IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පිලිප් කොට්ලර් සහ හින්නි අප්පුහාමි සම්මුඛවිම

නුතන අලෙවිකරණයේ පියා ලෙස විරුදාවලිය ලත් පිලිප් කොට්‌ලර් මහාචාර්යතුමා අපේ මේ කතාවේ එක්තරා කතා නායකයෙකි. එතුමා අලෙවිකරණය සම්බන්ධ අත්පොතක්‌ වූ ‘අලෙවි කළමනාකරණය” නම් වූ පොත ඇතුළු අලෙවිකරණයට සම්බන්ධ පොත් අනූවකට කතුවරයා හෝ සම කතුවරයා ලෙස තම දැනුම ආයෝජනය කරන ගමන්ම ඒ හා සම්බන්ධ පර්‌යේෂණ නිබන්ධන සිය ගණනක්‌ පළකර ඇති විද්වතෙකි. 
තවද අලෙවිකරණයේ වඩා ප්‍රචලිත අලෙවි මිශ්‍රය (Marketing Mix) හෙවත් 4Ps (Product - භාණ්‌ඩය, Price - මිල, Promotion - ප්‍රවර්ධනය, Place - ස්‌ථානය) යන සංකල්පය ප්‍රචලිත කිරීමට අන් විද්වතුන් සමග මූලික වූ මහාචාර්ය කොට්‌ලර් සමාජ අලෙවිකරණය (Social Marketing) සම්බන්ධවද මූලිකවම කටයුතු කළ අයෙකි. අලෙවිකරණය පිළිබඳ පමණක් නොව සමාජය, ආර්ථික සාධාරණත්වය සහ ධනවාදයේ අඩුපාඩු පිළිබඳව ද අවධානය යොමු කරමින්ද මහාචාර්ය කොට්ලර් තම දැනුම සමාජගත කර ඇත.
මෙහිදී අලෙවිකරණය 1.0 සිට 5.0 තෙක් අලෙවිකරණයේ පරිණාමය ලෙස අගනා සංකල්ප ඉදිරිපත් කළ අතර එහි අලෙවිකරණය 3.0 යන සංකල්පය අලෙවිකරණයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකේ. අලෙවිකරණය 1.0 (Marketing 1.0) ලෙස නිෂ්පාදනය නැඹුරු කරගත් අලෙවිකරණය ලෙස හඳුන්වයි. එනම් මෙහිදී පාරිභෝගිකයා පිළිබඳ සාකච්ඡා නොකරන අතර තමන්ට අවශ්‍ය දේ නිපදවා, තමාට කැමැති පරිදි අලෙවි කිරීමත් සම්බන්ධව සාකච්ඡා කරයි. මෙය සත්‍ය ලෙසට ගනුදෙනු පදනම් කරගත් කෙටිකාලීන අරමුණු ඇති ක්‍රියාමාර්ගයක්‌ ලෙස වර්ග කළ හැක. උදාහරණයක්‌ ලෙස සිසිල් බිම අලෙවිකරණ ආයතනයක්‌ අලෙවි පර්‌යේෂණ සිදුනොකොට තමන් කැමැති සිසිල් බිම වර්ගයක්‌ නිපදවා පාරිභෝගිකයන්ට ලබාදීම මෙයින් අදහස්‌ කරයි. ගැටලු‍ව වන්නේ මෙහිදී පාරිභෝගික වුවමනා හා අවශ්‍යතා සපුරා ලීමට අපොහොසත් වීමයි.
අලෙවිකරණය 2.0 (Marketing 2.0 2.0) පාරිභෝගිකයා නැඹුරු කරගත් අලෙවිකරණ උපාය මාර්ගයකි. මෙහිදී පාරිභෝගිකයාගේ වුවමනා අවශ්‍යතා සපුරා ලිය හැකි භාණ්‌ඩ හා සේවා පමණක්‌ නිපදවා, ඔවුන් තෘප්තිමත් කළහැකි භාණ්‌ඩ වෙළෙඳපොළට නිකුත් කරයි. මෙහිදී භාණ්‌ඩ හා සේවා පිළිබඳව අලෙවි පර්‌යේෂණ ඉතා වැදගත් වනු ඇත. මෙය දිගුකාලීන වන අතර පාරිභෝගිකයා සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමත් දිගුකාලීනව ඔවුන් ආකර්ෂණය කරගෙන එම සම්බන්ධතාව පවත්වා ගැනීමත් මෙහිදී අදහස්‌ කරයි. උදාහරණයක්‌ ලෙස බැංකුවල ගනුදෙනු කිරීමේදී පාරිභෝගිකයන්ට විවිධ අධ්‍යයන සම්මන්ත්‍රණ පැවැත්වීමත්, ඔවුන්ගේ විවිධ පහසුකම් පිළිබඳව උනන්දු වීමත්, ඔවුන්ට අමතර මට්‌ටම්, සහන ලබාදීමත් මෙහිදී දැක්‌විය හැක. නැවත ගනුදෙනු වැඩිකර ගැනීම සඳහා පාරිභෝගිකයන් වෙතට ගොස්‌ සේවා සැපයීමද මෙහිදී අනිවාර්ය අංගයක්‌ ලෙස සැලකේ.
අලෙවිකරණය 3.0 (Marketing 3.0) මෙහිදී සුවිශේෂ වන්නේ පාරිභෝගිකයා මනුෂ්‍යයකු ලෙසද ඔහුට සිතක්‌, හදවතක්‌ ඇති එමෙන්ම අගයක්‌ සහිත පුද්ගලයකු ලෙස මෙහි දක්‌වා තිබීමයි. මෙහි ප්‍රධාන අංගය වනුයේ ආයතනයක්‌ තමාගේ භාණ්ඩ මිලට ගන්න පැමිණෙන තැනැත්තා හුදෙක් පාරිභෝගිකයකු ලෙස සලකනවාට වඩා මනසත්, ශරීරයත් ඇති මනුෂ්‍යයකු ලෙස සැලකීම තුළ වඩා වැඩි අගයක් ඔහුට (ඇයට) ආදේශ කිරීමට හැකි බව සඳහන් කිරීමයි. උදාහරණයක්‌ ලෙස ආයතනයක්‌ වෙළෙඳපොළ නිර්ණය කිරීමේදී හුදෙක්‌ පාරිභෝගිකයකු දෙස බලා නිර්ණය නොකර චින්තනය, හදවත සහ අගය පෙරදැරි කරගත් මනුෂ්‍යයකු දෙස බැලීම මෙහි අදහසයි. 
මේ පාරිභෝගිකයා මනුෂ්‍යයකු දෙස බැලීම යන කරුණ තුළදී අපට අපේ කතාවේ අනෙකුත් කතා නායකයා හමුවේ. ඒ අඟු‍ළුගහ ගමගේ හින්නිඅප්පුහාමි මහතාය. හින්නිඅප්පුහාමි අක්මීමන තම ගමෙන් පිටව යාමට පෙර ඔහුගේ මව ඔහුට හොඳ උපදෙස් ලබා දුන්නේය. “පුතේ ඔයාට ගම දාලා කොළඹ යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයා මොනවා කළත් ඒ දේ බුදුන් වහන්සේගේ ධර්මයට අනුවයි. දෙවිවරුන්ගේ ආශිර්වාදයත් තියෙන්න ඕන” ලෙසය. මෙම උපදෙස සිතට ගෙන හින්නිඅප්පුහාමි සහ ඔහුගේ සහෝදරයෝ ගෙන්දගම් පොළොවට සපැමිණ තම බිස්කට් ව්‍යාපාරය ආරම්භ කළහ. පළමු බිස්කට් එක පාරිභෝගිකයාට පෙර තමන් රස බලා එය “රස නම්-ගුණ නම්”‍ පමණක් පාරිභෝගිකයාට ලබාදෙන්නේ අර තම මවගේ උපදෙස් අනුවය. ඒ මහා සම්මතය තුළ, මනුෂ්‍යත්වය තුළ අලෙවිකරණය 3.0 යනු ඉතා කුඩා අණු ඒකකයකි. මේ අලෙවිකරණයේ 3.0, එනම් හුදෙක්‌ පාරිභෝගිකයකු දෙස බලා නිර්ණය නොකර චින්තනය, හදවත සහ අගය පෙරදැරි කරගත් මනුෂ්‍යයකු දෙස බැලීම වසර පනහකට පෙර අපේ සංස්කෘතිය හා සම්ප්‍රදායන් තුළ මූලික ප්‍රතිපත්ති ඉගැන්වීම් ක්‍රියාත්මක කිරීම කළ බවයි. එය අලෙවිකරණය අතික්‍රමණය කළ ඕනෑම රටක සම්ප්‍රදාය සමග මුසු වුණ විශ්ව යථාර්ථයයි.
මේ කොට්ලර් සහ හින්නිඅප්පුහාමි සම්මුඛ වීම තුළ අප අවශ්‍යයෙන්ම සදහන් කරන්නේ දැනට පවතින අලෙවිකරණය වැනි විෂය ක්ෂේත්‍රයට නව දැනුම එක් කිරීමට අත්‍යවශ්‍ය වන විවිධ දෘෂ්ටිකෝණ කියවීම සඳහා අප අප රටේ හර පද්ධති සහ සම්ප්‍රදායන් අධ්‍යයනය කිරීම විද්වතුන්ගේ සහ වෘත්තිකයන්ගේ අවශ්‍යතාවක් බවට ඇඟවීමකි. එනම් දේශීය අලෙවිකරණය පිළිබඳව කියවීමයි. දේශීය භාවිතයන් පිළිබඳ යම් අවබෝධයක් ඇතිව අලෙවිකරණය වැනි විෂයක් ඉගෙන ගැනීම වැදගත් ය. 
මක්නිසාද යත් වර්තමානයේ අප කතා කරන අලෙවිකරණය එනම් බටහිර මතවාදවල පමණක් ඇතිකළ මිනිසුන්ගේ සම්ප්‍රදායික භාවිතවලින් තොර එදිනෙදා භාවිතයන්ගෙන් සහ භූමියේ යථාර්ථයෙන් බැහැර වූ න්‍යායන් තුළ විසන්ධි වූ අනන්‍ය සහ අවංක නොවූ අලෙවිකරුවකු අප ඉදිරියේ සිටි. එහෙත් වාසනාවට අපගේ කතාව තුළ කොට්ලර්ට අපේම හින්නි අප්පුහාමි හමු වී ඇත. අප අද සිට දිගටම අපගේ දේශීය අලෙවිකරණය ඇතුළු අපේ දැනුම් පද්ධතිය ගැන කළමනාකරණයේ අප අමතක කර ඇති මතක තබා ගත යුතු වියමන් කියවමු. මෙය මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපට තිබෙන තවත් අත්වැලකි. අප සම්ප්‍රදායට ගරුකළ යුතුවන්නේ ඒ නිසාය.



අදහස් (0)

පිලිප් කොට්ලර් සහ හින්නි අප්පුහාමි සම්මුඛවිම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 88 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2025 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site