IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ තත්ව සහ ඵලදායිතා අභිවර්ධනය කිරීමේ සංගමය 2025 සමුළුවේදී NCQP එළි දක්වයි

මෙරට ක්‍රියාත්මක ශ්‍රී ලංකා තත්ව සහ ඵලදායිතා අභිවර්ධනය කිරීමේ සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ජාතික තත්ව සහ ඵලදායිතා සමුළුව (NCQP) 2025 පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුව පසුගියදා කොළඹ BMICH හිදී පැවැත්විණි.
මැයි මස 21 සහ 22 යන දිනවල කොළඹ මවුන්ට් ලැවීනියා හෝටලයේ පැවැත්වෙන මෙම සමුළුවට 70 කට වැඩි ආයතන ගණනකින් කණ්ඩායම් 440 ක් පමණ නියෝජනය කිරීමට නියමිතය.
මේ සෑම කණ්ඩායමක්ම ගුණාත්මකභාවය සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා අනුගමනය කළ නව්‍ය ප්‍රවේශ සහ ජයග්‍රහණ, පුහුණු විනිසුරුවන් ඉදිරියේ ප්‍රදර්ශනය කරනු ලැබේ. මෙය මෙරට නිෂ්පාදන සහ සේවාවල ගුණාත්මකභාවය හා ඵලදායිතාව අභිවර්ධනය කිරීම සඳහා කටයුතු කරන වෘත්තිකයන්ගේ විශාලතම සමුළුව වනු ඇත.
ශ්‍රී ලංකා තත්ව කව සංගමයේ අනුප්‍රාප්තිකයා ලෙස 1996 දී පිහිටුවන ලද SLAAQP සංගමය මෙරට තත්ව සහ ඵලදායිතාව පිළිබඳ ජාතියේ ප්‍රමිති ඉදිරියට ගෙන යාමේ ප්‍රමුඛතම ආයතනයයි. “NCQP යනු සාමූහික දක්ෂතාව සහ නොපසුබට උත්සාහය අගය කිරීමේ තෝතැන්නක් පමණක් නොව සාර්ථකත්වයට පත්වීම පිළිබඳව හා අභියෝග ජයගත් ආකාරය පිළිබඳව සැලකිලිමත් වන, නවෝත්පාදන බෙදාගැනීම සඳහා අවස්ථාව ලබා දෙන එකම ජාතික වේදිකාවයි.” SLAAQP හි සභාපතිනිය ආචාර්ය සුරනි ඩයස් මහත්මිය විශේෂයෙන්ම මේ බව සඳහන් කළාය.
මෙවර සමුළුවේ තේමාව ”‍සීමාවෙන් ඔබ්බට: වෙළෙඳපොළ තරගකාරිත්වය සඳහා වූ ගුණාත්මකභාවය, ඵලදායිතාව සහ නවෝත්පාදනය”‍ යන්නයි. මෙහිදී ප්‍රධාන වශයෙන් නව පාලන කව (QCCs), තත්ව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති (QIPs), Lean Six Sigma (LSS), අන්තර් ක්‍රියාකාරී කණ්ඩායම් (CFTs) සහ Kaizen වැඩිදියුණු කිරීම් යන කාණ්ඩ 5 යටතේ කණ්ඩායම් ඉදිරිපත් කිරීම් පවත්වන අතර ඔවුන්ගේ විශිෂ්ටතා ඇගයීමකට ලක් කරනු ලැබේ.
“SLAAQP හි අපගේ මෙහෙවර සැමවිටම මෙහෙයවනු ලබන්නේ අඛණ්ඩ වැඩිදියුණු කිරීම යනු විකල්පයක් නොව අවශ්‍යතාවක් යන හැඟීමෙනි. නවෝත්පාදන හා විශිෂ්ටත්වයේ සංස්කෘතියක් පෝෂණය කිරීමෙන්, තරගකාරී ගෝලීය භූ දර්ශනයක් තුළ දියුණු වීමට අවශ්‍ය මෙවලම්වලින් ශ්‍රී ලාංකික සංවිධාන සන්නද්ධ කිරීම අපගේ උත්සාහයයි.”‍ ආචාර්ය ඩයස් මහත්මිය අවධාරණය කළාය.

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ තත්ව සහ ඵලදායිතා අභිවර්ධනය කිරීමේ සංගමය 2025 සමුළුවේදී NCQP එළි දක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site