
හැඳින්වීම
පසුගිය සතියේ ෆ්‍රැන්ක්ෆර්ට්හිදී මගේ මිණිබිරිය මාගෙන් මෙසේ ඇසුවාය. ‘‘සීයා, ඇයි මෙහේ පොලිසියක් නැතුවත් පාරවල් මේ තරම් පිරිසුදු?” ශ්‍රී ලංකාව වෙනුවෙන් දීමට සුදුසු පිළිතුරක් මා සතු නොවීය. අපටත් තිබෙන්නේ එම නීතිමය රාමුව සහ එම විභවයමය. එහෙත් ප්‍රතිඵලය වෙනස්ය. මෙයට පිළිතුර රජයේ තවත් වැඩසටහන් හෝ සමාගම් මගින් සිදු කරන තවත් ආයතනික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘති නොවේ.
මහා පරිමාණ සමාගම් සහ වෘත්තීය ක්ෂේත්‍ර අතර ප්‍රසිද්ධ වචනයක් වූ ආයතනික සමාජ වගකීම (CSR) දැන් මධ්‍යම හා සුළු පරිමාණ සමාගම් අතර පවා ආයතනික සමාජ වගකීම් ඉටු කිරීමේ ජනප්‍රිය මෙවලමක් බවට පත්ව ඇත. මෙයින් පෙනී යන්නේ මෙම සංකල්පයේ වැදගත්කම පෙර කවරදාකටත් වඩා අද පිළිගෙන ඇති බවයි. එය හොඳ සලකුණක් වුවද, අපේ සමාජයේ ඇතැම් කොටස් මෙම සංකල්පය නිසි ලෙස වටහාගෙන නොමැති බව මට හැඟේ. එබැවින්, මගේ මෙම ලිවීම පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි මම මෙම සංකල්පය සරල වචනවලින් පැහැදිලි කිරීමට කැමැත්තෙමි. CSR) යනු පොදුවේ ගත් කල, සමාගම් තම ව්‍යාපාරික කටයුතුවලදී සහ සබඳතාවලදී සමාජයේ සහ පරිසරයේ යහපැවැත්ම වෙනුවෙන් සමාජීය හා පාරිසරික කරුණු ඒකාබද්ධ කරන ව්‍යාපාරික ආකෘතියක් ලෙස අර්ථ දැක්විය හැකිය. වෙනත් විදියකින් කිවහොත්, තමන් සපයන සේවා මගින් උපයන ලාබයෙන් කොටසක් සමාජයේ සංවර්ධනය වෙනුවෙන් නැවත ලබා දිය යුතු බව වටහා ගැනීමයි.
ෆ්‍රැන්ක්ෆර්ට්හි මෙම සිදුවීමේදී කරුණු දෙකක් මගේ සිතට තදින්ම වැදුණි. පාරවල් පිරිසුදුය, රියැදුරන් අතිශයින්ම පරෙස්සම් සහගත මෙන්ම ඉවසිලිවන්තය. මිනිසුන් කිසිවකුගේ අණ කිරීමකින් තොරව ඕනෑම සේවාවක් ලබා ගැනීමට තම වාරය එනතුරු රැඳී සිටිති. ශ්‍රී ලාංකිකයන් වැඩිම පිරිසක් විදේශගතව වෙසෙන ඕස්ට්‍රේලියාව වැනි අනෙකුත් බොහෝ රටවල තත්වයද මීට සමානය. කිසිවකු බලා සිටින්නේ නැත. එහෙත් සෑම කෙනෙක්ම මූලික සමාජ සිරිත් විරිත් අනුගමනය කරමින් නීතිවලට අවනත වෙති. අපේ රට වන ශ්‍රී ලංකාවේ ද අපට ඇත්තේ එම නීති රීති සහ එම විභවයමය. එහෙත් ප්‍රතිඵලය වෙනස්ය. මෙයට පිළිතුර රජයේ තවත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හෝ විශාල සමාගම් මගින් තවත් CSR ව්‍යාපෘති කිරීම නොවන බව මට තදින්ම හැඟේ.
පර්‌යේෂකයන් මෙයට පවසන්නේ ”පුද්ගල සමාජ වගකීම” (Individual Social Responsibility - ISR) කියාය. එනම් එදිනෙදා ජීවිතයේදී සදාචාරාත්මකව කටයුතු කිරීම, පරිසරය සුරැකීම සහ ප්‍රජාවේ යහපැවැත්මට දායක වීම සෑම පුරවැසියකුගේම වගකීමකි (Lin, 2010; Paine, 2014). සමාගම් මෙයට CSR යැයි පවසමින් විශාල වාර්තා පළ කර තම ප්‍රතිරූපය නැංවීමට උත්සාහ කරයි. එහෙත් CSR සාර්ථක වන්නේ සේවකයන් සහ පුරවැසියන් ප්‍රථමයෙන් CSR ප්‍රගුණ කළහොත් පමණි (Aguilera et al., 2007; Carroll, 1991). රටකට මේ දෙකම අවශ්‍ය වේ. ”CSR සමාගම් සඳහා වන අතර ISR ඔබ සඳහා වේ.” මම මෙම අදහස එක පේළියකින් ප්‍රකාශ කරන්නේ නම් ”CSR යනු වහලයයි. එහෙත් ISR යනු පදනමයි.” ශක්තිමත් පදනමක් නොමැති විට වහලය කඩා වැටේ.
සමාගමකට හොඳම CSR ප්‍රතිපත්තිය තිබිය හැකිය. එහෙත් සේවකයන් ඒ ගැන තැකීමක් නොකරන්නේ නම්, කිසිවක් වෙනස් නොවේ. ISR සතුව මානයන් හතරක් පවතී. සදාචාරාත්මක, පාරිසරික, පුරවැසි සහ ප්‍රජාමය වගකීමයි.
කෙසේ වෙතත් ISR යථාර්ථයක් බවට පත් කළ ගෝලීය සහ දේශීය සමාගම් කිහිපයක් ඇති බව සඳහන් කළ යුතුය. උදාහරණ දෙකක් දැක්වුවහොත්, ගෝලීය සමාගමක් වන ‘Patagonia’ සහ අපේම ‘MAS’ සමාගම තම සේවකයන්ට ISR හි නිරත වීමට පහසුකම් සලසා දී දිරිගන්වා ඇති සමාගම් දෙකකි. ගෝලීය වශයෙන් සහ දේශීය වශයෙන් මෙවැනි විශාල සමාගම්, බැංකු සහ අනෙකුත් ආයතන ප්‍රමාණයක් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම සාර්ථක සමාගම් ජාතික සංවර්ධනයට දායක වේ.
ISR - CSR - ජාතික සංවර්ධනය අතර සබැඳියාව සහ වත්මන් තත්වය
දැන් ඔබට ISR පිළිබඳ යම් අදහසක් ඇති බැවින්, අපි අප එකිනෙකා ගැන අවංක පරීක්ෂාවක යෙදෙමු. පුරවැසියන් ලෙස අප අපගේ වගකීම් සහ යුතුකම් ඉටු කරනවාද? පුද්ගලිකව සමාජීය වශයෙන් වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා සමාජයට සිදුවන පිරිවැයක් ඇති බව අප වටහාගෙන තිබේද? මම උදාහරණ කිහිපයක් ගන්නම්:
පළමුවෙන්ම, අපගේ මාර්ග විනය දෙස බලන්න. රියැදුරන් ලෙස අප වේග සීමා ඉක්මවා යමින්, වෙරි වීමෙන් පසු රිය පදවමින්, අවිධිමත් ලෙස වාහන නවත්වමින්, අන් අය කෙරෙහි ඉවසීමක් නොමැතිව සහ පදිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් මාර්ග නීති රීති උල්ලංඝණය කරනවා නොවේද? වසරින් වසර මරණ අනුපාතය ඉහළ යාමට හේතු වන තවත් බොහෝ වැරැදි ක්‍රියා අප අතින් සිදු වේ. පොදු ප්‍රවාහනයේ අපගේ විනය ලෝකයේ නරකම තත්වයක පවතී.
ඊළඟට කුණු බැහැර කිරීමයි - එය කෙතරම් අවුල් සහගතද! සමහර කුණු අල්ලපු ගෙදර මායිමෙන් නතර වේ. සමහර ඒවා ප්ලාස්ටික් සහ පොලිතින් ද සමග පුළුස්සා දැමේ. (සමහර පාසල්වල පවා මෙය සිදු වේ), සමහර කුණු බෑග් සුඛෝපභෝගී වාහන ධාවනය වන අතරතුර ඒවායේ ජනේලවලින් පිටතට විසි කරනු ලැබේ. කෑම කොළ, ටොෆි කොළ හැමතැනම විසි කරන බව අමුතුවෙන් කිව යුතු නැත. මෙවැනි ස්වභාවයේ අනෙකුත් ක්‍රියාකාරකම් ගැන සිතීම මම ඔබට භාර කරමි.
එසේම නීතිය සහ සාමය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින පොලිසිය ඇතුළු රජයේ නිලධාරීන් සහ මහජනතාවට විවිධ සේවා සැපයීමේ වගකීම දරන රාජ්‍ය අංශයේ ආයතන පවත්වාගෙන යන අනෙකුත් රාජ්‍ය නිලධාරීන් (ආයතන ප්‍රධානීන් සහ සභාපතිවරුන් ද ඇතුළුව) තම කාර්යය නිසි ලෙස ඉටු නොකිරීම ගැන සිතන්න. මේවා ISR බ්ලැන්කට් ලෙස උල්ලංඝණය කිරීම් වේ.
වඩාත්ම බරපතළ ISR උල්ලංඝණයන් සිදුවන්නේ ගස් කැපීම, වෙරළ ඛාදනයට ඉඩ හැරීම, පස් කැපීම සහ ගංගා ඉවුරුවලට හානි කරමින් වැලි ඉවත් කිරීම වැනි පරිසරය විනාශ කිරීමෙනි. මේ සියලු ක්‍රියාකාරකම් රටේ සංවර්ධනය අඩාළ කරන අතර, විශේෂයෙන්ම රටේ තිරසාර සංවර්ධනයට බලපායි. තිරසාර සංවර්ධනය යනු අනාගත පරපුරට තම අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාවට හානියක් නොකර, වර්තමාන පරපුරේ අවශ්‍යතා සපුරාලන සංවර්ධනයයි.
2026 වසරේදී ISR වැදගත් වීමට සමහර හේතු මේවාය. ISR යනු ආයතනික ප්‍රතිපත්ති සහ සැබෑ බලපෑම අතර ඇති අතුරුදන් වූ සබැඳියයි. සාමාන්‍ය මිනිසා තබා, සමාගමක සිට ඔවුන්ගේ සේවකයන් දක්වා ISR සංස්කෘතියක් නොමැති නම්, එය බිම් මට්ටමේදී අසාර්ථක වේ. 2026 වසරේ ISR හි ප්‍රධාන ගම්‍යතාවන් පැමිණෙන්නේ Gen Z පරම්පරාවෙන්, සේවක ඉල්ලීම්වලින්, අරමුණක් ඇතිව වැඩ කිරීමෙන්, දෙමුහු න් (hybrid) වැඩ අවශ්‍යතාවලින්, ස්වයං-නියාමනයෙන් සහ සේවක හැසිරීම් නිරීක්ෂණය කරන ESG වාර්තාකරණයෙනි. ශ්‍රී ලංකාව වේගයෙන් සංවර්ධනය කිරීමේ මාවතට විශාල අයවැයක් අවශ්‍ය නොවේ. එය හැඳින්වෙන්නේ ‘‘වගකීම” කියාය.
අභියෝගයට මුහුණ දෙන ආකාරය - විසඳුම
සෑම ශ්‍රී ලාංකිකයකුම ”සෑම කෙනකුටම තමාගේම මතයක් දැරීමට නිදහස ඇති බැවින් මම එකිනෙකාට ගරු කරමි” කියා තීරණය කරන්නේ නම්, අපගේ වාරය එනතුරු රැඳී සිටිමින් එකිනෙකාට ආචාරශීලී වන්නේ නම්, මාර්ග නීතිවලට අනුව වාහන පදවන්නේ නම්, ඉවසිලිවන්තව මූලික සමාජ සදාචාරය අනුගමනය කරන්නේ නම්, එම ගැටලු විසඳීමට අපට ව්‍යාපෘති 10ක් අවශ්‍ය නොවනු ඇත. ISR යනු දේශපාලනය ගැන නොවේ. එය පුද්ගලික උපාය මාර්ගයකි. තවද එය ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේ වේගවත්ම උපාය මාර්ගය විය හැකිය.
පළමුවෙන්ම, සෑම ශ්‍රී ලාංකිකයකුම අපට ප්‍රශ්නයක් ඇති බව වටහාගෙන පිළිගත යුතුය. මන්ද ප්‍රශ්නයක් නොමැතිව විසඳුමක් කිසිවිටෙකත් මතු නොවන බැවිනි. පසුව, අප සැමගේ මානසිකත්වය වෙනස් කර ජපානයේ ‘‘කයිසන්” (Kaizen) සංකල්පය මෙන් පියවරෙන් පියවර යහපත් පුරුදු පුහුණු කිරීම ආරම්භ කළ යුතුය. ජපානය සෙමින් හා ස්ථාවරව සංවර්ධනය කිරීමට ඔවුන් මෙම පුරුදු යොදාගත් ආකාරය (‘‘සුඩොකු”, ‘‘5S” ආදිය) අපගේ ජපන් මිතුරන්ගෙන් අපට බොහෝ දේ ඉගෙන ගත හැකි යැයි මම සිතමි. ඔවුන් එය හඳුන්වන්නේ ‘‘කුඩා පුරුදු, විශාල ප්‍රතිඵල” ලෙසයි.
ශ්‍රී ලංකාවේ අපට කළ හැකි සරල දේවල්
මාධ්‍ය සහ පාසල් විසින් මෙම ලිපියේ ප්‍රකාශිත අදහස් ප්‍රවර්ධනය කළ යුතු අතර ප්‍රසිද්ධ කළ යුතුය. මන්ද ඔවුන් වගකිවයුතු කණ්ඩායම්වල ප්‍රධාන කොටස්කරුවන් වන බැවිනි. ශ්‍රී ලංකාව වෙනස් කිරීමට ඔබට අමාත්‍යාංශයක් හෝ රුපියල් මිලියන ගණනක් අවශ්‍ය නොවේ. හෙට උදෑසන සිට ඔබටම පොරොන්දු 5ක් පමණක් අවශ්‍ය වේ.
1. වීදියට දෙන පොරොන්දුව: ‘‘මම කුණු බිම නොදමමි” කුණු කූඩයක් හමුවන තුරු ඔබේ බෝතලය, කොළය හෝ බුලත් කෙළ රඳවා ගන්න. කුණු කූඩයක් නොමැති නම්, එය ඔබේ බෑගයේ තබා ගන්න. ෆ්‍රැන්ක්ෆර්ට් පිරිසුදුව පවතින්නේ මිලියන 8ක ජනතාවක් මෙම එක පොරොන්දුව ඉටු කරන බැවිනි. කොළඹටත් එය කළ හැකිය. පිරිසුදු වීදිය = අඩු ඩෙංගු + වැඩි සංචාරකයන් + අභිමානය.
2. රටට දෙන පොරොන්දුව: ‘‘මම මගේ සම්පූර්ණ බදු ගෙවන්නෙමි” එය ආදායම් බදු, වැට් බදු හෝ බස් ගාස්තු වේවා - ‘‘අඩුවෙන් ගන්න” යැයි ඉල්ලා නොසිටින්න. ඔබ සඟවන සෑම රුපියලක්ම පාසලකින්, රෝහලකින් හෝ පාරකින් උදුරා ගන්නා රුපියලකි. රජයේ බලධාරීන් විසින් නිසි ලෙස හා කාර්යක්ෂමව කළමනාකරණය කරන බදු = ශක්තිමත් ශ්‍රී ලංකාවක්.
3. අන් අයට දෙන පොරොන්දුව: ‘‘මම පෝලිමට ගරු කරමි” බස් රථයේ, බැංකුවේ, සුපිරි වෙළෙඳසලේ හෝ කඩ සාප්පුවේ - පෙරළා තල්ලු කිරීම් නැත. ‘‘අයියේ මට හදිසියි” කීමක් නැත. පෝලිම යනු ක්‍රියාවෙන් දැක්වෙන ප්‍රජාතන්ත්‍රවාදයයි. ෆ්‍රැන්ක්ෆර්ට්හි දරුවකුට බලා සිටිය හැකි නම්, අපටත් හැකිය. සැබෑ පෝලිම = විශ්වාසය.
4. අනාගතයට දෙන පොරොන්දුව: ‘‘මම ජලය සහ විදුලිය ඉතිරි කරමි” ඔබ කාමරයෙන් පිටවන විට විදුලි බුබුළු නිවා දමන්න. දත් මදින විට කරාමය හැර තබන්න එපා. අප සැවොම නාස්ති කරන්නේ නම් විදුලි බල මණ්ඩලයට විදුලි කප්පාදුව නැවැත්විය නොහැක. සුරැකීම = ඔබේම පවුලට අඩු විදුලි බිඳවැටීම්.
5. එක් පුද්ගලයකුට දෙන පොරොන්දුව: ‘‘මම මේ සතියේ එක් පුද්ගලයකුට උගන්වමි/ උදව් කරමි.” ඔබේ අසල්වැසියාගේ දරුවාට එක ගණිත ගැටලුවක් කියා දෙන්න. කාර්යාලයේ සේවකයාට ප්‍රතිචක්‍රීකරණය කරන්නේ කෙසේදැයි පෙන්වා දෙන්න. වැඩිහිටියකුට පාර පැනීමට උදව් කරන්න. ISR යන්නෙන් අදහස් කරන්නේ ‘‘මම මා හැර වෙනත් අයකු වෙනුවෙන්ද වගකිව යුතුය” යන්නයි.
මේ කිසිවකට නීතියක් අවශ්‍ය නොවන නමුත් මේ සියල්ලටම ඔබව අවශ්‍ය වේ. CSR යනු සමාගම් මුදලින් කරන දෙයකි, ISR යනු ඔබ ඔබේ චරිතයෙන් කරන දෙයකි.
අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටක් සංවර්ධිත රටක් සමග සැසඳීම තාර්කික සහ ප්‍රායෝගික නොවන බව කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් යම් කාල සීමාවක් ගත විය හැකි මෙම ක්‍රියාවලිය අපට ආරම්භ කළ හැක්කේ කෙසේදැයි මම මෙම ලිපියෙන් පෙන්වා දී ඇත්තෙමි. මෙම ලිපිය සෑම පුරවැසියකුටම, සෑම සංවිධානයකටම සහ රජයටම පණිවිඩ ලබා දෙන බව ද අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. අපි සැවොම එකතු වී ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් බවට පත් කරමු. එය කළ හැක්කේ ඔබටම පමණි. ඔබ විසින් ඉටු කළ යුතු පොරොන්දු 5 මතක තබා ගන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd