IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කටුනායක එංගලන්ත ඇගලුම් කම්හලක් වසා දමයි: නිෂ්පාදන වියදම දරාගන්න බෑ

කටුනායක ටී. කේ. ජී. කපිල 


කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් 2000ක් පමණ සේවය කළ ‘නෙක්ස්ට්’ නමැති ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඊයේ (20) සිට හදිසියේම වසා දමා ඇත. 
1978 වසරේ සිට ආරම්භ කර ඇති මෙම කර්මාන්ත ශාලාව එංගලන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් වන අතර එහි නිෂ්පාදිත ඇඟලුම් ලන්ඩන් නුවර වෙත අපනයනය කළ බව එහි සේවකයෝ පවසති. 
වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ පවතින නිෂ්පාදන පිරිවැය තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසා මෙම කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කළ බව පාලනාධිකාරිය සේවකයන්ට නිකුත් කර ඇති නිවේදනයක සඳහන්  වේ. 
කර්මාන්ත ශාලාව ඉබි යතුරු දමා වසා දමා ඇති අතර, ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැඳී සිටින අතර කර්මාන්ත ශාලාව තුළ කිසිදු වගකිවයුතු නිලධාරියකු නොමැති බව ද එම ආරක්ෂක නිලධාරීහු පැවසූහ. 



අදහස් (0)

කටුනායක එංගලන්ත ඇගලුම් කම්හලක් වසා දමයි: නිෂ්පාදන වියදම දරාගන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site