IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


HNB සමූහයේ 2025 පළමු කාර්තුවේදී ශක්තිමත් වර්ධනයක්

හැටන් නැෂනල් බැංකුව 2025 වසරේ පළමු කාර්තුවේදී අඛණ්ඩ වර්ධන වේගයක් පවත්වා ගනිමින් සමූහයේ බදු පසු ලාබය (PAT) පසුගිය වසරට සාපේක්ෂව සියයට 49 ක සහ බැංකුවේ බදු පසු ලාබය සියයට 64 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඒ අනුව මෙම කාල පරිච්ඡේදයේදී සමූහයේ සහ බැංකුවේ බදු පසු ලාබය පිළිවෙළින් රු. බිලියන 11.1 ක් සහ රු. බිලියන 10.2 ක් විය.

2024 වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව පොලී අනුපාත අඩු වුවද, 2025 වසරේ පළමු කාර්තුවේදී බැංකුවේ ශුද්ධ පොලී ආදායම (NII) පසුගිය වසරට සාපේක්ෂව රු. බිලියන 23.7 ක් දක්වා සියයට 7.7 කින් වර්ධනය විය. බැංකුවේ ණය පොත පසුගිය වසරට සාපේක්ෂව රු. බිලියන 159 කින් ඉහළ ගියද, පොලී ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 14.4 කින් පහත වැටුණි. කෙසේ වෙතත්, CASA (ජංගම සහ ඉතුරුම් ගිණුම්) තැන්පතු ඉහළ යාම හේතුවෙන් බැංකුවේ පොලී වියදම් පසුගිය වසරට සාපේක්ෂව සියයට27.1 කින් පහත වැටුණි. එහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ ශුද්ධ පොලී ආදායම (NII) වර්ධනය විය.

මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපති නිහාල් ජයවර්ධන මහතා මෙසේ පැවසුවේය. “රටේ ආර්ථිකය ස්ථාවරත්වය කරා අඛණ්ඩව ගමන් කරන බැවින්, 2025 පළමු කාර්තුවේදී බැංකුවේ ලබාගත් මෙම කාර්ය සාධනය පිළිබඳව මා සතුටු වෙනවා. විශේෂයෙන් අසීරු කාලවලදී අපගේ ජනතාවට සහ ව්‍යාපාර සඳහා සැමවිටම ප්‍රගතියේ හවුල්කරුවකු ලෙස HNB මෙරට ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දී තිබෙනවා.

බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 17.0 කින් ඉහළ ගිය අතර ඉහළ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් ගනුදෙනු සහ ඩිජිටල් බැංකු සේවා භාවිතය ඉහළ යාම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය. මුදල් රහිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීමේ HNB  හි අඛණ්ඩ කැපවීම මෙයින් පෙන්නුම් කරයි. මීට අමතරව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් අදාළ කාල පරිච්ඡේදය තුළ ප්‍රධාන වශයෙන් විදේශ විනිමය ආදායමෙන් ලැබුණු අනෙකුත් ආදායම් රු. බිලියන 2.3 දක්වා ඉහළ ගියේය. 2024 වසරේ අදාළ කාල පරිච්ඡේදයේදී බැංකුව රු. බිලියන 2.1 ක අලාභයක් වාර්තා කර තිබුණි.

 



අදහස් (0)

HNB සමූහයේ 2025 පළමු කාර්තුවේදී ශක්තිමත් වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site