DIMO Agri Machinery විසින් LOVOL හාවස්ටර් පංච මහා නිධානය දිනුම් ඇදීමේ දෙවැනි අදියර පසුගියදා සාර්ථකව අවසන් කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රජාවට වටිනාකමක් එක් කරන පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන් සඳහා DIMO හි අඛණ්ඩ කැපවීම මේ හරහා යළිත් තහවුරු විය.
මෙම වැඩසටහන යටතේ ප්‍රවර්ධන කාලසීමාව තුළ LOVOL හාවස්ටර් මිලදී ගත් වාසනාවන්ත පාරිභෝගිකයන් පස් දෙනකුට DIMO Batta සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනමන ලදී. මේ සඳහා සුදුසුකම් ලැබූ කාලසීමාව 2025 ඔක්තෝබර් 1 සිට 2026 මාර්තු 31 දක්වා (මහ කන්නය) විය. මෙම දිනුම් ඇදීම 2026 මැයි මස 25 වැනිදා පැවැත්වුණු අතර, වාහන භාරදීම ජූනි මස 2, 3, 4 සහ 5 දිනවලදී එම DIMO Batta ජයග්‍රහණය කළ පාරිභෝගිකයන්ගේ නිවෙස් වෙතම ගොස් සිදු කෙරිණි.
පසුගිය වැඩසටහනේ සාර්ථකත්වය මත පදනම්ව, LOVOL හාවස්ටර් පංච මහා නිධානය, ලංකාවේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ කර්මාන්තයේ මෙතෙක් ක්‍රියාත්මක කර ඇති වටිනාකමෙන් ඉහළම සහ විශාලතම පාරිභෝගික ප්‍රතිලාභ වැඩසටහන් අතරින් එකක් ලෙස අඛණ්ඩව කටයුතු කරයි. DIMO හි දිවයින පුරා පැතිරුණු අලෙවි, සේවා සහ අමතර කොටස් ජාලයේ ශක්තිමත් සහාය සමග LOVOL Harvesters ලංකාව පුරා ගොවීන්ට විශ්වාසනීය කාර්ය සාධනයක් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවක් ලබා දෙයි. මෙම සන්නාමය වෙත කෘෂිකාර්මික ප්‍රජාව දක්වන වැඩිවන විශ්වාසය, DIMO Agri Machinery හි විශ්වාසනීයත්වය, පාරිභෝගික සහාය සහ දේශීය ගොවිතැන් අවශ්‍යතාවලට ගැළපෙන ලෝක මට්ටමේ යන්ත්‍රෝපකරණ විසඳුම් සැපයීම පිළිබඳ අඛණ්ඩ කැපවීමේ ප්‍රතිඵලයකි.
මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. “DIMO හි අපි ලංකාවේ කෘෂිකාර්මික ප්‍රජාවට දිගුකාලීන වටිනාකමක් ඇති කරන විශ්වාසනීය හා නව්‍ය යන්ත්‍රෝපකරණ විසඳුම් ලබාදීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරනවා. LOVOL හාවස්ටර් පංච මහා නිධානය වැඩසටහන, විශ්වාසනීයත්වය, උසස් සේවා ප්‍රමිතිය සහ පාරිභෝගික තෘප්තිය සඳහා අපගේ කැපවීම තවදුරටත් තහවුරු කරයි.
ඵලදායීතාව ඉහළ නැංවීමට සහ මෙහෙයුම් කාර්ය සාධනය උපරිම කිරීමට විශ්වාසනීය යන්ත්‍රෝපකරණ විසඳුම් සොයන ගොවීන් සහ කෘෂිකාර්මික ව්‍යවසායකයන් අතර LOVOL Harvesters සඳහා ඇති ඉල්ලු‍ම දිනෙන් දින ඉහළ යමින් පවතී. එයට හේතුව එහි කල්පැවැත්ම, කාර්යක්ෂමතාව, නවීන තාක්ෂණය සහ ශක්තිමත් අලෙවියෙන් පසු සේවාව පිළිබඳ ගොඩනැගී ඇති විශ්වාසයයි. විනිවිදභාවය සහ විශ්වාසනීයත්වය සහතික කිරීම සඳහා නිල අධීක්ෂණය යටතේ පැවැත්වුණු LOVOL හාවස්ටර් පංච මහා නිධානය දිනුම් ඇදීමෙන් DIMO Batta දිනාගත් වාසනාවන්ත පාරිභෝගිකයන් පස් දෙනා ලෙස තේරී පත්වූයේ, පොතුහැර පදිංචි පී. නයන ප්‍රදීප් හදුගල, එප්පාවල පදිංචි ඩී.සී. බන්දුල ප්‍රියන්ත කුමාර දිසානායක, බිබිල පදිංචි ආර්.එම්. රොෂාන් පුෂ්පකුමාර, බුත්තල පදිංචි යූ.ඒ. රසාන්ග නන්ද කුමාර සහ ගෝමරන්කඩවල පදිංචි එච්.එම්. මාලක මිහිර බණ්ඩාර යන මහත්වරුය. මෙම වාසනාවන්ත පාරිභෝගිකයන් පස් දෙනා බිහිකර තිබුණේ කේ.එන්. මල්ටි සෙන්ටර් - නොච්චියාගම හා තඹුත්තේගම, ස්ටයිලෝ හෝල්ඩින් - බිබිල, ආර්.ඩී. මෝටරස් - තිස්සමහාරාම සහ බන්දුල හාඩ්වෙයාර්) මෝටර්ස් - ගෝමරන්කඩවල යන DIMO Agri Machinery හි බලයලත් අලෙවි නියෝජිතයන් විසිනි.