ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ හාන්ස් විජේසූරිය මහතා එම ධුරයෙන් ඉවත් වී ඇතැයි එම සමාගම පවසයි. 
ඒ අනුව ජූනි 27 වැනිදා සිට බලාත්මක වන පරිදි විජේසූරිය මහතා එම ධුරයෙන් ඉවත් වී තිබේ. විජේසූරිය මහතා 2016 ඔක්තෝබර් මාසයේදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත් කෙරුණු අතර, ඒ මහතා වසර නවයක කාලයක් එම ධුරය සම්පූර්ණ කිරීමෙන් පසුව, කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගතවීමේ රිති අනුව මෙලෙස ධුරයෙන් ඉවත්ව තිබේ. 
එම ඉවත්වීම සිදුවන විට ඒ මහතා සතුව සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම පවසයි.