IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මේ දවස්වල බිස්නස් හොඳටම අඩුයි

දෙහිවල ස්ටාර් ජුවලරි හිමිකරු රාමසාමී බාල කුමාර්


රත්තරන් කියන්නේ ඉස්තරම් දෙයක්. රත්තරන් කියන වචනය පවා අපි විවිධ අවස්ථාවල යොදා ගනු ලබන්නේ ඒ නිසාවෙනි. ලෝකේ තියෙන ලෝහ අතුරින් මිල අධිකම ලෝහය රත්තරන් වගේම ඉතාම අලංකාරම ලෝහයත් රත්තරන්. මේ දිනවල බිස්නස් පිළිබඳ දැනගැනීම සඳහා අප දෙහිවල බලා ගියාය. එහිදී අප ගොඩ වූයේ ස්ටාර් ජුවලරි නම් වූ රත්තරන් භාණ්ඩ වෙළඳසලටය. එහි හිමිකරු වූ රාමසාමී බාල කුමාර් මහතා මේ දිනවල රත්තරන් බිස්නස් පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.

Q:  මේ දිනවල බිස්නස් කොහොමද?
මම අවුරුදු 15ක ඉඳන් බිස්නස් කරන්නේ දෙහිවල. මේ දවස්වල බිස්නස් ගැන කියනවානම් බිස්නස් හොඳටම අඩුයි. මේ දිගටම රත්තරන් බඩු කඩ කීපයක්ම තියනවා. ඒ කඩවල කවුරුත් පාරිභෝගිකයෝ නෑ. ඒ කියන්නේ මිනිස්සු රත්තරන් බඩු ගන්න එන්නෙ නෑ කියන එක. රත්තරන් ගන්න ආවත් බොහෝ පාරිභෝගිකයන් අපෙන් අඩු ගාණකට කේවල් කරලා, රත්තරන් අත ගාලා බලලා යනව ඇරෙන්න මිලදී ගන්නේ නෑ. ඒ තරමටම මිනිසුන් අද ජීවත් වෙන්නේ ආර්ථික අර්බුද රැසකට මුහුණ දීලා. ඉස්සරහට මොනව වෙයිද දන්නේ නැහැ. හැබැයි අද තියෙන තත්වය ඕකයි.


Q: බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වීමට බලපාන ප්‍රධානම හේතුව තමයි රත්තරන් මිල ඉහළ මටටමක තිබීම. මේ දවස් වල මිල හොඳටම වැඩි වෙලා තියෙන්නේ. අනික මිනිස්සු ළගත් සල්ලි නෑ. දැන් අවුරුදු කාලෙත් ඉවර වුණා විතරනේ. තිබ්බ සල්ලිත් අවුරුදු කාලෙට වියදම් කරනවනේ. මේ මැයි මාසේ නැකත් තිබ්බා කියලත් අපිට ලොකු බිස්නස් එකක් නෑ. විවාහ උත්සවයකට වුණත් කර මාල ගන්න අය හරිම අඩුයි. ගොඩක් අය රත්තරන් කර මාලේ වෙනුවට රත්තරන් වගේ වෙනත් මාල ද‌ාන්නේ. මුදු දෙක තමයි අපි ළඟට ඇවිල්ල ගන්නේ. ඒකත් ඉස්සර රත්තරන් පවුමක් ගත්ත කෙනෙක් අද ඇවිල්ල ගන්නේ පවුම් භාගයයි එක්කො පවුම් කාලයි. මිනිස්සු ළඟ තියන සල්ලිවලින් අත්‍යවශ්‍ය හැමදේම කරලා සල්ලි තිබ්බොත් විතරයි රත්තරන් බඩුවක් ගන්නේ. මිල වැඩි නිසා අපිට ලොකු ඇණවුම් එන්නේ නෑ. ඒ නිසා අපිට බිස්නස් අඩුයි.

ශෂිකා අබේරත්න
ඡායාරූප: ඉසුරු පෙරේරා



අදහස් (0)

මේ දවස්වල බිස්නස් හොඳටම අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site