මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට යෝජනා කර ඇති රුපියල් බිලියන 1ක් වටිනා ණයකර නිකුතුව සඳහා A ලෙස ජාතික දිගුකාලීන අවසන් ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බව ෆිච් රේටින්ස්ග් ආයතනය පවසයි.
රුපියල් වටිනාකම සහිත උපප්‍රධාන ණයකර නිකුතුවක් ලෙස සිදු කිරීමට යෝජිත මෙය, වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරේ. එසේම මෙය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමටත් සැලසුම් කර ඇත. මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් සමාගමේ අදියර 2 ප්‍රාග්ධන පදනම ශක්තිමත් කිරීමටත්, ව්‍යාපාර පුළුල් කිරීම සඳහා සහයෝගයක් ලෙසත් යොදා ගන්නා බව මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd