ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මාධ්‍ය වෘත්තිකයන්ගේ ප්‍රමුඛතම හමුවක් වන SLIMFA මාධ්‍ය උළෙල මාධ්‍යකරණය සහ අන්තර්ගත නිර්මාණකරණය යළි නිර්වචනය කරන ක්ෂේත්‍රයේ ප්‍රවණතා, තාක්ෂණය සහ පරිවර්තන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් එකම වේදිකාවකට ගෙන එමින් මෙවරත් පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා - ඉන්දියා මාධ්‍ය මිත්‍රත්ව සංගමය (SLIMFA) දෙවැනි වරටත් සංවිධානය කරන මෙම මාධ්‍ය උළෙල 2026 ජූලි 11 වැනි දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ප්‍රථම වරට පැවති මාධ්‍ය උළෙලේ සාර්ථකත්වය ඉදිරියට ගෙන යමින්, මෙවර මාධ්‍ය උළෙල මාධ්‍යකරණය සහ මාධ්‍ය තුළ නිර්වද්‍යතාව, ස්වාධීනත්වය, සථ්‍යාපනය, මහජන උනන්දුව සහ විශ්වාසය යන මූලික හරයන් රැකගනිමින් වේගවත් තාක්ෂණික, ආර්ථික සහ ප්‍රේක්ෂක වෙනස්වීම්වලට හැඩගැසිය හැක්කේ කෙසේද යන්න ගවේෂණය කරමින් “වෙනස්වන ලෝකයක අදාළව සිටීම” යන තේමාව යටතේ පැවැත්වෙනු ඇත.
මෙම මාධ්‍ය උළෙල සඳහා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ මාධ්‍යවේදීන්, කර්තෘවරුන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ විධායකයන්, ඩිජිටල් නිර්මාණකරුවන්, විද්වතුන් සහ මාධ්‍ය ක්‍්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වනු ඇත. සාකච්ඡාවලින් ප්‍රේක්ෂක නියැළීම, තාක්ෂණය සහ මාධ්‍යකරණය, වැරදි තොරතුරු සහ කරුණු පරීක්ෂා කිරීම, ඩිජිටල් පරිවර්තනය, මාධ්‍ය තිරසාරභාවය, නැගීඑන කතාන්දර කීමේ (storytelling) ආකෘති සහ ප්‍රවෘත්ති පරිහරණයේ අනාගතය ඇතුළු මාතෘකා රැසක් ආවරණය කරනු ඇත.
ප්‍රධාන සැසි, විද්වත් මණ්ඩල සාකච්ඡා සහ එකිනෙකා හා සම්බන්ධවීමට අවස්ථා සමගින් මෙම මාධ්‍ය උළෙල වත්මන් මාධ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ එහි පවතින අවස්ථා සම්බන්ධයෙන් අර්ථාන්විත සංවාදයක් ගොඩනැගීමට අරමුණු කරයි.
මෙම වැඩසටහන මාධ්‍යවේදීන්, කර්තෘවරුන්, ප්‍රකාශකයන්, නිවේදකයන්, අන්තර්ගත නිර්මාණකරුවන්, මාධ්‍ය පිළිබඳ ඉගෙන ගන්නා සිසුන්, සන්නිවේදන ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සහ වෙනස් වන මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන සැමට විවෘත වේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාධ්‍ය සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා - ඉන්දියා මාධ්‍ය මිත්‍රත්ව සංගමය (SLIMFA) 2024 මැයි මාසයේදී පිහිටුවන ලදී. එහි ආරම්භයේ සිට, SLIMFA විසින් මාධ්‍ය ක්ෂේත්‍රය හැඩගස්වන ප්‍රධාන කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් සාකච්ඡා, වටමේස සාකච්ඡා, වෘත්තීය හුවමාරු ඇතුළු විවිධ මුලපිරීම් රැසක් සංවිධානය කර ඇත.
ස්මිතා ප්‍රකාශ් මහත්මිය, මර්යා ශකිල් මහත්මිය, අශෝක් මලික් මහතා ඇතුළු ඉන්දියාවේ ප්‍රවීණ දේශකයන් මෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් විසින් කරනු ලබන දේශන සහ විද්වත් මණ්ඩල සාකච්ඡා වැඩසටහනට ඇතුළත් වනු ඇත. මෙම සමුළුව සඳහා ආසන සීමිත බැවින් වැඩිදුර විස්තර සහ ලියාපදිංචිවීම සඳහා www.mediafest.lk යන වෙබ් අඩවියට පිවිසෙන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd