ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය ජූනි මාසයේදී වෙළෙඳපොළ හරහා මිලදී ගත් ඩොලර් ප්‍රමාණයේ වටිනාකම ඩොලර් මිලියන 96.3 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය මැයි මාසයේදී මිලදී ගත් ඩොලර් මිලියන 12ට සාපේක්ෂව ඩොලර් මිලියන 84.3 ක ඉහළ යාමකි. 
එසේම මහ බැංකුව ජූනි මාසයේදී ඩොලර් මිලියන 25.8 ක් අලෙවි කර ඇති අතර, එය මැයි මාසයේදී සිදුකළ වාර්තාගත ඩොලර් මිලියන 223.3 ක අලෙවියට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමක් ලෙස සටහන්ව තිබේ. 
මේ අතර 2025 ජූනි මාසයේදී මහ බැංකුව වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 137.5ක් මිලදී ගෙන ඇති අතර, අලෙවි කළ ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 7.3 ක් වී තිබේ.