Mahindra Ideal Finance (MIFL) හි 38 වැනි ශාඛාව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, Mahindra Ideal Finance හි සභාපති තිලාන් විජේසිංහ සහ Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොහුවලදී විවෘත කෙරිණි.
MIFL හි ප්‍රධානතම ශාඛාවක් ලෙස විවෘත කෙරුණු මෙම කොහුවල නව ශාඛාවෙන් වාහන ලීසිං, වාහන ණය, කෙටි කාලීන සහ ව්‍යාපාරික ණය මෙන්ම ස්ථාවර තැන්පතු ඇතුළු මූල්‍ය සේවා රැසක් සපයනු ලබයි. කොළඹ වැනි කාර්යබහුල වාණිජ කලාපයක මෙම ශාඛාව විවෘත කිරීමෙන් එම ප්‍රදේශයේ වාහන අලෙවිකරුවන්ට, ආනයනකරුවන්ට මෙන්ම සාමාන්‍ය පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට ඉතා පහසුවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
MIFL මේ වන විට දීප ව්‍යාප්තව ශාඛා 38ක සිය මෙහෙයුම් පවත්වා ගෙන යන අතර මෙමගින් පාරිභෝගිකයන්ට නීත්‍යානුකූල මූල්‍ය සේවා ඉතා පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව සලසා දී ඇත.
කොහුවල නව ශාඛාව විවෘත කිරීමේ උත්සවය අමතමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසුවේ, MIFL හි මෙම පුළුල් කිරීමෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආයෝජන සබඳතාවල ශක්තිමත්භාවය සහ එහි අඛණ්ඩ වර්ධනය මනාව පෙන්නුම් කරන බවයි. “Mahindra Ideal Finance වැනි ආයතනවල වර්ධනය ඉන්දු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවල සැබෑ ප්‍රගතිය පෙන්නුම් කරන කදිම සාක්ෂියක්. මෙය ශ්‍රී ලංකාව පුරා සිටින විවිධ ප්‍රජාව වෙත වඩාත් පහසු මූල්‍ය ප්‍රවේශයක් සමීප කිරීම පිළිබඳව දෙරටටම එකසේ ආඩම්බර විය හැකි අවස්ථාවක්.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.