ජා-ඇල ප‍්‍රදේශයේ ඉදිවන VIMAN මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ 3 වැනි අදියර නිවාස සඳහා සියයට 100 නිවාස ණය පහසුකම් ලබා දීම සඳහා ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම සමඟ NDB බැංකුව හවුල්කරුවකු ලෙස සම්බන්ධ වීම පිළිබඳව ඉතා සතුටින් දැනුම් දී සිටියි. දැරියහැකි මිලකට, වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් සහිත නිවාස ණය විසඳුම් සොයන ශ‍්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා NDB බැංකුව නිරන්තරයෙන්ම කැපවීමේ ප‍්‍රතිළුලයක් ලෙස මෙම උපායමාර්ගික සහයෝගීතා සඳහන් කළ හැක.
ජා-ඇල ප‍්‍රදේශයේ සමෘද්ධිමත් අර්ධ නාගරික කලාපයක පිහිටා ඇති VIMAN මහල් නිවාස සංකීර්ණය, එම ප‍්‍රදේශයේ වඩාත්ම ඉල්ලූමක් ඇති නේවාසික ව්‍යාපෘතියක් ලෙස කැපී පෙනෙන අවධානයක් දිනාගෙන තිබේ. අක්කර හයක් පුරා පැතිරී ඇති මෙම නවීන මහල් නිවාස ඒකක 418 කින් සමන්විත වේ. මේ වන විට සමස්ත ව්‍යාපෘතියෙන් ඒකක සියයට 75 ක් දැනටමත් විකුණා අවසන්ව ඇති VIMAN ව්‍යාපෘතිය, නවීන නාගරික ජීවිතය සහ සන්සුන් ස්වාභාවික වටපිටාව දෙක මුසු වූ හැඟීමක් එක් කරයි. සෑම නිවාස ඒකකයක්ම සුවපහසුව, පෞද්ගලිකත්වය අතර සමතුලිතතාවක් මනාව කැටිකරගනිමින් නිර්මාණය කර ඇති මෙම 3 වැනි අදියරේ නිවාස නිදන කාමර 2 සහ නිදන කාමර 3 නිවාස ඒකක වශයෙන් ලබා ගත හැකිය.
NDB බැංකුව මගින් මෙම නව මහල් නිවාස මිලදී ගැනීම සඳහා සියයට 100 ණය පහසුකමක් ලබාදීමෙන් එම නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට මූලික වියදම ලෙස විශාල මුදලක් අවශ්‍ය නොවීම නිසා තම සිහින නිවස ඔවුන්ගේ කර ගැනීම සඳහා ප‍්‍රවේශය ඉතා පහසු වී තිබේ. විශේෂයෙන්, ශ‍්‍රී ලංකාවේ බැංකු ක්ෂේත‍්‍රයේ බැංකුවක් ප‍්‍රමුඛ පෙළේ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියක් සඳහා මෙවැනි සියයට 100 මූල්‍යකරණ පහසුකමක් ලබා දුන් පළමු අවස්ථාව මෙය වන අතර එය පාරිභෝගිකයා මූලික කොටගත්, මූල්‍ය නවෝත්පාදන අංශය සඳහා නව පූර්වාදර්ශයක් සනිටුහන් කරයි. ණය පහසුකම පූර්ව අනුමත ඉදිකිරීම් කාලසටහනකට අනුකූලව මුදා හරිනු ලබන අතර, පැවරුම් ඔප්පුවල නිසි ලෙස පැවරීම් කටයුතු අවසන්වීමෙන් පසු අවසාන වාරිකය නිකුත් කෙරේ. 2027 වන විට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කරන බැවින්, මෙම ක්‍රියාවලිය නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට වඩාත් නම්‍යශීලී සහ මනසේ සාමය යන දෙකම සහතික කරයි.
මෙම සීමිත කාලීන දීමනාව 2025 සැප්තැම්බර් දක්වා වලංගු වන අතර, නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට NDB බැංකුවේ අසමසම මූල්‍ය සහයෝගය සමගින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ආකර්ෂණීය මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට අද්විතීය අවස්ථාවක් ඉදිරිපත් කරයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
NDB බැංකුව ජා-ඇල VIMAN ව්‍යාපෘතියට සුවිශේෂ මූල්‍ය පහසුකම් සපයමින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමග හවුල් වේ