පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස සිදු කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2026 ජූලි 05 දා සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස හයක කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරිමට තීරණය කළ බව මහ බැංකුව පවසයි. 
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගවලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.