IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජාත්‍යන්තරව පිළිගත් විශිෂ්ටම විදේශ අධ්‍යාපන සරසවිය IIBM Campus

මෙරට අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයකු වන IIBM Campus  ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශිෂ්ටම විදේශ අධ්‍යාපන විශ්ව විද්‍යාලය ලෙස තායිලන්තයේ බැංකොක් නුවර පැලස් හෝටල් පරිශ්‍රයේදී පැවැති International Sapphire සම්මාන උළෙලේදී සම්මාන දිනුවේය. මෙම සම්මානයෙන් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයකට ඇතුළත් වී අධ්‍යාපනය හැදෑරීමේ අපේක්ෂාවෙන් සිටින සිසුන්ට අවශ්‍ය සහයෝගය සහ මඟ පෙන්වීම සැපැයීමට එම ආයතනය සතු කැපවීම යළි තහවුරු වේ. 

IIBM Campus සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා යාමට බලාපොරොත්තු වන රටවලට වීසා ගැනීමේ කටයුතුවලදී සපයන සහාය එහිදී විශේෂ ඇගැයීමට ලක් විය. එම ආයතනයේ උපදේශකයන් සෑම සිසුවෙකුම වීසා අයැදුම් කිරීමේදී පිළිගත් ප්‍රමිතිවලට සහ නිර්ණායකවලට අනුව පිළියෙළ කළ ලිපිගොනු ඉදිරිපත් කරන බව සහතික කරයි.

සිසුන්ට එම උපදේශකයන් වෙතින් වෘත්තීය ඉලක්ක කරා ළඟා වීමට අවශ්‍ය නිසි මඟ පෙන්වීම ගත හැකිය. අධ්‍යාපනය සඳහා විදේශගත වීමට අදාළ සෑම අදියරකදීම සිසුන්ට සහාය වන ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශකයන් කණ්ඩායමක් එහි සේවය කරයි. සෑම සිසුවකු කෙරෙහිම ඔවුන්ගේ සුවිශේෂ අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයෙන් අවධානය යොමු කරන IIBM Campus එකිනෙකට වෙනස් අධ්‍යාපන පද්ධති, සංස්කෘතික වෙනස්කම් පිළිබඳව උගත යුතු දෑ සහ අවශ්‍ය බඩු බාහිරාදිය සූදානම් කර ගැනීම වැනි සෑම අංශයකටම අදාළ උපදෙස් ඉතා නිවැරැදිව සහ පැහැදිලිව සැපැයීම සිසුන්ට විශාල පහසුවකි.

එම ආයතනය ඉහළ පෙළේ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන සමඟ ඇති කර ගෙන ඇති හවුල්කාරිත්ව තුළින් උසස් තත්ත්වයේ ගෝලීය වශයෙන් පිළිගත් පාඨමාලා හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලැබේ. 



අදහස් (0)

ජාත්‍යන්තරව පිළිගත් විශිෂ්ටම විදේශ අධ්‍යාපන සරසවිය IIBM Campus

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site