
SLIoT Challenge සහ IESL RoboGames අවසන් මහා තරග පසුගියදා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. ඩිජිටල්කරණය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට උරදෙන අතරම රටේ තරුණ පරපුරට අනාගතයේදී අතිශයින් වැදගත් වන කුසලතා ඔවුන් තුළ වර්ධනය කරවීමේ අරමුණින් SLT-MOBITEL විසින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සහ මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා සහ ඉංජිනේරු අධ්‍යයනාංශය සමග එක්ව මෙම තරගවලට අනුග්‍රාහක දායකත්වය ලබාදෙන ලදී. තරුණ පරපුරට රිසි සේ තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම තරග මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළදී පැවැත්විණි.
SLT-MOBITEL හි දායකත්වය සහිතව පවත්වන ලද මෙම අවසන් මහා තරග ඉසව් තුළදී තරුණ තරුණියන් විශාල පිරිසක් නවෝත්පාදන රැසක් සමගින් තරග බිමට පිවිසෙනු දැකගත හැකි විය.
SLT-MOBITEL දායකත්වය සමගින් පාසල්, විශ්ව විද්‍යාල සහ විවෘත යන අංශ යටතේ SLIoT Challenge 2026 හි තරග පැවැත්විණි. එහිදී අවසන් වටයට සුදුසුකම් ලැබූවෝ GTN Lab, ICE Room, InsightHub, SLIoT Lab සහ Sysco LABS පදනම් කරගනිමින් තම නිර්මාණ ඉදිරිපත් කළහ. මෙය ප්‍රායෝගිකව භාවිත කළ හැකි IoT විසඳුම් නිර්මාණය කිරීමට ලංකාවේ තරුණ පරපුර තුළ ඇති උනන්දුව මෙන්ම රටේ තාක්ෂණ විප්ලවයට නායකත්වය දීම සඳහා SLT-MOBITEL තුළ ඇති කැමැත්ත මැනැවින් පිළිබිඹු වූ අවස්ථාවක් විය. ඇගයීම් වට දෙකකින් අනතුරුව විනිශ්චය මණ්ඩලය විසින් ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත්කරන ලදී.
SLIoT Challenge 2026 2026 හි පාසල් කාණ්ඩයේ ජයග්‍රාහකයන් වූයේ සුහුරු අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කළ කොළඹ 7 රාජකීය විද්‍යාලයේ Quarista කණ්ඩායමයි. විශ්ව විද්‍යාල කාණ්ඩයේ ජයග්‍රහණය හිමි කරගැනීමට, සුහුරු ඉස්සන් ගොවිපොළ අධීක්ෂණ පද්ධතියක් නිර්මාණය කළ මොරටුව විශ්ව විද්‍යාලයේ Eluvis කණ්ඩායම සමත් විය. සේවක ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කළ RoboticGen Labs කණ්ඩායමට විවෘත කාණ්ඩයේ ජය හිමි විය.
2026 RoboGames තරගයද පාසල්, විශ්ව විද්‍යාල සහ විවෘත යන කාණ්ඩ යටතේ පැවැත්විණි. එහි අවසන් මහා තරගයේ වඩාත්ම කැපීපෙනුණු ඉසව්ව වූයේ රොබෝ විද්‍යාව සහ තාක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශාල පිරිසකගේ අවධානය දිනාගත් ත්‍රාසජනක BattleBots අභියෝගයයි. ප්‍රධාන ඉසව්වට අමතරව විවෘත BattleBot අභියෝගයට සහභාගී වීමට ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ටද අවස්ථාව උදා කර දෙන ලදී.
2026 RoboGames පාසල් කාණ්ඩයේ ජය හිමිකර ගැනීමට Elizabeth Moir School හි Controlled Chaos කණ්ඩායම සමත් විය. විශ්ව විද්‍යාල කාණ්ඩයේ ජයග්‍රහණය රුහුණ විශ්ව විද්‍යාලයේ FalconX කණ්ඩායම විසින් දිනාගන්නා ලද අතර, විවෘත කාණ්ඩයේ ජය Ascension කණ්ඩායම වෙත හිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd