2025 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වසර සඳහා රුපියල් බිලියන 44.18 ක දළ ලිඛිත වාරික ආදායමක් සමග සියයට 18.96 ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 22 වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපපොළ නායකත්වය තහවුරු කර ඇත.
රුපියල් බිලියන 28.25 ක ආයෝජන සහ අනෙකුත් ආදායම් ඇතුළුව සමාගම මෙම මාස 12 සඳහා රුපියල් බිලියන 72.43 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය සියයට 10.51 ක වැඩිවීමකි.
සෙලින්කෝ ලයිෆ් තම ජීවිත රක්ෂණ අරමුදලේ වටිනාකම සියයට 11.56 කින් වැඩිකර ගනිමින් 2025 දෙසැම්බර් 31 දින වන විට රුපියල් බිලියන 200 ක සන්ධිස්ථානය පසුකරමින් බිලියන 201.81 ක ජීවිත රක්ෂණ අරමුදලක් වාර්තා කර ඇත. සමාගමේ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය මනාව පිළිබිඹු කරමින් එහි ආයෝජන කළඹ ද රුපියල් බිලියන 253.43 ක් දක්වා සියයට 13.9 කින් වර්ධනය වී ඇත.
“ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ සමාගම ලෙස තවදුරටත් රැඳී සිටීමට ලැබීම පිළිබඳව ආඩම්බර වීම සාධාරණ වන අතර එය ගනුදෙනුකරුවන් අප කෙරෙහි ඇති අඛණ්ඩ විශ්වාසය පිළිබඳ සාක්ෂියක් වනවා” යනුවෙන් සෙලින්කෝ ලයිෆ් හි විධායක සභාපති ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. “අපගේ සාර්ථකත්වයේ අත්තිවාරම වන්නේ, දිනෙන් දින වෙනස් වන අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අප ඉදිරිපත් කරන උපායමාර්ගික ජීවිත රක්ෂණ නිෂ්පාදන සහ අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ගේ ජීවිත අවදානමෙන් තොරව තබා ගැනීම අපගේ මූලික මෙහෙවර බවට පත් කර ගැනීමයි. එම මෙහෙවර ක්‍රියාත්මක කිරීමේදී විචක්ෂණශීලී සහ දූරදර්ශී ආයෝජන කළමනාකරණය අපට මනා සහයක් ලබා දෙයි.”
2025 වසරේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට රුපියල් බිලියන 31.07 ක ශුද්ධ හිමිකම් සහ ප්‍රතිලාභ ගෙවා ඇති අතර එය පෙර වසරට වඩා රුපියල් බිලියන 6ක් නැතහොත් සියයට 24 ක වැඩි වීමකි. එහිදී සමාගම විසින් රුපියල් බිලියන 20.68 ක් එහි ජීවිත රක්ෂණ අරමුදලට බැර කර ඇත. සමාගමේ මුළු වත්කම් 2025 වසර තුළදී රුපියල් බිලියන 35.58 කින් හෙවත් සියයට 14.15 කින් රුපියල් බිලියන 287.02 ක් දක්වා වර්ධනය වී ඇත.
සෙලින්කෝ ලයිෆ් සමාගම මාස 12ක කාලය තුළදී කොටස් හිමියන්ගේ අරමුදලට ලාභය ලෙස රුපියල් බිලියන 3.5 ක් ඵකතු කර ඇති අතර වසර අවසානයේ දී කොටස් හිමියන්ගේ කොටස් වල වටිනාකම රුපියල් බිලියන 67.8 දක්වා වර්ධනය විය.
සමාගම 2025 වසර සඳහා බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 11.21 ක් ලෙස වාර්තා කළ අතර එය 2024 වසරට සාපේක්ෂව සියයට 11.5 ක වැඩි වීමකි. සමාගමේ බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාබය රුපියල් බිලියන 7.85 ක් වූ අතර එය සියයට 10.97 ක වර්ධනයකි.
2025 දී අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිළිගැනීමට ලක් වූ සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි. 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ වටිනා ම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd