JAT සමාගමේ බදු පසු ලාබය ඉහළට
ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ දැව ආලේපන සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයකු වන JAT හෝල්ඩින්ග්ස් සමාගම 2021/22 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ දී, දුෂ්කර වෙළඳපොළ තත්ත්වය හමුවේ පවා විශිෂ්ට මට්ටමේ මූල්‍ය ප්‍රතිඵල වාර්තා කර ගැනීමට සමත් වී තිබේ. JAT සමූහයේ බදු - පසු ලාභය, පෙර වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 232 කින් වර්ධනය වී රු. මිලියන 717 ක් ලෙස වාර්තා වී ඇති අතර, පසුගිය මාස 12 ක කාලයේ බදු - පසු ලාභය රු. මිලියන 1,102 ක් ලෙස වාර්තා වී ඇත.