කොටස් වෙළෙදපොළ නැවත වතාවක් සුළු එහෙත් ස්ථාවර වර්ධනයක් සහිතව සක්‍රීය වන බව ඊයේ (මැයි 21) ගනු දෙනු අවසානයේ දී පෙන්නුම් කළේය. මධ්‍යහ්නයේ දී තරමක පසුබෑමක් සහිත වූ නමුත් දිනයේ ආරම්භක අවස්ථාවේ සනිටුහන් කළ දර්ශක ද පරාජය කරමින් දිනය අවසන් කරන ලද බව වෙළෙදපොළ සම්බන්ධ අවසන් වාර්තා හෙළි කරයි.
එලයන්ස් ෂිනෑන්ස් සහ හේලීස් යන සමාගම් ණයකර නිකුතුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ලංකා බැංකුව සහ මර්චන්ට් බැංක් ඔෆ් ශ්‍රී ලංකා යන සමාගම් මෑතක දී නිකුත් කළ ණය කර අධි ඉල්ලුමක් සහිතව අවසන් වූ බැවින් මෙම නිකුතු සඳහා ද ප්‍රමාණවත් අවධානයක් යොමු වනු ඇතැයි සැලකේ. සෙන්ට්‍රල් ෆිනෑන්ස් කොටසක් සඳහා රුපියල් 10.00 ක්, බලංගොඩ වැවිලි රුපියල් 1.00ක් හා කාර්ගීල්ස් රුපියල් 11.70 ක් බැගින් ලාභාංශ ප්‍රකාශ වී ඇත.
දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,355.91 ක් වූ අතර, එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 19.61 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,816.36 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 5.17 ක ඉහළ යෑමක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 18,632 ක් වාර්තා වූ අතර, සමාගම් 124 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 96 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 2,428.38 ක් විය. කොටස් මිලියන 170.9 ක් හුවමාරු වූ බව දැක්වේ. ඉදිරි දින කිහිපය තුළ තවත් වටයකින් මිල දී ගැනීමේ අවස්ථා දියුණු විය හැකි බව ආයෝජන උපදේශකයෝ පෙන්වා දෙති. විශේෂයෙන් පසුගිය දින ගණනාව තුළ විදේශ මිල දී ගැනීම් සක්‍රීය වී ඇත. ඊයේ රුපියල් මිලියන 48 ක කොටස් විකුණන අතර රුපියල් මිලියන 559 ක කොටස් විදේශීය ආයෝජකයන් මිලදී ගෙන තිබුණි. වෙළෙදපොළ ආයෝජනයේ දී කෙටි හා මධ්‍ය කාලීන මිල දී ගැනීම් සඳහා නැඹුරුව ඉතා සුදුසු බව උපදේශක මතය වී තිබේ. අඩු මිල ගණන්වල පවතින ඇතැම් සමාගම්වල කොටස් සඳහා නුදුරු දිනවල අධි ඉල්ලුමක් අපේක්ෂා කළ හැකි බව ප්‍රකාශ වේ.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
490
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාභාංශ-ණයකර ප්‍රකාශවලින් වෙළෙඳපොළ පොහොසත් වේ