IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බිස්නස්වල ලොකු අඩුවීමක් නැහැ

 

පවතින ආර්ථික මට්ටමත් එකක් පාරිභෝගිකයෝ මූලික අවශ්‍යතාවලට මුදල් යොඳවලා පසුව තමයි සෙසු අවශ්‍යතා වෙනුවෙන් මුදල් යොදවන්නේ. ඒ හේතුවත් එක්ක බිස්නස්වල අඩුවීමක් තියෙනවා. එහෙත් බිස්නස්වල කඩාවැටීමක් වෙලා නැහැ.

දෙහිවල කර්ට්න් සේල් සෙන්ටර් ආයතනයේ හිමිකරු එච්.ආර්.දයාවංශ


 

මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ දෙහිවල වෙළෙඳනගරයේ කර්ට්න් සේල් සෙන්ටර් වෙළෙඳ ආයතනය වෙතය. එම වෙළෙඳ ආයතනයේ හිමිකරුවන එච්.ආර්.දයාවංශ මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

මේ දවස්වල බිස්නස් කොහොමද?
ගෘහ අලංකරණය සහ ආයතනික පරිශ්‍ර සඳහා අවශ්‍ය කරන තිර රෙදි සැපයීමේ ව්‍යාපාර කටයුතු තමයි අපි කරන්නේ. ගිය වසරට සාපේක්ෂව ගත්තහම ගිය වසරේ බිස්නස්වලට සමාන මට්මක් තමයි තියෙන්නේ. අවුරුදු සීසන් එකෙත් පසුගිය වසරවල වගේම බිස්නස් එකක් තිබුණා. මේ දිනවල දීර්ඝ නිවාඩුවත් එක්ක භාණ්ඩ මිලදී ගන්න එන පාරිභෝගිකයන්ගේ අඩුවක් තියෙනවා. ඒ හැරෙන්න බිස්නස්වල ලොකු අඩුවීමක් වෙලා නැහැ.


බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
පවතින ආර්ථික මට්ටමත් එකක් පාරිභෝගිකයෝ මූලික අවශ්‍යතාවලට මුදල් යොදවලා පසුව තමයි සෙසු අවශ්‍යතා වෙනුවෙන් මුදල් යොදවන්නේ. ඒ හේතුවත් එක්ක බිස්නස්වල අඩුවීමක් තියෙනවා. එහෙත් බිස්නස්වල කඩාවැටීමක් වෙලා නැහැ.
බිස්නස් එකක් සාර්ථක වෙන්න නම් ව්‍යාපාරිකයා සහ පාරිභෝගිකයන් අතර සහසම්බන්ධතාවක් තියෙන්න ඕනේ. වෙළෙඳසැලකට එන සෑම පාරිභෝගිකයකුම ආපු පමණින් භාණ්ඩයක් ගන්නේ නැහැ. එහෙත් අපි වෙළෙඳසැලට එන සෑම පාරිභෝගිකයකුම සුහදව පිළිගන්න ඕනේ. මගේ වෙළෙඳසැලට ඇවිත් භාණ්ඩයක් මිලට නොගෙන හැරිලා යන පාරිභෝගිකයන් අඩුයි. ඒ විදිහට ගොඩනැගුණ සුහදත්වයත් එක්ක දීර්ඝ කාලයක් අප ආයතනය සමඟ ගනුදෙනු කරන පාරිභෝගික පිරිසක් ඒකරාශි වෙලා ඉන්නවා. 
2001 වර්ෂයේ සිට වෙළෙඳ සහයකයන්, තිරරෙදි මසන්නන්, තිරරෙදි සවිකරන්නන් සහභාගී කරගනිමින් වසර 24ක් පුරාවට පවත්වාගෙන යන මෙම ව්‍යාපරය අඛණ්ඩව පවත්වාගෙන යාමට පාරිභෝගිකයා සහ වෙළෙන්දා අතර තිබෙන සුහදත්වය හේතුවක් වූණා.

සටහන- මනීෂා වීරසිංහ
ඡායාරූප- ඉසුරු පෙරේරා



අදහස් (0)

බිස්නස්වල ලොකු අඩුවීමක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site