IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පවුල් එකකවලින් සියයට 55 ක් ණය බරින් මිරිකිලා

  • වැඩිම ප්‍රතිශතය වූ සියයට 31 ක පවුල් සංඛ්‍යාවක් දේපළ උකස් කිරීම හේතුවෙන් ණය වෙලා
  • තවත් පවුල් ඒකක සියයට 21.9 ක් බැංකුවලට ණය වෙලා
  • තවත් සියයට 9.7 ක් මුදල් පොලියට ගැනීම හේතුවෙන් ණය බරින් මිරිකිලා
  • දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් ලාංකික පවුල් ඒකකවලින් සියයට 60.5ක අදායම අඩුවෙලා
  • ආදායම වැඩි වී ඇත්තේ පවුල්වලින් සියයට 3.4 ක පමණයි
  • ලාංකික පවුල්වලින් සියයට 91.1 ක සමස්ත සාමන්‍ය මාසික වියදම ඉහළ ගිහින්
  • මාසික වියදම අඩුවී ඇත්තේ පවුල්වලින් සියයට 3.6 ක පමණයි
  • සියයට 5.6 ක් ව්‍යාපාර අත්හැර වැටුප් සහිත රැකියාවකට යොමුවෙලා

විමුක්ති එස් රුද්‍රිගු

නිදහස ලැබීමෙන් පසු මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 22 ක් ණය බරින් මිරිකී ඇති බවත් වර්තමානය වනවිට මෙරට පවුල් ඒකකවලින් සියයට 54.9 ක් ණය බරින් පීඩිත වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සමීක්ෂණ වර්තාවක දැක්වේ.

ඉන් වැඩිම ප්‍රතිශතය වූ සියයට 31 ක පවුල් සංඛ්‍යාවක් දේපළ උකස් කිරීම හේතුවෙන් ණය වී ඇති බවද එම වාර්තාවේ දැක්වේ. එසේම තවත් පවුල් එක්ක සියයට 21.9 ක් බැංකුවලට ණය වී ඇති බවත් තවත් සියයට 9.7 ක් මුදල් පොලියට ගැනීම හේතුවෙන් ණය බරින් මිරිකී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

නිදහස ලැබීමෙන් පසු මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකික පවුල් ඒකකවලින් සියයට 60.5 ක අදායම අඩුවී ඇති බවත් ආදායම වැඩි වී ඇත්තේ මෙරට පවුල්වලින් සියයට 3.4 කගේ පමණක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සමීක්ෂණ වර්තාවක දැක්වේ.

ආර්ථික අර්බුදය හමුවේ ආදායම නොවෙනස්ව ලැබී ඇත්තේ ශ්‍රී ලාංකික පවුල් සියයට 36.6 කට පමණක් බවද එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. ශ්‍රී ලාංකික පවුල්වලින් සියයට 91.1 ක සමස්ත සාමන්‍ය මාසික වියදම ඉහළ ගොස් ඇති බවත් මාසික වියදම අඩුවී ඇත්තේ පවුල්වලින් සියයට 3.6 ක පමණක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ නමුත් මෙරට පවුල්වලින් සියයට 5.3 ක සමස්ත සාමාන්‍ය මාසික වියදම ආර්ථික අර්බුදය හමුවේ කිසිදු වෙනස්කමක් සිදුව නොමැති බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ආර්ථික අර්බුදය හමුවේ මාසික ආදායම අඩුවූ පවුල්වලින් සියයට 73.6 ක් එය මග හරවා ගැනීමට කිසිඳු ක්‍රියා මාර්ගයක් ගෙන නැතැයි සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. සියයට 6.6 ක් දෙවැනි රැකියාවක් හෝ අමතර ආදායම් මාර්ගයක් සොයා ගෙන ඇති බවත් සියයට 5.6 ක් ව්‍යාපාර අත්හැර වැටුප් සහිත රැකියාවක් වෙත යොමුවී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජනතාවගෙන් සියයට 7ක් ඔවුන් ප්‍රතිකාර ගත් ක්‍රමය වෙනස්කර ඇතැයිද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේය.

එලෙස ප්‍රතිකාර ගන්නා ක්‍රමය වෙනස් කළ සියයට 7ක ප්‍රතිශතයෙන් සියයට 81.7 ක් මුදල් නොමැතිකම හේතුවෙන් ඔවුන් ප්‍රතිකාර ගන්නා ක්‍රමය වෙනස් කර ඇති බව සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. එසේම සියයට 33.8 ක් ප්‍රවාහන ගැටලු‍ හේතුවෙන් ප්‍රතිකාර ගන්නා ක්‍රමය වෙනස් කර ඇති බවත් සියයට 23.3 ක් සම්පත් හෝ සේවා සපයන්නන් නොමැතිකම හේතුවෙන් ප්‍රතිකාර ගන්නා ක්‍රමය වෙනස් කර ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. සියයට 19 ක් ඉන්ධන නොමැතිකම හේතුවෙන් ප්‍රතිකාර ගන්නා ක්‍රමය වෙනස් කර ඇත.

ආර්ථික අර්බුදය පැවැති කාලයේදී ජනගහනයෙන් සියයට 29.1 ක් කිසියම් රෝගී තත්වයකින් පෙළී ඇති බවත් ඉන් 23.1 ක රෝගීන් සංඛ්‍යාවක් ප්‍රධාන ප්‍රතිකාර ගන්නා ක්‍රමය වෙනස් කර ඇති බවත් සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

ඉන් මුදල් නොමැතිකම හේතුවෙන් සියයට 18.8 ක ප්‍රතිශතයකට ප්‍රධාන ප්‍රතිකාර ගන්න ක්‍රමය වෙනස් කිරීමට සිදුවී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය. සියයට 1.3 ක ප්‍රතිශතයක් ඔවුන්ගේ රෝග වලට ප්‍රතිකාර කරගෙන ඇති බවත් සියයට 4.5 ක ප්‍රතිශතයක් කිසිඳු ප්‍රතිකාරයක් ලබාගෙන නොමැති බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

මෙරට වයස අවුරුදු 3 ත් 21 ත් අතර සියයට 54.9 ක ළමා හා තරුණ ප්‍රජාවගේ පාසල් ගමනට ආර්ථික අර්බුදය හේතුවෙන් ජාතික මට්ටමින් බාධා එල්ල වී ඇති බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය. එහිදී සියයට 54.2 ක නාගරික ළමා හා තරුණ ප්‍රජාවගේ පාසල් ගමනට බාධා එල්ල වී ඇති බවත් සියයට 55.1 ක ග්‍රාමීය ළමා හා තරුණ ප්‍රජාවගේ පාසල් ගමනට ආර්ථික අර්බුදය හේතුවෙන් බාධා එල්ල වී ඇති බවත් සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. ආර්ථික අර්බුදය හේතුවෙන් වතුකරයේ ළමා හා තරුණ ප්‍රජාවගේ පාසල් ගමනට බාධා එල්ල වී ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.

එලෙස පාසල් ගමනට බාධා එල්ල වූ සියයට 54.9 ක ප්‍රතිශතයෙන් සියයට 93.5 ක ප්‍රතිශතයක් බාධා මග හරවා ගැනීම සඳහා අවම වශයෙන් එක් ක්‍රියා මාර්ගයක්වත් ගෙන ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එහිදී සියයට 53.2 ක ප්‍රතිශතයක් පාසල් පොත්පත් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම අඩුකර හෝ නවතා දමා ඇති බවත් සියයට 44 ක් ඇඳුම් මිලදී ගැනීම, මැසීම අඩුකර හෝ නවතා දමා ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ. සියයට 40 ක් බාධා මග හරවා ගැනීම සඳහා උපකාරක පන්තිවලට සහභාගී වීම මගහැර ඇතැයිද එම වාර්තාව පෙන්වා දෙයි.

දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි කළ මෙම සමීක්ෂණයට සහභාගී වූවන් පිළිතුරු කීපයක් ලබාදුන් බැවින් ප්‍රතිශතය සියයට 100 ට සමාන නොවන බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.



අදහස් (0)

පවුල් එකකවලින් සියයට 55 ක් ණය බරින් මිරිකිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site