IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


Chinese Dragon Cafe නුවරඑළියේ අලෙවිසලට ඉහළ ප්‍රතිචාර

මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Cafe ආයතනය අවුරුදු සමය වෙනුවෙන් නුවරඑළිය ඇල්පයින් හෝටල් පරිශ්‍රයේ තාවකාලික අලෙවිසැලක් විවෘත කර තිබිණි. දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් සමඟ රැඳී සිටින පාරිභෝගිකයන්ට සහ නිවාඩු සමයේ නුවරඑළියේ සංචාරය කරන දේශීය සහ විදේශීය සංචාරකයන්ට චීන සහ ශ්‍රී ලාංකික රස මුසු වූ ආහාර පාන රස විඳීමට අවස්ථාව සැපැයීම එහි ප්‍රධාන අරමුණ විය. 
සීතල නුවරඑළියේ අසිරිය විඳීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ඊට උණුසුම් ප්‍රතිචාර ලැබිණි. කොළඹ පදිංචි බොහෝ පාරිභෝගිකයන් අවුරුදු සමයේ නුවරඑළියේ සංචාරය කිරීම සැළකිල්ලට ගනිමින් විවෘත කර තිබූ මෙම තාවකාලික අලෙවිසැල උපායමාර්ගික මුල පිරීමක් විය. 
පාරිභෝගිකයන්ට මෙහිදී සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස්, ෆ්‍රයිඩ් නූඩ්ල්ස්, ටොම් යම් සුප්, හොට් බටර් කට්ල්ෆිෂ්, ක්‍රිස්පි ස්ප්‍රින් රෝල්ස් වැනි Chinese Dragon Cafe සන්නාමය හා බැඳුණු සුවිශේෂ ආහාර පාන රැසක් රස විඳීමට හැකියාව ලැබිණි. විශේෂ ඩිලිවරි සේවාවක්ද ක්‍රියාත්මක වූ අතර හෝටල්, නිවාඩු නිකේතන, සංචාරක බංගලා වැනි ස්ථානවල නවාතැන් ගෙන සිටි අමුත්තන්ට එය විශාල පහසුවක් විය. මෙය නුවරඑළියේ Chinese Dragon Cafe තාවකාලික අලෙවිසැලක් ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව විය. ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන්ද ඊට උණුසුම් ප්‍රතිචාර හිමි විය. 
“Chinese Dragon Cafe ගැන අහලා තිබුණත් ඔවුන්ගේ ආහාර පාන රස විඳින්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නිතර අසන්නට ලැබෙන එවැනි අවන්හලක ආහාර රස විඳින්නට ලැබීම ගැන බොහොම සතුටුයි.” එක් පදිංචිකරුවෙක් පැවැසීය. “අපගේ පාරිභෝගිකයන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයකට ගොස් ඔවුන්ට Chinese Dragon Cafe අත්දැකීම සපයන්න අපට අවශ්‍ය වුණා. ඒ පිළිබඳව ඉතා යහපත් ප්‍රතිචාර ලැබුණා. නුවරඑළිය වැනි ජනප්‍රිය සංචාරක ගමනාන්තයක හුරුපුරුදු නමක් දකින්නට ලැබීම පාරිභෝගිකයන්ටත් විශාල සතුටක්. ඉදිරියේදීත් මෙවැනි මුලපිරීම් හරහා පාරිභෝගිකයන්ට අපගේ ආහාර පාන රස විඳින්න අවස්ථාව සලසන්න අප බලාපොරොත්තු වෙනවා.” Chinese Dragon Cafe ප්‍රධාන විධායක නිලධාරී ගයාන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

 



අදහස් (1)

Chinese Dragon Cafe නුවරඑළියේ අලෙවිසලට ඉහළ ප්‍රතිචාර

Kamal Koyrala Wednesday, 21 May 2025 03:41 PM

සුපිරි, මහින්ද සුපිරි, චීනු නොවුණට අපේ දක්ෂ කොල්ලො සුපිරියටම වැඩේ දීලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 88 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site