

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අතුරුපස සහ අමුද්‍රව්‍ය සන්නාමය වන මෝතා - ලොව අති ජනප්‍රිය ආහාර පිසීමේ තරග වැඩසටහන වන Masterchef ශ්‍රී ලාංකික සංස්කරණයේ සීසන් 01 සඳහා නිල අතුරුපස අමුද්‍රව්‍ය සහකරු ලෙස අත්වැල් බැඳගත්තේය.
මෙම සහයෝගීතාවෙන්, මෝතා අතුරුපස සහ බේකින් කලාවේ නවීන විලාසිතාවේ නිර්මාණ කිරීමට සම්පූර්ණ සහයෝගය දක්වනු ඇත.
මෙහි අභිප්‍රාය වනුයේ ඉවුම් පිසුම් කලාවට දක්‍ෂ ලාංකීය හැකියාව හඳුනාගෙන වර්ධනය කිරීමයි. මෙයට සහභාගී වන තරගකරුවන් හා තරගකාරියන්ට තම හැකියාව ප්‍රදර්ශනය කිරීමට, පීඩිත තරග අභියෝගවලට මුහුණ දීමට සහ පළපුරුදු ආහාර විශේෂඥයන් හා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග ඔවුන්ගේ දැනුම බෙදාගැනීමටත් අවස්ථාව උදා කරදෙනු ඇත.
MasterChef Sri Lanka වැඩසටහන හරහා ඩෙල්මේජ් ෆෝර්සයිත් සමාගම, මෝතා සන්නාමවලින් ආහාර නිර්මාණශීලීත්වයේ නවමු මානයන් කරා යන අතර, සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික රස, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සූපවේදය සහ නවීන ආහාර පිසීමේ තාක්ෂණ දැනුම ඉස්මතු කිරීමට දායක වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd