IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


DFCC බැංකුව 2025 පළමු කාර්තුවේදීත් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

DFCC බැංකුව 2025 වර්ෂයේ පළමු කාර්තුව තුළදීත් සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. එම කාර්තුව තුළ DFCC සමූහය රු. බිලියන 2.9 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එහි සමස්ත වත්කම් සියයට 8 කින් වර්ධනය වී රු. බිලියන 765 ක් ලෙස වාර්තා වී තිබේ. මේ අතර Acuity Partners හි තමන් සතුව පැවති සියයට 50 ක කොටස් ක්‍රමෝපායිකව බැහැර කිරීමත් සමග බැංකුවේ බදු පසු ලාබය රු. බිලියන 7.8 ක් විය. 

ප්‍රධාන බැංකුකරණ මෙහෙයුම් කටයුතු ශක්තිමත්ව පැවතුණු අතර, බැංකුවේ ශුද්ධ පොලී ආදායම සියයට 5 කින් වර්ධනය වී තිබේ. ජංගම හා ඉතුරුම් ගිණුම් තැන්පතු වර්ධනය වීම සහ, පොලී අනුපාත පහළ යමින් පැවති වාතාවරණයක් තුළ සාර්ථක ලෙස අනුපාත සංශෝධනය කිරීම මීට හේතු විය. ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA ratio) සියයට 26.47 දක්වා වර්ධනය වූ අතර, ශුද්ධ පොලී ආදායම රු. බිලියන 7.4 ක් විය. පෙර වසරට සාපේක්ෂව ගාස්තු සහ කොමිස් ආදායම සියයට 24 කින් වර්ධනය වී ඇති අතර, ප්‍රේෂණ ඉහළ යාම සහ ක්‍රෙඩිට් කාඩ්පත් මෙහෙයුම් කටයුතු පුළුල් වීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. 

සාර්ව ආර්ථික පරිසරය යහපත් වීම සහ ණය ආපසු අය කරගැනීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම හේතුවෙන් අක්‍රීය ණය ප්‍රතිපාදන සියයට 14 කින් පහළ ගොස් රු. බිලියන 1.3 ක් ලෙස වාර්තා වී තිබේ. වඩාත් යහපත් වත්කම් ගුණාත්මකභාවයක් පිළිබිඹු කරමින් අදියර 3 අක්‍රීය ණය අනුපාතය සියයට 5.38 දක්වා වර්ධනය විය. උද්ධමනය සහ කාර්ය මණ්ඩල ප්‍රතිලාභ හේතුවෙන් මෙහෙයුම් පිරිවැය ඉහළ ගිය නමුන් පිරිවැය කළමනාකරණය සඳහා අවශ්‍ය පියවර ගැනීම හේතුවෙන් වියදම් පාලනය කරගැනීමට හැකියාව ලැබිණි. 

ප්‍රාග්ධන ප්‍රමාණතාව සහ ද්‍රවශීලතා තත්වය යහපත් ලෙස වාර්තා වී තිබේ. බැංකුවේ අදියර 1 අනුපාතය සියයට 10.89 ක් සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය සියයට 13.50 ක් වශයෙන් පැහැදිලි ලෙස අවම නියාමන සීමාවලට ඉහළින් පැවතිණි. ද්‍රවශීලතාව යහපත් වූ අතර, ද්‍රවශීලතා ආවරණ අනුපාතය සියයට 255.07 ක් සහ ශුද්ධ ස්ථාවර අරමුදල් සම්පාදන අනුපාතය සියයට 118.15 ක් ලෙස වාර්තා විය. 

මෙම කාර්තුව තුළ බැංකුව විසින් සනිටුහන් කරන ලද වඩාත්ම සුවිශේෂ සංධිස්ථානයක් වූයේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව Luxembourg Green Exchange හිද ලියාපදිංචි කිරීමට හැකි වීමයි. මෙය තිරසාර මූල්‍ය සේවා සම්බන්ධයෙන් DFCC බැංකුවේ පුරෝගාමීත්වයට මෙන්ම පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය උදෙසා බැංකුව දක්වන උනන්දුවට මනා සාක්ෂියකි. 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී නිමල් පෙරේරා පැවසුවේ නිවාස හා රථවාහන මූල්‍ය පහසුකම්, රන් ණය පහසුකම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් ප්‍රේෂණ සේවා ආදිය ඔස්සේ ගනුදෙනුකරුවන්ට උපරිම ප්‍රතිලාභ පිරිනැමීමට DFCC බැංකුව දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවයි. සිය 70 වැනි සංවත්සරය සමරන මේ වසරේදී බැංකුව දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය, මූල්‍ය අන්තර්කරණය සහ සමස්ත ශ්‍රී ලංකාවාසීන් උදෙසා තිරසාර දියුණුවක් සහතික කිරීම වෙනුවෙන් කැප වී සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

DFCC බැංකුව 2025 පළමු කාර්තුවේදීත් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site