කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් / කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග
2025 වසර සඳහා සුවිශේෂී ශක්තිමත් ආරම්භයක් ලබා ගනිමින්, කොමර්ෂල් බැංකු සමූහය වසරේ පළමු කාර්තුවේදී හිතකර ලාබයක් සහ ශේෂ පත්‍ර වර්ධනයක් වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධිත සමාගම් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළෙඳපොළ ^CSE& වෙත වාර්තා කර ඇති පරිදි 2025 මාර්තු 31 වන විට සමූහයේ මුළු වත්කම්වල අගය රුපියල් ට්‍රිලියන 2.999 ක් දක්වා වර්ධනය වූ බවයි.
කාර්තුව සඳහා දළ ආදායම රුපියල් බිලියන 88.10 ක් දක්වා සියයට 9.85 කින් වර්ධනය වී ඇති අතර පොලී ආදායම රුපියල් බිලියන 72.60 ක් දක්වා සියයට 3.14 කින් වර්ධනය වී ඇත. පැවති අඩු අනුපාත හේතුවෙන් බැංකුවේ වගකීම් ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පොලී වියදම් රුපියල් බිලියන 38.38 ක් දක්වා සියයට 10.09 කින් අඩු වීම නිසා සමාලෝචනය කරන ලද මාස තුන සඳහා ශුද්ධ පොලී ආදායම සියයට 23.53ක වර්ධනයක් සමඟ රුපියල් බිලියන 34.21 ක් විය.
මුළු මෙහෙයුම් ආදායම සියයට 33.40 කින් වර්ධනය වී රුපියල් බිලියන 46.62 ක් වූ නමුදු හානිපූර්ණ ගාස්තු හා අනෙකුත් පාඩු සඳහා සමූහයේ වෙන් කිරීම් සියයට 110.44 කින් රුපියල් බිලියන 7.23 ක් දක්වා වැඩි කරන ලදී. මෙහිදී තනි තනිව සැලකිය යුතු ගනුදෙනුකරුවන් සඳහා විචක්ෂණශීලී පදනමක් මත සිදු කරන පද අතිරේක ප්‍රතිපාදන හේතුවෙන් බැංකුවේ දුර්වල ණය (අදියර 3) අනුපාතය ශක්තිමත් විය.
එහි ප්‍රතිඵලයක් ලෙස මාස තුන සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 39.39 ක් වූ අතර එය සියයට 25.00ක වර්ධනයකි. මෙහෙයුම් වියදම් සියයට 6.20ක අඩු වර්ධනයක් සමඟ රුපියල් බිලියන 12.80 කට සීමා කර ගැනීමට සමූහයට ඇති හැකියාව හේතුවෙන් මූල්‍ය සේවා සඳහා බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාබය රුපියල් බිලියන 26.59 ක් දක්වා සියයට 36.64 කින් වර්ධනය විය.
මූල්‍ය සේවා සඳහා වන බදු සියයට 48.18 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 4.03 ක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මාස තුන සඳහා සමූහයේ බදු වලට පෙර ලාබය රුපියල් බිලියන 22.56 ක් විය. එය සියයට 34.77 ක වර්ධනයකි. ආදායම් බදු සියයට 27.92 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 7.58 ක් වීම හේතුවෙන් සමාලෝචනය කරන ලද කාර්තුව සඳහා සමූහයේ ශුද්ධ ලාබය රුපියල් බිලියන 14.97 ක් වූ අතර එය සියයට 38.52 ක වර්ධනයකි.
වෙනමම ගත් විට කොමර්ෂල් බැංකුව පමණක් මාස තුන සඳහා බදු වලට පෙර රුපියල් බිලියන 21.88 ක ලාබයක් සහ බදු වලට පසු රුපියල් බිලියන 14.50 ක ලාබයක් වාර්තා කර ඇති අතර එය පිළිවෙළින් සියයට 35.10 ක හා සියයට 38.71 ක වර්ධනයකි.
මෙම ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුසීන් මහතා මෙසේ පැවසීය: “වසරේ පළමු කාර්තුව තුළ සමූහය සුවිශේෂී කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇති අතර එය ව්‍යාපාර පරිමාව අනුව පමණක් ම නොවේ. පෞද්ගලික අංශයේ බැංකු සමූහයක් පළමු වරට වත්කම් රුපියල් ට්‍රිලියන 3ක සන්ධිස්ථානයකට ළඟා වීම සැලකිය යුතු ජයග්‍රහණයකි. ඒ හා සමානව ම, බැංකුවේ දුර්වල ණය (අදියර 3) අනුපාතය පහත වැටීම සහ ශේෂ පත්‍ර වර්ධනයට සමගාමීව ශුද්ධ පොලී ආන්තිකය වැඩිදියුණු වීම ද සැලකිය යුතු කරුණු වේ.”
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, සනත් මනතුංග මහතා සඳහන් කළේ 2024 ප්‍රවණතාව අඛණ්ඩව පවත්වාගෙන යමින් පළමු කාර්තුවේ දී සමූහය සිය ණය පොතේ සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන ඇති බවත්, පෙර වසරේ අනුරූප කාර්තුවේදී වෙළෙද කටයුතුවලින් ලද රුපියල් බිලියන 1.9 ක ශුද්ධ අලාභයක් ආපසු හරවා ඇති බවත්ය. මේ අතර ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම තුන් ගුණයකින් පමණ වැඩි වී ඇති බවත්, ස්ථාවර තැන්පතු සඳහා වැඩි ඉල්ලුමක් තිබියදීත් හොඳම CASA අනුපාතය පවත්වාගෙන යන බවත් ඔහු පෙන්වා දුන්නේය. “මෙමගින් ව්‍යාපාරයේ විවිධ අංශ කෙරෙහි අප දක්වන අවධානය පෙන්නුම් කරන අතර මේ සියල්ල අපගේ ශක්තිමත් පළමු කාර්තුවේ ප්‍රතිඵල වලට දායක වී තිබෙනවා. එමගින් අපි අනාගත වර්ධනය සඳහා ඔරොත්තු දීමේ හැකියාව ද ගොඩනඟා ගෙන ඇත්තෙමු,” යනුවෙන් ද මනතුංග මහතා පැවසීය.
සමාලෝචනයට ලක් කළ මාස තුන තුළ සමූහයේ මුළු වත්කම් රුපියල් බිලියන 122.85 කින් හෙවත් සියයට 4.27 කින් ඉහළ ගොස් 2025 මාර්තු 31 වන දිනට රුපියල් ටි්‍රලියන 2.999ක් බවට පත් විය. සමූහය කාර්තුව අවසන් කලේ රුපියල් ටි්‍රලියන 1.642 ක දළ ණය අත්තිකාරම් අගයක් සමඟිනි. එය මාස තුනක් තුළදී රුපියල් බිලියන 116.75 ක එනම් සියයට 7.65 ක වර්ධනයක් වන අතර රුපියල් බිලියන 38.92 ක මාසික සාමාන්‍ය වර්ධනයකි. පසුගිය මාස 12 තුළ ණය පොත් වර්ධනය රුපියල් බිලියන 326.02 ක් වූ අතර එහි මාසික සාමාන්‍ය අගය රුපියල් බිලියන 27.17 කි.
මේ අතර, සමාලෝචනය කරන ලද මාස තුන තුළ තැන්පතු වල වටිනාකම රුපියල් බිලියන 105.82 කින් එනම් සියයට 4.59 කින්, රුපියල් ටි්‍රලියන 2.412 ක් දක්වා වර්ධනය වී ඇත. එය රුපියල් බිලියන 35.27 ක සාමාන්‍ය මාසික වර්ධනයක් හා මාස 12ක් තුළ රුපියල් බිලියන 22.60 ක සාමාන්‍ය වර්ධනයකි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කොමර්ෂල් බැංකුව 2025 පළමු කාර්තුවේ රු. ට්‍රිලියන 3 ක වත්කම්වලට ළඟාවෙයි