සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමූහයට අයත්, කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සිංගර් ෆිනෑන්ස් පීඑල්සී සතු සමස්ත වත්කම් එකතුව රුපියල් බිලියන 100 ඉක්මවා ඇතැයි එම සමාගම පවසයි.
විගණනය කෙරුණු කළමනාකරණ ගිණුම් අනුව පසුගිය ජූනි 30 වැනිදායින් අවසන් වූ 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී එම කඩඉම පසු කිරීමට සමාගමට හැකි වූ බව එම සමාගම කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.
2026 මාර්තු 31 වැනිදා වන විට එම සමාගමේ වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 96.7 ක් ලෙස සටහන් වූ අතර, 2025 මාර්තු 31 වැනිදා වනවිට එය රුපියල් බිලියන 57.11 ක් විය. සිංගර් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් සියයට 79.93ක් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමට අයත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd