දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක හදිසි ආධාර පැකේජයක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) පියවර ගෙන ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ලබාදෙන ඩොලර් මිලියන 100 ක සාමාන්‍ය ණය මුදලකින්, ඩොලර් මිලියන 100 ක සහනදායී ණය මුදලකින් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සූදානම සහ ගුණාත්මකභාවය සහතික කිරීම ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන ඩොලර් 500,000 ක තාක්ෂණික සහාය ප්‍රදානයකින් මෙම ආධාර පැකේජය සමන්විතය.

හානියට පත් මාර්ග සහ වාරිමාර්ග යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, පීඩාවට පත් සුළු පරිමාණ ගොවීන්ගේ ජීවනෝපාය යථා තත්වයට පත් කිරීම සහ දැඩි ලෙස හානියට පත් වූ හෝ විනාශ වූ නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රමුඛතා ආයෝජන සඳහා ”‍දිට්වා සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණය සහ ජීවනෝපාය ආධාර කිරීමේ ව්‍යාපෘතිය”‍ (Post-Cyclone Ditwah Reconstruction and Livelihood Support Project) මගින් ප්‍රතිපාදන සපයනු ඇත. අනාගත ව්‍යසනවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ”‍වඩා හොඳින් යළි ගොඩනැඟීමේ”‍ (build-back-better) මූලධර්ම අනුගමනය කරයි.
”‍”‍දිට්වා සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණය සහ ජීවනෝපාය ආධාර කිරීමේ ව්‍යාපෘතිය”‍ මගින් සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා යටිතල පහසුකම්, නිවාස සහ ජීවනෝපායට පුළුල් හානියක් සිදු වූ අතර, දැනටමත් සැලකිය යුතු ආර්ථික අභියෝගවලට මුහුණ දී සිටින ජනතාවට එමගින් තවදුරටත් දැඩි පීඩනයක් එල්ල විය,”‍ යනුවෙන් ශ්‍රී ලංකාව සඳහා වන ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ෂැනන් කවුලින් මහත්මිය පැවසුවාය.