සාරා කන්දෙගොඩ
ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සඳහා නිෂ්පාදනය දියුණු කළ යුතුවේ. මහා පරිමාණ හා සුළු පරිමාණ වශයෙන් විවිධ නිෂ්පාදන අංශ බහුල වන පසු රට තුළ අලුත් ප්‍රවණතාවක් බිහිවීම වැළැක්විය නොහැක. නිෂ්පාදනය සමග වෙළෙඳපොළ සක්‍රීය වන අතර සැපයුම වේගවත් විය හැකිය. එයට සමාන්තරව භාණ්ඩවල මිල පහත වැටෙනු ඇත. නිෂ්පාදන අතිරික්තයක් අපේක්ෂා කළ යුතුය. අතිරික්තය යනු ඉතිරිවන කොටස නොවේ. ඉහළම ප්‍රමිතියකින්, ලෝකයේ අනෙක් රටවල් අපේක්ෂා කරන ගුණාංග සහිතව නිපදවන කොටසය. එය වහාම අපනයනය සඳහා සූදානම් කළ හැකිවේ. අපනයන ආදායම රටට ඉතාම අවශ්‍යය. ශ්‍රී ලංකාව ඉතාම අරපරෙස්සමකින් විදේශ විනිමය පාවිච්චි කරමින් සිටින අතර ප්‍රමාණවත් විනිමය රහිත තත්වයක් තුළ රුපියලේ අගය ගැන විශේෂ අවධානයකින් පසුවන බව පෙනේ.
ආර්ථික අර්බුදයකට පසු රට තුළ තාවකාලික ස්ථාවර භාවයක් ලබා තිබේ. මුල්‍ය වෙනස්කම් ඇති කරන එම පිළිවෙළ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මැදිහත් විය. එම ස්ථාවරභාවය පිළිබඳව සෑහීමකට පත් ලෝක බැංකුව වසර හතරක් සඳහා ව්‍යාපෘති ඉල්ලා තිබේ. එම ව්‍යාපෘතිවලින් ආර්ථික ප්‍රතිසංස්කරණ, ව්‍යුහාත්මක ගැළපීම් හා සංවර්ධන වේගය සැලසුම්කරගත හැකිය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමග කටයුතු සාක්ෂාත් කරගැනීමත් සමග ජාත්‍යන්තර ආයෝජන විශ්වාසය ගොඩනැගෙනු ඇත.
ආයෝජන ආදායම වෙනුවට තවත් වටයකින් බදු
අලුත්ම වාර්තා අනුව මෙරටට ගෙන්වන විදුලියබලයෙන් ධාවනය වන වාහන සඳහා ආනයනික බදු වැඩි කිරීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ මහජන මුදල් කාරක සභාව විදුලිය වාහන සඳහා බදු වැඩිකරන යොජනාව අනුමත කර ඇති අතර පෙට්‍රල් හා ඩීසල් වාහනවලට අය කරන අධික බදු හා සමාන්තර තැනකට නවතම විදුලිය වාහන සඳහා ද වලංගු විය යුතු බව දක්වයි. මෙම ප්‍රතිශත තවමත් තීරණය කර නැත. සාමාන්‍යයෙන් ඩීසල් හා පෙට්‍රල් ඇතැම් වාහනවලට වාහනයේ වටිනාකම මෙන් අට ගුණයක් දක්වා බදු අය කෙරේ. මෙම බදු ගෙවන මෙරට ජනතාව අවසානයේ දී එහි පිරිවැය උහුලන පිරිසක් බවට පත්ව තිබේ. වාහනවල බදු ඒවා මිල දී ගන්නා අයිතිකරුවන් හෝ ආයතනවලට බව පොදුවේ විශ්වාස කරන නමුත් අවසානයේ දී ඒවා ගෙවන්නෝ සමස්ත පාරිභෝගිකයෝය. අයිතිකරුවන් ඒවායේ වියදම සිය නිෂ්පාදන හෝ සේවාවලට ඇතුළත් කරයි. වක්‍ර ක්‍රමයකට සිදුවන එහි හානිය බරපතළය.
ප්‍රංශය, නෝර්වේ, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය, ඇමරිකාව, චීනය ඇතුළු රටවල් සෑහෙන ගණනක් විදුලියබලයෙන් ධාවනය වන වාහන සඳහා බදු නිදහස්ය. ඉන්දියාව එවැනි වාහන මිල දී ගන්නා පුරවැසියන්ට ආධාර කරන ක්‍රමයක් ද ක්‍රියාවට නංවයි. ස්පාඤ්ඤය, පෘතුගාලය හෝ පෝලන්තයේ විදුලිය බලයෙන් ධාවනය වන වාහන ඉතාම අඩු මිලට විකිණේ. වැඩිම වාහන ප්‍රමාණයක් චීනයේ භාවිත කරන බව සඳහන් කළ යුතුය. මෙම රටවල් පරිසරය ගැන අවධානය යොමු කර ඇති අතර පොසිල ඉන්ධන මගින් බලශක්ති උත්පාදනය සීමා කරන පියවර ගෙන තිබේ. ගල් අඟුරු හෝ දැවිතෙල්වලින් විදුලිය නිපදවන අතර ඒවා වාහන ධාවනයට යෙදවීම නොකරන්නට තරම් ඇතැම් රටවල් උපායශීලී වී තිබේ. පුනර්ජනනීය විදුලිය උත්පාදන ක්‍රම බහුල කරන අතර ඒවා වාහන ධාවනයට යොමු කිරීමෙන් ආර්ථිකය දැවැන්ත පරිවර්තනයකට ද සූදානම් කරයි. විශේෂයෙන් ඛනිජ තෙල් ආනයනය පිරිවැය අඩු කෙරේ. ලෝකයේ වැඩිම ඛනිජ තෙල් සම්පත් ප්‍රමාණයක් ඇති රටවල් අතර සිටින ඇමරිකාව හා නෝර්වේ පවා විදුලිය වාහන ධාවනයට බදු රහිත ක්‍රමවේද හඳුන්වාදීමට හේතු මෙරට බලධාරීන් අධ්‍යයනය කළ යුතුවේ.
ඛනිජ තෙල් ගෙන්වීම ද ආණ්ඩුවට ව්‍යාපාරයකි
මෙරට ආදායම් වාර්තා සලකන පසු ඛනිජ තෙල් ආනයනය ද රටට හොඳ ආදායමකි. ඒවා ගෙන්වන පසු විවිධ ප්‍රතිශතවලින් බදු අය කෙරේ. ඉන්ධන බෙදාහරින පසු, ඒවා සිල්ලරට අලෙවිකිරීමේ දී ආදී වශයෙන් රජයට සපයන බදු ආදායම ජාතික ආදායමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් බව සඳහන් කළ හැකිය. විදුලිය බල වාහන භාවිතාකළ හොත් මෙම සෘජු ආදායම රටට අහිමි වේ. ඉන්ධනවලින් ධාවනය වන වාහනවල අමතර කොටස් දෙදහසක සිට විසි දහස දක්වා කොටස් ප්‍රමාණයක් තිබේ. විදුලි වාහනයක එන්ජිම ඇතුළු අමතර කොටස් විශාල ප්‍රමාණයක් නැත. ඉන්ධන වාහනවලට ගෙන්වන අමතර කොටස් ද මෙරට බදු ආදායම තරකරයි. මෙවැනි පසු බිමක් තුළ ශ්‍රී ලංකාව වැනි දුප්පත් මානසිකත්වයක් සහිත රටක් විදුලිය වාහනවලට බදු පැනැවීම පුදුම සහගත තත්වයක් නොවේ.
ඛනිජ තෙල් පමණක් නොව සමස්ත ව්‍යුහයම බදු වලින් සමන්විතය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනාව පරිදි රජය අය කරන බදු වර්ග ගණනාවක් ඉහළ නැංවීය. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් බදු ආදායම සියයට අටක සිට පහළොව දක්වා වැඩි කරගැනීමට ඉලක්ක කර තිබේ. 2024 වසරේ පමණක් බදු ආදායම සියයට විසි පහකින් ඉහළ ගොස් ඇත. මෙම බදු ගෙවන්නෝ පුරවැසියෝය. ඔවුන්ගේ ආදායම ඉහළ ගොස් නැති අතර එහි අනෙක් පැත්ත අධික බදු හේතු කොටගෙන ජීවත්වීම අපහසු වී තිබේ.
ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව මෙරට ජනගහනයෙන් සියයට 24.5 ක් දුප්පත්ය. දුප්පතුන් ද නොදන්නා පරිදි වක්‍ර බදු අය කෙරේ. සෑම පුද්ගලයකුම දුරකතනයකට රුපියල් සියයක් රී ලෝඩ් කරන පසු එයින් හතරෙන් එකක් ආණ්ඩුවටය. සෑම රුපියල් සියයකටම වැට් රුපියල් 18.84 ක්, රජයේ බදු රුපියල් 2.04 ක් හා ආවරණ බදු තවත් රුපියල් 2.62 ක් වශයෙන් රුපියල් 23.50 ක් ගෙවන්නට සිදුවේ. සමාජ මාධ්‍යවලින් ආණ්ඩුවට දොස් පවරන තරමට, එය සක්‍රීය වන තරමට රජයට සන්නිවේදන අංශයෙන් රජයට ආදායමක් ලැබේ. දුප්පත් පිරිස සමස්තයෙන් හතරෙන් කොටසක් වන අතර ඔවුන්ට මෙම අධික බදු ගෙවිය හැකි පරිසරයක් තිබේ ද යන්න ආණ්ඩුව කල්පනා කිරීම සුදුසුය.
බදු වෙනුවට කර්මාන්ත බහුල කරන තීන්දු
පවතින ආර්ථිකයට බදු වැඩි කිරීම වෙනුවට ආර්ථිකය පුළුල් කරන තීරණ ගැනීම අවශ්‍ය කෙරේ. සෑම දිස්ත්‍රික්කයකම අලුත් කර්මාන්ත හා ව්‍යාපාර බිහි කිරීම වැදගත්ය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය දියුණු කරන පසු මුලින් සඳහන් කරන ලද පරිදි නිෂ්පාදනය වැඩිවේ. එම නිෂ්පාදනවලට මෙතෙර හා එතෙර වෙළෙදපොළ සකස් කළ හැකිය. වත්මන් ආණ්ඩුව සමුපකාර ක්‍රමය ගැන විශ්වාසය තබයි. සමුපකාර ක්‍රමවේද වැඩි දියුණු කරන ආකාරය ගැන මහජන අදහස් විමසීම ආරම්භ කොට තිබේ. ඉන්දියාව, තායිලන්තය වැනි රටවල් ගම්මාන මටට්මින් ව්‍යවසායක කණ්ඩායම් ගොනුකර නිෂ්පාදනය දියුණු කරන ක්‍රම හඳුන්වා දී ඇත. සමුපකාර ක්‍රමයකට එම නිෂ්පාදකයන් ක්‍රියා කරන පසු ප්‍රමිති, උපදේශක සේවා, අලෙවිය හා ප්‍රචාරණය සඳහා අතුරු අවස්ථා නිර්මාණය වේ. මේවායෙන් කොටසක් මධ්‍ය හා මහා පරිමාණ මට්ටමට දියුණු වන පසු රටට බදු අයකරගත හැකි පසුබිමක් නිර්මාණයවේ.
අලුත් කර්මාන්ත හා ව්‍යාපාර ඇති කරන එවැනි පියවර සඳහා ප්‍රාග් ධනය හා පසුබිම සකස් කිරීම රජයේ වගකීමකි. අසාර්ථක වූ ව්‍යාපාරවලට පොලී රහිත ණය ගන්නා ක්‍රමයක් හඳුන්වා දෙන බව ඡන්ද කාලයේ දේශපාලන වේදිකාවල ප්‍රකාශ විය. රැකියා සඳහා විදේශගතවන පිරිස ගේ මුලික වියදම් ආවරණය කරන පොලී රහිත ණය ක්‍රමයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණි. සංචාරක අංශයේ වෘත්තිකයන්ට ද සේවාව අවශ්‍යතා සඳහා අඩු පොලී ණය ක්‍රමයක් වත්මන් ආණ්ඩුව එවකට සිය ඡන්ද ව්‍යාපාරයේ දී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ඇතුළත් කරන ලද බව ද සඳහන් කළ යුතුය. කෙසේ වෙතත් මෙම දිරිගැන්වීම් අමතක කර තිබේ. දැනට වාණිජ බැංකු පවා ව්‍යවසායකයන්ට ණය නිකුත් කිරීම් සීමා කර ඇත. නොබෝදා ලංකා බැංකුව හා මර්චන්ට් බැංක් ඔෆ් ශ්‍රී ලංකා යන මුල්‍ය ආයතන ණයකර නිකුත් කළේය. එයට අධි ඉල්ලුමක් තිබුණි. මෙම ණයකරවලින් ගන්නා ධනය රජයේ භාණ්ඩාගාර බිල්පත් ඇතුළු ආයෝජනවල යොදවන අතර රජයට අයත් ව්‍යාපාරවලට ණය සැපැයීම සිදුකරයි. එය ආර්ථිකය දියුණු කරන ක්‍රමවේදයක් නොවන බව දැක්විය යුතුය.
තවත් වටයකින් බදු වැඩි කිරීමට පෙර
අලුත් වාර්තා දක්වන පරිදි රජයේ වියදම සඳහා තවත් මුදල් සොයාගැනීමට සිදුවේ. අයවැය මගින් පනවන ලද බදුවලට අමතරව දේපොළ මත බද්දක් පැනැවීමට ඉඩ තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙම දේපොළ බද්ද සම්බන්ධයෙන් තද යෝජනා ඉදිරිපත්කර ඇති අතර අරමුදලේ ඉදිරි සමාලෝචන කණ්ඩායම එහි අවශ්‍යතාව තව දුරටත් අවධාරණයකරනු ඇතැයි දැක්වේ. දේපොළ බදු සම්බන්ධයෙන් විරෝධය පැන නැගුණ පසු ඒවායේ අයිතිය හා ආදායම් තත්වය සලකා වෙනම තීන්දු ගැනෙන බවට මිශ්‍ර අදහස් සමාජ ගත කර ඇත. කෙසේ වෙතත් ඉදිරියේ දී රට තුළ දැවැන්ත කෘෂිකර්ම සංගණනයක් සංවිධානය කර තිබේ. එමගින් ඉඩම් හිමියන් වර්ගීකරණය කර ගෙවතුවල ඇති ආදායම් උපයන ගහ කොළ පවා ගණන් බලන්නට යෝජිත බව අනාවරණය වේ. මෙම කරුණු සංවර්ධන අවශ්‍යතා පදනම් කරගෙන බව හුවා දක්වන නමුත් අවසානයේ දී ගෘහ ආර්ථිකය සලකා රජයට එකතු කරගත හැකි ප්‍රමාණය තක්සේරු කරන්නට ද අවස්ථාවක් ඇත.
පසුගිය දශක ගණනාවක් තිස්සේ මහා පරිමාණ ආයෝජන සම්බන්ධයෙන් දිරිගැන්වීම් තිබුණි. ආර්ථික අර්බුදයට පසු මහාපරිමාණ ආයෝජනයක් වූ අදානි විදුලිය උත්පාදන ව්‍යාපෘතිය ද අත්හැර දමා තිබේ. චීන සමූහාණ්ඩුව හම්බන්තොට ප්‍රදේශයේ ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක තෙල් පිරිපහදුවක් ගැන අදහස් දැක්වීය. කෙසේ වෙතත් අලුත් වාර්තා අනුව චීන ඛනිජ තෙල් සමාගම සිය ආයොජනය ඉදිරියේ ඇති ගැටලු ගැන අදහස් දක්වන බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
රටට ලබාගත යුතු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ජාලය සහ සමාන්තරව විදේශ ආයෝජන ගෙන්වා ගැනීම ද අවශ්‍යම කාරණයකි. මහා පරිමාණ ආයෝජන හා ඒවායේ සහන පිරිවැය ගැන නොයෙක් තර්ක විතර්ක තිබෙන නමුත් අවසානයේ දී එම ධනය, එම කර්මාන්තවලින් ලැබෙන තාක්ෂණය රටට ප්‍රයෝජනවත්ය. වක්‍ර ආකාරයකින් ලැබෙන ව්‍යාපාරික බදු මහජනතාව මත පනවන බදු ලිහිල් කරන්නට හේතුවකි. සමස්ත ජනගහනයට බදු පැනැවීම වෙනුවට නිෂ්පාදනය තරකරන, ඒවා අපනයනයට නැඹුරු කරන පියවර සඳහා වේගවත් තීන්දු ගැනීම අවශ්‍යය. එම නිෂ්පාදන ක්‍රමවේද සඳහා මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සිට මහා පරිමාණ ආයෝජන දක්වා පරාසයක් හවුල් කරගත යුතුව තිබේ. එවැනි පියවරවලින් තොරව ජනතාව මත පනවන බදු බර ලිහිල් කළ නොහැක.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නිෂ්පාදනය පැත්තකින් තබා බදුවලින් සංවර්ධනය