
Home Lands සමූහය කොළඹ වරාය නගරයේ ආරම්භ කරන සිය නවතම අති සුඛෝපභෝගී නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය පසුගියදා කොළඹ වරාය නගරයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
උදෑසන සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනාවන් මධ්‍යයේ ඉදිකිරීම් භූමියේ මුල්ගල තැන්පත් කිරීම ඇතුළු චාරිත්‍ර සිදු කෙරුණේ Home Lands සමූහයේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ නලින් හේරත් මහතා ප්‍රමුඛ සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානත්වයෙනි.
Home Lands සමූහයේ Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් කටයුතු මාස 40ක කාලසීමාවක් තුළ අවසන් කිරීම වඩාත් ම සුවිශේෂී වන අතර, එම ඉලක්කය වෙත ළඟාවීම සඳහා දිවා රාත්‍රීන් පුරා අඛණ්ඩවම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කිරීමට ද නියමිත ය. එවන් කෙටි කාලසීමාවක් තුළ සියලු වැඩකටයුතු අවසන් කිරීමට සැලසුම් කිරීමෙන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලු අංශ ආවරණය කෙරෙන සමාගම් 14කින් සමන්විත Home Lands සමූහයේ ශක්තිමත් භාවය සහ ධාරිතාව මනාව පිළිබිඹු වේ. Home Lands සමූහයට අයත් ඉදිකිරීම් සමාගම වන Heyraa Constructions හරහා මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙනු ඇත. Heyraa Constructions සමාගම මේ වන විටත් සියලු වැඩ අවසන් කර හිමිකරුවන් වෙත භාර දී ඇති නිවාස ඒකක ගණන 3750කට අධික සංඛ්‍යාවක්වීම ද විශේෂත්වයකි.
මෙලෙස නිල වශයෙන් දියත් කෙරුණු කොළඹ වරාය නගරයේ මනරම් Central Park District කලාපය තුළ ඉදි කෙරෙන ද්විත්ව කුළුණු ආකෘතියකින් සමන්විත මෙම Central Park Boulevard අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය අනාගතය වෙනුවෙන් ගොඩනැගෙන කොළඹ වරාය නගරයේ වඩාත් ආකර්ෂණීයම ගොඩනැගිල්ලක් වනු නොඅනුමානය. ලෝ සුපතළ විලාසිතා සන්නාමයක ආභාෂය ද සහිතව අති සුඛෝපභෝගී පහසුකම් රැසක් ද සමගින් ඉදිවන මෙම නවතම ව්‍යාපෘතියෙන් උසස් ජීවන රටාව පිළිබඳව වන නිර්වචන අලුත් කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd