IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඩොලර් උපද්දන්න මිනිපේ සංචාරක ව්‍යාපෘතියක්

හසලක සුනිල් ඒකනායක


මිනිපේ දුම්බර කඳුකර මහ වනය ප්‍රදේශයේ ඇති ඵෙතිහාසික වශයෙන් වැදගත් වර්තමානයේ වනය විසින් ගිල ගනිමින් පවතින ජාතියට අහිමි වී යන පුරාවිද්‍යාත්මක ස්ථාන ප්‍රතිසංස්කරණය කර එම ස්ථාන විදේශ විනිමය උපයන ආකර්ෂණීය සංචාරක ස්ථාන බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නැයි සංචාරක ව්‍යාපාරයේ නියුතු වූවෝ අදාළ අංශ වෙත අවධාරණය කරති.
මිනිබේ, මණිඛෙ, මිනිපා, මිනිපව් සහ වේරමිනිපේ ආදි හෙළ නාමයන්ගෙන් අතීතයේ හඳුන්වනු ලැබූ මිනිපේ මහ ගොවි ජනපදය පුරාවටම ඇත්තේ ඵෙතිහාසික වශයෙන් වැදගත් ස්ථානයි. මෙම ස්ථාන සංරක්ෂණය කොට මතුපරපුරේ ප්‍රයෝජනය හා අධ්‍යාපන කටයුතුවලට විවර නොවීම නිසා ඒවා අද විනාශය කරා යමින් වනාන්තරය විසින් ගිල ගනිමින් ජාතියට අහිමි වෙමින් පවතින තත්වයක් වාර්තා වෙමින් තිබෙන බවත් එය කනගාටු දායක තත්වයක් බවත් ප්‍රදේශවාසීහු පවසති.
සංචාරක ව්‍යාපාරයේ නියුතු මිනිපේ පුරාවිද්‍යා ගවේෂක ඩබ්ලිව්. ඒ. මහින්ද විජේසිංහ මහතා මෙසේ පැවසීය. ප්‍රදේශයේ දියුණු කළ යුතු සංචාරක ආකර්ෂණීය ස්ථාන වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන් දුටුගැමුණු රජු මහියංගණයේ විසු සමයේ සොරබොර ජලාශය ඉදිකළ සෙන්පති බුලතා නැමැති අයගේ බිරිඳ වන කළු එතනා සිය සැමියාට උඩුදුම්බර කිරිපට්ටිය ප්‍රදේශයේ සිට ආහාර පාන රැගෙන කඳුකර මහවනය මැදින් ආ ගිය පා ගමනේදි ගල් පඩි 2000කට අධික සංඛ්‍යාවකින් සමන්විතව ඉදිකළ අද විනාශය කරා යන ගල්පඩි හෙළ මාර්ගය, එම රජ සමය දක්වා ඉතිහාසයක් තිබෙන රජුගේ සෙන්පතියකු විසින් රන් දුන්නක් පරිත්‍යාග කිරිමෙන් පසු රන්දුනු මුදියන්සේලාගේ පරපුරෙන් පැවත එන නකලස් කඳුපද්දතියේ මහවනයේ පිහිටි ඉපැරණි ජනතාවක් වෙසෙන ගලමුදුන හා ගල්දෙබොක්ක අති දුෂ්කර හා සුන්දර ගම්මාන දෙක, රාවනා රජු විසින් සිතාවන් සැඟවුවා යැයි ජනවහර සඳහන් කරන හා වරෙක එම ජනවහරම සඳහන් කරන තාපසයන් රැසක් භාවනානුයෝගිව සිටි බව කියන හසලක, ගුරුළුපොත සිතා කොටුව අශෝක වනය, එම රජුගේ ගුවන් යානය වන දඬුමොණරය ස්ථානගත කලායැයි කියන හා එතුමා විසුවා යැයි ජනවහර කියන යහනක හැඩය ගත් යහන්ගල, කොළොංගොඩ ප්‍රදේශයේ විසු ප්‍රාන්ත පාලකයකු විසින් එකල දිය නෑම සදහා භාවිතකළ බව කියන උසින් අඩි 330ක් සහ පළලින් අඩි 100ක් පමණ වන හසලක රක්ෂිත මහවනයේ පිහිටි සුන්දර රත්නැල්ල හා කළුවා වැටුණ දිය ඇල්ල, විජය- කුවේණිය හමුවෙන කතාවේ කුවේණිය කපු කටිමන් සිටි බව කියන ගලමුදුන ගමට ආසන්නයේ පිහිටි කුවේණිගල වැනි ස්ථාන සංචාරක වශයෙන් සංවර්ධනය විය යුතු ස්ථාන බවට අපි මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
මෙයට අමතරව කුවණ්නා හෙවත් කුවේණිය සහ ඇයගේ පියාණන් වු බම්බා රජු උපත ලද බව කියන මහවැලි ගඟ අසබඩ පිහිටි බැඹියගම, සංඝතිස්ස, සිරිසඟබෝ සහ ගෝඨාභය යන කුමරුවරුන් සිප් සතර හරදෑරු බව සදහන් වෙන මාළිගාපතන ගම යන ප්‍රදේශයන්ද ඵෙතිහාසික වටිනාකමින් යුතු ස්ථාන හා ගම්මාන වෙනවා.
සුමන සමන් දෙවියන්ගේ වැඩිමහල් සොහොයුරිය විසු බව ඵෙතිහාසික කතාවල සඳහන් වන ප්‍රදේශයේ ගොවි ජනතාව අතර ප්‍රචලිත තෙදබලැති මහලොකුවන් හෙවත් මහලොකු දේව මෑණියෝ වැඩ සිටි බව කියන හසලක කඳන්හේන බෝමළුව ආගමික ස්ථානයද වැදගත්ය.
මෙම ස්ථාන දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත සිත බැඳෙන අයුරින් සකස් කිරීම හා පෙදු පහසුකම් සැකසීම, එම ස්ථාන කරා යෑම සදහා ගමන් පහසුකම් සැලසීම සහ මෙම ස්ථාන සංචාරක අමාත්‍යාංශයට හා සංචාරක මණ්ඩලයට යොමු කර සංචාරකයන් ඒ හරහා දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කිරීමෙන් ප්‍රදේශයේ ගම්මාන ආශ්‍රීත මාර්ග දියුණු වෙනවා වාගේම රැකියා විරහිත විශාල පිරිසකට විවිධ වු ආදායම් මාර්ග ඇති වන බවත් සඳහන් කරන්න පුළුවන්. 
මිනිපේ ඵෙතිහාසික ස්ථාන සුරැකිමු සංවිධානයේ ලේකම් රංජිත් කුලතුංග මහතා මෙසේ පැවසීය. ප්‍රදේශයේ තිබෙන ආකර්ෂණීය ස්ථාන සංවර්ධනය කර දෙස් විදෙස් සංචාරකයන්ට විවර කරනවා වාගේම මෙම ස්ථානවලට ගමන් කරන අයගේ ගමන් පහසුව සහ ආරක්ෂාව පිළිබඳවත් අවධානය යොමු කරන්න වෙනවා. මොකද බොහෝ ස්ථානවලට ගමන් කිරීමට ඇති මාර්ග අනාරක්ෂත මට්ටමේ පවතිනවා. එම ස්ථාවලින් ගමන් ගැනීමේදී සංචාරක පිරිස්වලට විවිධ අනතුරුවලට මුහණ පෑමට සිදුවු අවස්ථා තිබූ බවට මේ වන විටත් අපිට වාර්තාවෙලා තිබෙනවා. මේ ස්ථාන සදහා සංචාරක මග පෙන්වන්නන්ගේ සේවයත් අවශ්‍ය වෙනවා. මේ ගැනත් අවධානය යොමු කරන්නැයි අපි සිහිපත් කරනවා.
ප්‍රදේශීය සභාවේ ලේකම් නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා මෙසේ පැවසීය. මිනිපේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ඇති ඵෙතිහාසික වශයෙන් වැදගත් ස්ථාන සංවර්ධනය කර දෙස් විදෙස් සංචාරකයන්ට විවර කිරීමට මිනිපේ ප්‍රාදේශිය සභාව නවමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මෙමගින් ප්‍රාදේශීය සභාව විදේශ විනිමය උපයන ආයතනයක් බවට පත් කර එම මුදල් ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් සහ මිනිපේ ගොවියාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීම අපේක්ෂාව මෙන්ම පුරාවිද්‍යාව සහ ගවේශනාත්මක තොරතුරු රැස්කරන අධ්‍යයනය කරනු ලබන දැයේ මෙන්ම විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අවශ්‍යතාවලටද මෙමගින් දොරටු විවර වන බවද සඳහන් කරන්න පුළුවන්.

 



අදහස් (0)

ඩොලර් උපද්දන්න මිනිපේ සංචාරක ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17958 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site