DFCC බැංකුව සිය රත්නපුර ශාඛාව, නගර මධ්‍යයේ පිහිටි වඩාත් පහසුවෙන් ළඟාවිය හැකි අංක 269, ප්‍රධාන වීදිය, රත්නපුර යන නව පරිශ්‍රය වෙත ගෙනයාමට පියවර ගෙන ඇත. මෙමගින් ගනුදෙනුකරුවන්ට වඩාත් ඉඩකඩ සහිත මෙන්ම සුවපහසු බැංකුකරණ පරිසරයක් නගර මධ්‍යයේදීම හිමිවේ.
ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අපේක්ෂාවලට මනාව ගැළපෙන, වඩාත් සරල මෙන්ම සුවපහසු බැංකුකරණ අත්දැකීමක් නිර්මාණය කිරීම වෙනුවෙන් DFCC බැංකුව සිදුකරන අඛණ්ඩ ආයෝජන මෙම ස්ථාන මාරුව මගින් මැනවින් නිරූපණය වේ. රත්නපුර වාණිජ කලාපය තුළ උපායමාර්ගිකව ස්ථානගත කර ඇති මෙම නව ශාඛාව, ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ළඟාවිය හැකි පරිදි සැලසුම් කර ඇති අතර, සාම්ප්‍රදායික මෙන්ම ඩිජිටල් බැංකුකරණ සේවා ද්විත්වයම එකම වහලක් යටින් ලබාගත හැකි නවීන බැංකුකරණ පරිසරයකින් එය සමන්විතය.
මෙම ශාඛාවෙන් එම කලාපයේ වෙසෙන පුද්ගලයන්, පවුල්, ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන් වෙනුවෙන් DFCCබැංකුවේ සමස්ත සේවා පෙළගැස්ම අඛණ්ඩව සපයනු ලබයි. මීට අමතරව, බැංකුවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් බැංකුකරණ විසඳුම් මෙන්ම, ශක්තිමත් ගනුදෙනුකාර සබඳතා සහ පුද්ගලීකරණය කළ මූල්‍ය උපදේශන සේවාවල ප්‍රතිලාභද ගනුදෙනුකරුවන් වෙත හිමිවේ.