
Big Moves, Big Impact යන්න තේමා කර ගනිමින් Softlogic Life Insurance PLC සංවිධානය කරනු ලැබූ 2026 ආයෝජක සමුලුව පසුගියදා කොළඹදී පැවැත්විණ. එහිදී සිය උපාය මාර්ගික වර්ධනය හා ශක්තිමත් ව්‍යාපාරික සැලසුම ආයෝජක ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමටද ඔවුන් කටයුතු කර තිබිණ. Softlogic Life Insurance හි මනා ක්‍රියාකාරීත්වය හා විවිධාංගීකරණය වූ බෙදාහැරීම් ජාලය හරහා ස්ථාවර කාර්ය සාධනයක් ප්‍රදර්ශනය කිරීමටද හැකි වී තිබේ.
මෙම සමුළුවේදී Softlogic Life විසින් වගකිවයුතු පාලනය, දිගුකාලීන වටිනාකම් නිර්මාණය සහ මූල්‍යමය ආරක්ෂාව සැමටම ලබාදෙන පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් සහ තිරසාරභාවය වෙනුවෙන් වන කැපවීම අවධාරණය කරන ලදී. එමෙන්ම, සමාගමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව, ව්‍යාපාරික වර්ධනය සහ පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම සඳහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම්, දත්ත විශ්ලේෂණය සහ ඩිජිටල් තාක්ෂණය දියුණු කිරීම උදෙසා ඔවුන්ගේ අඛණ්ඩ ආයෝජන පිළිබඳවද මෙම සමුළුවේදී කරුණු ඉදිරිපත් කෙරිණ.
2025 වසරේදී රුපියල් බිලියන 40 ඉක්මවූ දළ ලිඛිත වාරිකයකට (GWP) හිමිකම් කියූ Softlogic Life ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වාර්තා වූ ඉහළම වර්ධනය තමන් සතු කර ගැනීමට සමත් විය. එමෙන්ම 2026 වසරේ පළමු කාර්තුව තුළ පමණක් රුපියල් බිලියන 12.3ක දළ ලිඛිත වාරිකයක් (GWP) උපයමින්, ඔවුන් පසුගිය වසරට සාපේක්ෂව සියයට 37ක වාර්ෂික වර්ධනයක් සමගින් වසර ආරම්භ කිරීමද විශේෂත්වයකි. දැනට ඔවුන් සතු වෙළෙඳපොළ කොටස සියයට 19.3 ක් වන අතර 2026 මාර්තු 31 වන විට සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 76ක් දක්වා ඉහළ ගොස් ඇත. සමාගමේ වාර්ෂික වාර්තාවටද පාදක වී ඇති Big Moves, Big Impact තේමාව හුදු බලාපොරොත්තුවක් පමණක් නොවන අතර, එය දැනටමත් අත්කරගෙන ඇති සාර්ථකත්වය සහ ඉදිරියට ගොඩනැගීමට නියමිත දේ පිළිබඳ කදිම පණිවිඩයක් ලෙසද පෙන්වා දිය හැකිය.
මෙම සමුළුවේදී විශේෂ අදහස් දැක්වීම් සඳහා Softlogic Life කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ්, එහි ප්‍රධාන මූල්‍ය නිලධාරී නුවන් විතානගේ, ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු සහ Orthogeriatric and Peripoerative care විශේෂඥ වෛද්‍ය සිතිර සෙනෙවිරත්න යන මහත්වරු සහභාගී වූහ. ජනගහන වෙනස්වීම්, ඉහළ යන වෛද්‍ය ගාස්තු, ජීවන රටාවේ වෙනස්කම් සහ ලාංකිකයන් මුහුණ දෙන අවදානම හා ඔවුන් සතු රක්ෂණ ආරක්ෂාව අතර පවතින පරතරය හේතුවෙන් ලංකාවේ සෞඛ්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍රය වෙනස් වන ආකාරය පිළිබඳව ඔවුහු මෙහිදී සාකච්ඡා කළහ. එමෙන්ම ලෝකයේ සහ ආසියාවේ රක්ෂණ ප්‍රවණතා, රාජ්‍ය ප්‍රතිපත්ති, රෝග වැළැක්වීමේ සෞඛ්‍ය ක්‍රම සහ ජනගහනය වයස්ගත වීම නිසා ඇතිවන මූල්‍ය බලපෑම පිළිබඳවද දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.
දකුණු ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ජනගහනය වේගයෙන් වයස්ගත වෙමින් පවතී. දැනටමත් සෑම ලාංකිකයන් හතරදෙනකුගෙන් එක් අයකුගේ වයස අවුරුදු 60 ට වැඩි අතර, 2050 වන විට එම ප්‍රතිශතය දෙගුණයකින් පමණ වැඩිවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. දැනට රට තුළ සිදුවන මරණවලින් සියයට 83කටම හේතුව වන්නේ බෝ නොවන රෝගය එමෙන්ම, සාමාන්‍ය උද්ධමනයට වඩා වැඩි වේගයකින් වෛද්‍ය වියදම් දිගින් දිගටම ඉහළ යමින් තිබේ. මෙවන් පසුබිමක් තුළ වුවද, ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව ලංකාවේ රක්ෂණ භාවිතය පවතින්නේ ඉතාමත් අඩු මට්ටමක වීම අවධානය යොමු කළ යුතු කරුණකි.
Allianz Life Insurance Lanka සමාගම මිලදී ගැනීම සහ Norfund හා OP Finnfund වෙතින් ඩොලර් මිලියන 15ක ආයෝජන හිමිවීමෙන් Softlogic Life සමාගමේ මූල්‍ය ශක්තිය තවදුරටත් ශක්තිමත් වනු නිසැකය. වෙළෙඳපොළේ ස්ථාවර සහ කැපවීමෙන් යුත් සේවාවක අවශ්‍යතාව තදින්ම පවතින මෙවැනි වටපිටාවක, මෙම සන්ධිස්ථාන මගින් සමාගමේ පරිමාණය, ප්‍රාග්ධන පදනම සහ ජාත්‍යන්තර විශ්වාසනීයත්වය ඉහළ නංවා ගැනීමටද හැකිව තිබේ.
මෙහිදී අදහස් දැක්වූ Softlogic Life හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා මෙසේ සඳහන් කර සිටියේය. “අපි දැන් මුහුණ දෙමින් සිටින්නේ Silver Tsunami ලෙස බොහෝ දෙනා හඳුන්වන තත්වයකටයි. එනම්, ශ්‍රී ලංකාවේ ජනගහනය වේගයෙන් වයස්ගත වන ආකාරය, මිනිසුන් සෞඛ්‍යය අත්දකින ආකාරය සහ රක්ෂණ ආරක්ෂාව කෙබඳු විය යුතුද යන්න සම්පූර්ණයෙන්ම වෙනස් වෙමින් පවතිනවා. මිනිසුන් දිගු කලක් ජීවත් වන අතර, වෛද්‍ය වියදම්ද දිගින් දිගටම ඉහළ යමින් පවතිනවා. මෙම ගැටලු පිළිබඳව ගැඹුරු ජාතික කතිකාවතක් ඇති කිරීමට අපගේ ආයෝජක සමුළුව අපට අවස්ථාව ලබා දුන්නා. අපගේ කැපවීම වන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ පරිණාමයට පෙරමුණ ගැනීමයි.”
මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ Softlogic Life හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ඉන්දු ආටිගල මහතා මෙසේ පැවසීය. Softlogic Life හි ‘Health for Life’ සෞඛ්‍ය රක්ෂණාවරණය, සාමාන්‍ය රක්ෂණ ක්‍රම කල් ඉකුත් වන අවස්ථාවලදී පවා අඛණ්ඩ ආරක්ෂාව සපයමින් වයස්ගත වන ශ්‍රී ලාංකික ජනගහනය සඳහා දිගුකාලීන විසඳුමක් ලබා දෙනවා. අවුරුදු 60 ට වැඩි ජනගහනය ඉහළ යාම මත පදනම්ව, මෙය කල් ඉකුත් නොවන ආරක්ෂාවක් සහිත විශ්වාසනීය සෞඛ්‍ය ආවරණයක් සහතික කරනවා.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd