මහජන බැංකුව ස්ථාපිත කර ජුලි 01 වැනි දිනට 65 වසරක් සැපිරිණි. ඒ නිමිත්තෙන් විශේෂ උත්සවයක් කොළඹ 02, People’s Tower හිදී පැවැත්විණි. මෙහිදී රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම මහජන බැංකුව පිහිටුවීමේලා පුරෝගාමී වූ සියලූ නායකයන්ට, අතීත සහ වත්මන් කාර්ය මණ්ඩලයට ආශිර්වාද පතා සෙත් පිරිත් සඡ්ඣායනයක් ඇතුළුව සර්ව ආගමික වැඩසටහනක් ද පැවැත්විණි. 
එමෙන්ම මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු හා ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරු මෙහිදී කාර්ය මණ්ඩලය ඇමතූහ. මීට අමතරව මහජන බැංකුවේ 65 වැනි සංවත්සරය සමගාමිව   ‘Sri Lanka’s Export Renaissance: Diversification, Innovation, & Global Competitiveness’ යන තේමාව යටතේ ‘ආර්ථික විමසුම’ සඟරාවේ නවතම කලාපයද එළිදැක්විණි.
මේ අවස්ථාවන්ට මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන චන්දන ගුණියන්ගොඩ, ආචාර්ය ගිෂාන් ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ බැංකු කාර්ය මණ්ඩලය ද සහභාගි විය. 
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, රුපියල් ට්‍රිලියන 3.7 කට අධික වත්කම්වලට හිමිකම් කියන අතර, දිවයින පුරා විශාලතම ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 745ක ජාලය හා ස්වයං බැංකුකරණ ඒකක 300 කට අධික සංඛ්‍යාවක් සමගින් මිලියන 15.2කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවාව සපයයි.