IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Mercedes-Benz සේවා විශිෂ්ටතා කලාපීය සම්මානයෙන් DIMO පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO , අග්නිදිග ආසියා කලාපයෙහි අනෙකුත් බෙදාහැරීමේ නියෝජිතයන් අභිබවා යමින්, Mercedes-Benz සේවා විශිෂ්ටතා කලාපීය සම්මාන උලෙළේදී ‘General Distributor’ සම්මානය දිනාගනු ලැබීය.
වසර 85 කට වැඩි කාලයක් මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය සමගින් ලබාගත් මෙම ජයග්‍රහණය, Mercedes-Benz AG විසින් ස්ථාපිත කරන ලද ඉහළ ජාත්‍යන්තර සේවා ප්‍රමිති අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා DIMO හි කැපවීමෙහි තවත් එක් සංධිස්ථානයක් වේ. තවද සමාගමේ අලෙවියෙන් පසු සේවාවන්හි අඛණ්ඩ විශිෂ්ටත්වය ද මෙම සම්මානයෙන් මැනවින් තහවුරු වේ. එසේම මෙම අවස්ථාවේදී DIMO හි Mercedes-Benz අලෙවියෙන් පසු සේවා අංශයේ අබිලාෂ් ශ්‍රියන්කරන් ‘Top Service Adviser-Sri Lanka’ සම්මානයෙන් පිදුම් ලබන ලදී.
Mercedes-Benz AG විසින් පවත්වන සේවා ගුණාත්මක විගණන මගින් DIMO හි තාක්ෂණික දැනුම හා ජාත්‍යන්තර සේවා ප්‍රමිතීන්ට අනුකූල වීම තහවුරු කරන අතර, ස්වාධීන පාරිභෝගික සමීක්ෂණයක් හරහා ද ඉහළම පාරිභෝගික තෘප්තිය සහ පාරිභෝගික පක්ෂපාතීත්වය පවත්වා ගැනීමෙන් DIMO හි පාරිභෝගික අත්දැකීම් පිළිබඳ විශිෂ්ටතාව විදහා දක්වයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි Automotive Engineering Solutions හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මෙසේ සඳහන් කළේය. “මෙම සම්මානයට නැවත පාත්‍ර වීමෙන් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ Mercedes-Benz අලෙවියෙන් පසු සේවා ලබා දීමට අප දක්වන කැපවීම පෙන්වා දෙනවා. නවීන තාක්ෂණ කෙරෙහි ආයෝජනය කිරීම, වාර්ෂික සේවා විගණනය කිරීම සහ පාරිභෝගික ප්‍රතිචාර විශ්ලේෂණය කිරීම හරහා DIMO විසින් Mercedes-Benz AG හි දැඩි ජාත්‍යන්තර සේවා ප්‍රමිති අනුගමනය කරන බවට තහවුරු කරනවා. Mercedes-Benz AG සහතික කළ අලු‍ත්වැඩියා මාර්ගෝපදේශ, ක්‍රියාවලි, විශේෂ මෙවලම් සහ උපකරණ, මෘදුකාංග යාවත්කාලීන කිරීම් සහ Mercedes-Benz නියම අමතර කොටස් භාවිතයෙන් අපගේ පාරිභෝගිකයන් අප කෙරෙහි පවතින විශ්වාසය තව තවත් වැඩිදියුණු වෙනවා. Mercedes-Benz AG ජාත්‍යන්තර තාක්ෂණික පුහුණුව සහ සහතික කිරීම් තුළින් අපගේ කාර්මිකයන් සහ සේවා උපදේශකයන්ගේ උසස් තත්වය සහතික කරනවා.”‍
වාහන ආනයනය නවතා දමා තිබූ කාල වකවානුව තුළදී DIMO සිය අලෙවියෙන් පසු සේවා විශාල වශයෙන් පුළුල් කරනු ලැබුවේ Mercedes-Benz පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවාවක් ලබා දීම සඳහාය. DIMO විසින් අලෙවියෙන් පසු සේවා සහ අලු‍ත්වැඩියාව කෙරෙහි අවධානය යොමු කරන සුවිශේෂී පැකේජ දියත් කර ඇති අතර, Mercedes-Benz Flying Doctor වැඩසටහන වැනි අන්තර්ජාතික සේවා සමගින් පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් සහතික කරයි. තවද දෝෂ විනිශ්චය සඳහා තාක්ෂණය සහ උපකරණ කෙරෙහි ආයෝජනය කර ඇති අතර, නවීනතම පහසුකම් සමගින් දෝෂ රහිත අලු‍ත්වැඩියාව සහ නඩත්තු කිරීම සහතික කරයි.



අදහස් (0)

Mercedes-Benz සේවා විශිෂ්ටතා කලාපීය සම්මානයෙන් DIMO පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site