2025 මැයි මාසයට සාපේක්ෂව රුපියල් 894 ක වැඩිවීමක් 


මෙරට ජාතික නිල දරිද්‍රතා රේඛාව 2026 මැයි මාසයේදී එක් පුද්ගලයකුට මසකට රු. 17,315 ක් ලෙස සටහන් වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) විසින් නිකුත් කරන ලද නවතම ඇස්තමේන්තු වාර්තාවේ සඳහන්ව තිබේ. 
එක් පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය අවම මාසික වියදම නිල දරිද්‍රතා රේඛාව ලෙස හැඳින්වෙයි. ඒ අනුව මෙය මැයි මාසයේදී පැවැති අගයට සාපේක්ෂව රු. 198 ක ඉහළ යාමකි.
මෙහිදී දිස්ත්‍රික් මට්ටමේ ඇස්තමේන්තුගත අවම වියදම් අවශ්‍යතා යටතේ පළමු ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයට හිමිව ඇති අතර, එහි නිල දරිද්‍රතා රේඛාව පුද්ගලයකුට මසකට රු. 18,675 කි. නුවරඑළියේ එය රු. 18,209 ක් සහ කෑගල්ලේ එය රු. 18,105 ක් ලෙස සටහන්ව තිබේ.
එසේම දිස්ත්‍රික්ක අනුව අඩුම දරිද්‍රතා රේඛාව මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එය රු. 16,556 කි. ඉන් පසුව මන්නාරම රු. 16,698 ක් සහ හම්බන්තොට රු. 16,823 ක් ලෙස සටන්ව තිබේ. මේ අතර 2025 මැයි මාසයේදී ජාතික නිල දරිද්‍රතා රේඛාව ලෙස වාර්තා කළ රු. 16,421 ට සාපේක්ෂව මේ වසරේ මැයි මාසයේ වාර්තා කළ අගය රුපියල් 894 ක වැඩිවීමක් වන බවත් දෙපාර්තමේන්තුව පවසා සිටියි.