ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයා වන LANKATILES ආයතනය, නිවෙස් වඩාත් සුවපහසු කිරීමේ නව විසඳුමක් හඳුන්වා දෙමින්, මෙරට පළමු සූර්ය තාප පරාවර්තන COOL ROOFTOP TILE® නිෂ්පාදනය කිංග්ස්බරි හෝටලයේ වින්චෙස්ටර් ශාලාවේ දී ඉකුත්දා පැවති මාධ්‍ය උත්සවයක දී නිල වශයෙන් එළිදැක්වීය. 
දිනෙන් දින ඉහළ යන පරිසර උෂ්ණත්වයට ඔරොත්තු දෙන පරිදි නිරාවරණය වූ විවෘත කොන්ක්‍රීට් වහල (Rooftop), ටෙරස් සහ බැල්කනිවල සිට ගෘහස්ථ ජීවන අවකාශ සඳහා වන ප්‍රායෝගික විසඳුමක් වශයෙන් මෙම නවතම නිෂ්පාදනය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, මාධ්‍යවේදීන්, ඉදිරියේ දි හඳුන්වා දෙනු ලැබීය. 
දිවයින පුරා උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ යමින් තිබෙන මොහොතක, අධික තාපයට නිරාවරණය වූ විවෘත කොන්ක්‍රීට් වහල (Rooftop) හරහා අවශෝෂණය වීමෙන් නිවාස සහ ගොඩනැගිලි සඳහා බරපතළ අභියෝග රැසක් මතු කර තිබෙන අතර, උණුසුම් වන ගෘහස්ථ පරිසරය සිසිල් කිරීම සඳහා විදුලි ප්‍රභවද වැඩි වශයෙන් භාවිත කිරීමට සිදුව ඇත. එම තත්වය සැලකිල්ලට ගනිමින්, පුළුල් පර්යේෂණ සහ ඉංජිනේරු තාක්ෂණයෙන් ගොඩනගන ලද COOL ROOFTOP TILE® භාවිතයෙන් සූර්ය තාපය අවශෝෂණය වීමට පෙර එහි සැලකිය යුතු කොටසක් පරාවර්තනය කරයි. එමගින්, විවෘත කොන්ක්‍රීට් වහල (Rooftop) මතුපිට සිසිල්ව තබා ගැනීමට සහ ගෘහස්ථ සුවපහසුව වැඩි දියුණු කිරීමටත් උපකාරී වේ. 
මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් LANKATILES PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතා මෙසේ පැවසීය. දශක පහකට වැඩි කාලයක් තිස්සේ LANKATILES ආයතනය, ශ්‍රී ලාංකිකයන්ගේ නිවාස ගොඩනගා ගන්නා ආකාරය වැඩිදියුණු කිරීම සඳහා නවෝත්පාදන අඛණ්ඩව හඳුන්වා දී තිබේ. මෙරට පළමු COOL ROOFTOP TILE® නිෂ්පාදනය එළිදැක්වීම එම ගමන්මගෙහි තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබයි. ඉහළ යමින් පවතින උෂ්ණත්වය හමුවේ නිවාස හිමියන් මුහුණ දෙන අභියෝගවලට මූලික විසඳුමක් අවශ්‍ය වන බව අපි හඳුනා ගත්තෙමු. මෙම නවෝත්පාදනය, ගෘහස්ථ අවකාශ වඩාත් සුවපහසු කිරීම පමණක් නොව ශ්‍රී ලාංකික පවුල්වල එදිනෙදා ජීවන තත්වය උසස් කරන නිෂ්පාදන ගොඩනැගීම සඳහා අපගේ කැපවීම ද පිළිබිඹු කරයි’’
ශ්‍රී ලංකාවේ බහුලවම භාවිත වන කොන්ක්‍රීට් ස්ලැබ් වහලවලින් සමන්විත ගොඩනැගිලි නිර්මාණ සඳහා නිපදවන ලද මෙම නවෝත්පාදනය හරහා නිවාස හිමියන් මුහුණ දෙන පොදු අභියෝගයට ඍජුවම විසඳුම් සපයයි. කොන්ක්‍රීට් වහලවල් දිවා කාලයේ දී සූර්ය තාපය අවශෝෂණය රඳවා ගනිමින්, එම තාපය ක්‍රමයෙන් පහළ ගෘහස්ථ අවකාශයට හුවමාරු කරයි. මෙම COOL ROOFTOP TILE® හරහා එම ක්‍රියාවලිය අවම කරමින් දිවා රාත්‍රී කාලයේ ගෘහස්ථ අවකාශ සිසිල් අන්දමින් පවත්වා ගැනීමට සහාය වේ.
මෙම COOL ROOFTOP TILE® හි ඇති කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය, ඉන්දියාවේ ගොඩනැගිලි කාර්යසාධනය සහ තිරසාරත්වය පිළිබඳ පිළිගත් විශේෂඥ ආයතනයක් වන CEPT Advisory Foundation (CAF) මගින් සිදු කළ පුළුල් පරීක්ෂණ හරහා තහවුරු කර ඇති අතර, එහිදී 96ට අධික Solar Reflectance Index (SRI) අගයක් ලබා ගැනීමට සමත්ව තිබේ. SRI යනු මතුපිටක සූර්ය විකිරණය පරාවර්තනය කිරීමේ හා තාපය විසුරුවා හැරීමේ හැකියාව මැන බැලීමට ලොව පුරා පිළිගත් දර්ශකයකි. ඉහළ SRI අගයක් යනු සෘජු හිරු එළිය යටතේ මතුපිට වඩාත් සිසිල්ව පවත්වා ගැනීමේ ඉහළ හැකියාවක් පෙන්නුම් කරන අතර, එය COOL ROOFTOP TILE® හි විශිෂ්ට සූර්ය තාප පරාවර්තන හැකියාව තහවුරු කරයි. 
නවෝත්පාදනයේ පාරිභෝගික ප්‍රතිලාභ පිළිබඳව අදහස් දක්වමින් LANKATILES හි සමූහ විකුණුම්, අලෙවිකරණ සහ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ නයිමිෂ් පතිබන්ධ මහතා මෙසේ පැවසීය. ‘වර්තමාන පරිභෝගිකයන්ට අවශ්‍ය වන්නේ ඔවුන් ගත කරන දෛනික ජීවිතය සුවපහසු සහ වැඩිදියුණු කරන විසඳුම්ය. COOL ROOFTOP TILE® භාවිතය, තාප අවශෝෂණය අඩු කිරීමට සහ ගෘහස්ථ පරිසරය සිසිල් කිරීමට සහාය වන බැවින් LANKATILES හි ගුණාත්මක නිෂ්පාදන සමග ගෘහ නිර්මාණ විශිෂ්ටත්වය උසස් අන්දමින් පවත්වා ගැනීමට උපකාරී වේ’’
මෙම නවෝත්පාදනයේ ඇති පර්‌යේෂණ සහ තාක්ෂණික විශේෂඥතාව ඉස්මතු කරමින් LANKATILES හි නිෂ්පාදන කටයුතු පිළිබඳ විධායක අධ්‍යක්ෂ නන්දජිත් සෝමරත්න මහතා පැවසුවේ මෙවැන්නකි. ‘ශ්‍රී ලංකාවේ පළමු COOL ROOFTOP TILE® නිර්මාණය කිරීම සඳහා අප පුළුල් වශයෙන් පර්යේෂණ කටයුතු සිදු කරනු ලැබීය.