ට හඳුන්වාදෙන නව නිෂ්පාදන කිහිපයක්ද එළි දැක්විණි. සෞඛ්‍ය හා ගුණාත්මකභාවය ප්‍රමුඛ කරගත් මෙම නව නිෂ්පාදන, වෙළෙඳපොළට නව අත්දැකීමක් එක් කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.
මෙම අභිමානවත් උත්සවයට බන්ධනාගාර කොමසාරිස් ප්‍රසාද් හේමන්ත කුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ අතර, කලා ලොවේ ප්‍රසිද්ධ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයද මෙම අවස්ථාව වඩාත් වර්ණවත් කළේය.
වසර 10ක සාර්ථකත්වය සමග ඉදිරියටත් නව්‍යත්වය, ගුණාත්මකභාවය සහ පාරිභෝගික විශ්වාසය රැකගනිමින් අලව්ව වෙදගෙදර නිෂ්පාදන ආයතනය තවත් ඉදිරියට ගමන් කරනු ඇති බවට විශ්වාස කෙරේ.