IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මුල් මාස දෙකේ සීනි නිෂ්පාදනය ටොන් 2702යි: මාස තුනකදී ටොන් 2,18,623 ආනයනය කරලා

භානුක අමරසිංහ


2025 වසරේ ජනවාරි මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා මුල් මාස දෙක තුළ මෙරට සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 2,702 ක් ලෙස සටහන්ව තිබේ. මහ බැංකුව නිකුත් කළ නවතම කෘෂිකාර්මික දත්ත වාර්තාවේ මේ පිළිබඳව සඳහන් වෙයි. ඒ අනුව මෙය 2024 වසරේ මුල් මාස දෙකේදී සිදුකළ මෙට්‍රික් ටොන් 5,599 ක සීනි නිෂ්පාදනය හා සැසඳීමේදී අඩකින් පමණ අඩුවීමකි. මෙරට සීනි නිෂ්පාදන සමාගම් මගින් නිකුත් කළ දත්ත අනුව මෙම වාර්තාව සකස් කර තිබේ. 
මේ අතර 2025 වසරේ මුල් මාස තුනේදී මෙරටට ආනයනය කළ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 218,623 ක් බව මෙම වාර්තාව සඳහන් කරයි. ශ්‍රී ලංකා රේගුවේ දත්ත අනුව මෙය ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් මෙය 2024 වසරේ මුල් මාස තුනේදී මෙරටට ආනයනය කළ මෙට්‍රික් ටොන් 121,772 ක් පමණ වන සීනි ප්‍රමාණය හා සැසඳීමේදී දෙගුණයකට ආසන්න ඉහළ යාමකි. 
මෙම දත්ත අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මෙරට සිදුකළ සීනි ආනයනයේ කැපී පෙනෙන වර්ධනයක් දැකගත හැකි බව මහ බැංකුව පවසයි.
මේ අතර ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි සීනි මිල මේ වසරේ මාර්තු මාසයේදී සුළු වශයෙන් පහළ ගොස් ඇති අතර, ගෝලීය ඉල්ලු‍මේ පැවැති දුර්වලතා ඊට හේතුව වී තිබේ. 2024 වසර තුළ මෙරට සමස්ත සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 80,102 ක් ලෙස සටහන්ව තිබේ. එසේම 2024 වසරේදී මෙරටට සීනි මෙට්‍රික් ටොන් 582,906 ක් ආනයනය කර තිබේ. 2023 දී එය මෙට්‍රික් ටොන් 652,876 ක් විය. 2023 වසරේ මෙරට සමස්ත සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 66,177 කි.



අදහස් (1)

මුල් මාස දෙකේ සීනි නිෂ්පාදනය ටොන් 2702යි: මාස තුනකදී ටොන් 2,18,623 ආනයනය කරලා

kamal Koyrala Wednesday, 21 May 2025 03:34 PM

කොයි ආණ්ඩුව ආවත් ජාවාරම් කාරයෝ වැඩ. සංචිත රැකගන්න වෙන්නේ වක්කඩේ තියලා තමයි. ප්‍රතිඵල වලින්ම පේනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site