නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්ත ත්‍රිරෝද රථ රියැදුරන් පුහුණු කිරීමේ වැඩමුළුවක් නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තයේ යෙදෙන ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ආකල්ප හා ආචාරධර්ම ඉහළ නැංවීම අරමුණු කරගෙන ආරම්භ කර ඇති සංචාරක කර්මාන්ත ත්‍රිරෝද රථ රියැදුරන් පුහුණු කිරීමේ දෙදින වැඩමුළුවේ අවසන් දින සහතික පත් ප්රදානය පසුගියදා සිදු කෙරිණි. 07 January 2026
AMAMI සන්නාමය 2025 CNCI ඉහළම දක්ෂතා සම්මාන දිනයි ප්රමුඛ පෙළේ දේශීය සන්නාමයක් වන අමාමි (Amami) සන්නාමය හිමි රන්යන් ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම 2025 CNCI Achievers සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් සහ විශිෂ්ටම දක්ෂතා ඇගැයීමේ සම්මානයෙන් (Top Achiever Award) පිදුම් ලැබීය. ලංකා කර්මාන්ත මණ්ඩලය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය එක් වී සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ සිනමන් ලයිෆ් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. 07 January 2026
SITC Campus වෙතින් ‘Rebuild Sri Lanka’ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාගයක් මෙරට උසස් අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයකු වන SITC Campus හි ප්‍රධාන විධායක නිලධාරී කාදර් රහ්මතුල්ලා මහතා දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට රජය පිහිටවූ ‘Rebuild Sri Lanka’ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කරයි. 07 January 2026
බලශක්ති ගාස්තු සංශෝධනය ගැන මිශ්‍ර අදහසක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුව දී බලශක්ති මිල ගණන් සංශෝධනය ගැන වඩාත් ප්‍රබල අවධානයක් නොතිබුණ බව දැක්වේ. මිශ්‍ර ප්රතිපත්තියක සිට කොටස් වෙළෙඳාම ගැන අවධානය යොමු කළ බව නිරීක්ෂණය කළ හැකි වූ අතර තවදුරටත් ස්ථාවර වර්ධනයක් කරා පදනම සකස් කරන බවක් සනිටුහන් විය. 07 January 2026
2025 මුල් මාස දහයට ඉන්ධන ආනයන වියදම ඩොලර් බිලියන 2.5ක් 2025 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මුල් මාස 10ක කාලය තුළදී මෙරට වෙත පිරිපහදු කළ ඉන්ධන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 2,454ක මුදලක් වැය වී ඇතැයි වාර්තා වෙයි. මෙය රුපියල් වටිනාකම අනුව රුපියල් මිලියන 735,137ක ආනයන වියදමක් ලෙස සටහන්ව තිබේ. 05 January 2026
මේ වසරේදී ඩොලර් බිලියන 20ක අපනයන ආදායම් පුරෝකථනයක් ශ්‍රී ලංකාව 2026 වසරේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 20ක සමස්ත අපනයන ආදායමක් රැස් කරගැනීමේ බලාපොරොත්තුවකින් පසුවන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි. ඒ අනුව මෙය 2025 වසර හා සැසඳීමේදී සියයට සියයට 10ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. 05 January 2026
වෙනිසියුලාවේ පෙරළියෙන් බොරතෙල් මිලට තවම බලපෑමක් නෑ වෙනිසියුලානු ජනාධිපතිවරයා බලයෙන් ඉවත් කරමින් එරට බොරතෙල් සම්පත් සිය පාලනයට ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට ක්ෂණික බලපෑමක් එල්ල නොකරනු ඇතැයි විශේෂඥයෝ පවසති. 05 January 2026
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ LRA ශ්‍රේණිගත කිරීම එලෙසින්ම ලංකා රේටින්ග්ස් ආයතනය (LRA) ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත ලබා දී තිබූ AAA ශ්‍රේණිගත කිරීම ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව එලෙසින්ම පවත්වාගෙන යන බව එම ආයතනය පවසයි. 05 January 2026
නේෂන් ලංකා ෆිනෑන්ස් වෙත පත් කළ අද්මිනිස්ත්රාත්ගේ ධුර කාලය දීර්ඝ කෙරේ බැංකු නොවන මූල්‍ය සමාගමක් වන නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සඳහා පත් කෙරුණු අද්මිනිස්ත්‍රාසිකරුගේ ධුර කාලය 2026 ජනවාරි 04 වැනිදා සිට 2026 ජූලි 03 වැනිදා දක්වා තවත් මාස හයක කාලයකට දීර්ඝ කරන බව මහ බැංකුව පවසයි. ඒ අනුව අද්මිනිස්ත්‍රාසිකරු ලෙස පත් කෙරුණු ඩබ්.ඩී.එන්.ආර්. රොද්‍රිගෝ මහතාගේ ධුර කාලය මෙලෙස දීර්ඝ කර තිබේ. 05 January 2026
IASL මගින් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත් හඳුන්වාදීමට යයි ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) මගින් විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත් ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු යොදන බව පවසයි. ඒ අනුව ජනවාරි 07 වැනිදා නිල වශයෙන් මෙම විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත දියත් කිරීම සිදු කරන බව එම සංගමය සඳහන් කරයි. එම සංගමයේ සාමාජික රක්ෂණ සමාගම් 13ක් එක්ව මෙම මුල පිරීම සිදු කරයි. 05 January 2026
සංචාරක කර්මාන්තයේ FDI ආකර්ෂණයට ගෝලීය ආයෝජන පරිසරය දැන සිටිය යුතුයි ශ්‍රී ලංකාව වැනි රටක් සංචාරක කර්මාන්තය සඳහා ඉහළ මට්ටමේ ඍජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීමට නම් සිය දේශීය ප්‍රතිපත්ති තත්වය දියුණු කරගැනීම පමණක්ම ප්‍රමාණවත් නොවන බව සංචාරක කර්මාන්තය පිළිබඳ විද්වතෙකු වන ආචාර්ය මාල් රාජ් බී. කිරිඇල්ල මහතා පවසයි. 05 January 2026
කොළඹ වරාය 2025 දී වාර්තාගත බහාලුම් මිලියන 8.3 ක් හසුරුවලා කොළඹ වරාය පසුගිය වසර තුළදී බහාලුම් 8,291,178 ක් හසුරුවමින් එතෙක් මෙතෙක් වසරක් තුළ සිදු කළ වැඩිම බහාලුම් හැසිරවීමේ වාර්තාව තැබීමට සමත්ව ඇතැයි පවසයි. 05 January 2026
2025 තෙවැනි කාර්තුවේදී මූල්‍ය සමාගම්වල වත්කම් සියයට 35.3 කින් ඉහළට මෙරට ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් හෙවත් බලපත්‍රලාභී මුදල් සමාගම් සතු වත්කම් ප්‍රමාණය පසුගිය වසරේ තෙවැනි කාර්තුව අවසන් වනවිට රුපියල් බිලියන 2,488.2ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 තෙවැනි කාර්තුවේදී වාර්තා වූ රුපියල් බිලියන 1,838.6 හා සැසඳීමේදී සියයට 35.3ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. 05 January 2026
හරිස්චන්ද්‍ර ඉතිරි කොටස් විකිණීමට අඩු උනන්දුවක් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමේ ඉතිරි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 1,140,654ක් මිලදී ගැනීම සඳහා හේලීස් පීඑල්සී සමූහය ඉදිරිපත් කළ අනිවාර්යය මිලදී ගැනීමේ යෝජනාව වෙත අඩු උනන්දුවක් හිමිව ඇතැයි වාර්තා වෙයි. 05 January 2026
සාර්ථකව කොටස් අයදුම් කිරීම මූලික කොටස් නිකුතුවකින් කොටස් මිලදී ගන්නා ආයෝජකයන් දැනුවත් විය යුතු තවත් වැදගත්් කාරණයක් වන්නේ තමා විසින් ඉල්ලුම් කරන ලද මුළු කොටස් ප්‍රමාණයම තමාට නොලැබුණ හොත් හෝ තමා විසින් අයදුම්පත් සමග සමාගම වෙත යොමු කළ මුදල් සමාගමේ ගිණුමට බැර වූ පසු අයදුම්පත් ප්‍රතික්ෂේප වුවහොත් ඊට අදාළ මුදල් නැවත ලබා ගත හැක්කේ කෙසේද යන්නයි. 05 January 2026
සැපයුම් කර්මාන්තයේ අභියෝග - අවස්ථා සැපයුම් හා භාණ්ඩ ප්‍රවාහන අංශය ජාතියක ආර්ථිකයේ තීරණාත්මක අංශයකි. වෙළෙඳාමට පහසුකම් සැලසීම, සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ භාණ්ඩ හා සේවා කාර්යක්ෂම ලෙස බෙදාහැරීම මගින් ආර්ථික කාර්යක්ෂමතාවටත් සාර්ව ආර්ථික වර්ධනයටත් ප්‍රබල බලපෑමක් සිදු කරයි. 05 January 2026
ශ්‍රී ලංකාවේ මැණික් උරුමය ලොවට ගෙනයන FACETS Sri Lanka 2026 ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka හි 33 වැනි අදියර, Cinnamon Life - The City of Dreams පරිශ්‍රයේ දී නිල වශයෙන් සමාරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කෙරිණි. ශ්‍රී ලංකාවේ අභිමානවත් මැණික් උරුමය සැමරීමත්, කර්මාන්තය ගෝලීය වර්ධනයේ මීළඟ අදියර කරා බලගැන්වීමේ දැක්මත් පෙරදැරිව මෙවර ප්‍රදර්ශනය ආරම්භ විය. 05 January 2026
ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2026 නව වසර උත්සවාකාරයෙන් අරඹයි ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2026 නව වසර වෙනුවෙන් වැඩ ආරම්භ කිරීම එම බැංකුවේ කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලයේ දී ඉකුත් 01 වැනිදා උත්සවාකාරයෙන් සිදු විය. 05 January 2026
ජාත්‍යන්තර වෙළඳපොළේ සාර්ථක වීමට ව්‍යවසායකයන් සවිබල ගන්වයි නව හා අනාගත අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළේ සාර්ථක වීමට අවශ්‍ය දැනුම හා සබඳතා ලබා දීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ජාලකරණ සැසියක් පසුගියදා කොළඹ පිහිටි එම ආයතනයේ දී පවත්වන ලදී. 05 January 2026
Bureau Veritas Lanka සමාගමට Great HR Awards 2025හිදී සම්මාන Bureau Veritas සමාගමට අනුබද්ධිත Bureau Veritas Consumer Products Services Lanka පුද්ගලික සමාගම සිය සේවක අභිවෘද්ධිය සහ ආයතනික සංස්කෘතිය වෙනුවෙන් පසුගියදා පැවැති Great HR Awar - 2025 සම්මාන උළෙලේදී සම්මානයට පාත්රවිය. ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනය (CIPM) මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරුණි. 05 January 2026
“JAT පින්තාරු අභිමන්” තෙවැනි අදියරෙන් දිවයින පුරා සිය ව්‍යාප්තිය තවත් පුළුල් කරයි JAT Holdings PLC ආයතනය මගින් ශ්‍රී ලංකාවේ දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීමේ දිගුකාලීන අරමුණින් ක්‍රියාත්මක වන ‘JAT පින්තාරු අභිමන්‘ වැඩසටහනේ තෙවැනි අදියරෙහි අටවැනි හෙවත් අවසාන වැඩමුළුව කොළඹ දී සාර්ථකව නිමාවට පත් කළේ ය. මෙය දැව පින්තාරු ක්ෂේත්රයේ වෘත්තීයභාවය සහ සවිබලගැන්වීම ඉහළ නැංවීම සඳහා JAT ආයතනයෙහි කැපවීම පිළිබිඹු කරයි. 05 January 2026
ගාලු දිසාවේ රන් කර්මාන්තයේ අර්බුදය එදා ගාලු දිසාවම බැබල වූ ග්‍රාමීය කර්මාන්ත අතර ඉදිරියෙන් සිටි ස්වර්ණාභරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය අද තිබෙනුයේ අසීරු අඩියක බව එම කර්මාන්තයේ නියුත්තෝ කියති. 05 January 2026
MAC සිය ආයතනික විශිෂ්ටත්වයේ 29 වසර සමරයි MAC හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සිය 29 වැනි සංවත්සරය ආඩම්බරයෙන් සමරන අතර දශක තුනකට ආසන්න කාලයක් අරමුණු සහිත වර්ධනයක්, අඛණ්ඩතාවෙන් මෙහෙයවන නායකත්වයක් සහ එහි ගමනේ කොටසක් වූ සෑම කොටස්කරුවකුටම ගැඹුරු කැපවීමක් සනිටුහන් කරයි. සමාගම වෙනස්වන කාලයත් සමග අඛණ්ඩව පරිණාමය වී ඇති අතර, එහි අනන්‍යතාව නිර්වචනය කරන ආයතනික දර්ශනයට ස්ථිරව නැංගුරම් ලා ඇත. ‘‘ඔබ නොමැතිව අපට සාර්ථකත්වය ප්‍රකාශ කළ නොහැක.” 05 January 2026
එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහෙයන් වැඩිම තේ නිෂ්පාදන වාර්තාවක් ගාල්ල දිස්ත්‍රික්කයේ හොරංගල්ල, තල්ගස්වල ප්‍රදේශයේ පිහිටි එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහය පිට පිටම අටවැනි වසරටත් වසර 2025 නිමා වෙද්දී ලංකාවේ වැඩිම තේ නිෂ්පාදනය කර අලෙවි කළ තේ කර්මාන්ත ශාලා සමූහය බවට පත්ව තිබේ. 05 January 2026
නැවත වර්ධනයකට අවස්ථා නිර්මාණය කරන පසුබිමක් කොළඹ කොටස් වෙළෙඳපොළ නව වසරේ පළමු දින ගනුදෙනුවල දී ස්ථාවර වර්ධනයකට පදනම සකස් කරන බවක් සනිටුහන් වූ අතර ගනුදෙනු ප්‍රමාණය හා පිරිවැටුම ආයෝජන අංශ තුළ විශ්වාසය තහවුරු කරන්නට සමත් වූ බව නිරීක්ෂණය කළ හැකි විය. 05 January 2026
වෙළඳ හිඟය ඩො.බිලියන 6.9 ක් පසුගිය වසරේ පළමු මාස 11 දී මෙරට මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 18.8 ක් බවත් මුළු ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 19.3 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. 02 January 2026
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒවා බවත් ජේ.බී සිකියුරිටීස් තැරැව්කාර සමාගම පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. 02 January 2026
2025 දෙසැම්බරයේදීත් කොළඹ උද්ධමනය සියයට 2.1ක මට්ටමේම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය සියයට 2.1ක් ලෙස නොවැම්බර් මාසයට සාපේක්ෂව නොවෙනස්ව පැවති බව මහ බැංකුව පවසයි. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මිල ගණන් සැලකිය යුතු ලෙස මාසිකව ඉහළ ගියද හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම මෙයට ප්‍රධාන වශයෙන් සහාය වූ බව මහ බැංකුව සඳහන් කරයි. 02 January 2026
මහ කන්නයේ වී අස්වනු මිලට ගැනීමට රුපියල් කෝටි 1000ක ඔඩ පන ණය වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025/26 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපාකාර සමිති වෙත සහනදායී පොලී අනුපාතයක් යටතේ ඔඩ පන ණය යෝජනා ක්‍රමයක් ඊයේ (01) සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 02 January 2026
LMD වසරේ ව්‍යවසායකයා ඉෂාර නානායක්කාර මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව මගින් 2025 වසර සඳහා වන ව්‍යවසායකයා ලෙස LOLC හෝල්ඩිංග්ස් සමූහයේ විධායක සභාපති ඉෂාර නානායක්කාර මහතා නම් කර තිබේ. 02 January 2026
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026