
10 වැනි අදියර යටතේ සිසුන් 7,000කට ණය පහසුකම් සලසා දීමට සැලසුම්
උසස් පෙළ සමත්, එහෙත් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට අවස්ථාව නොලබන සිසුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක රජයේ පිළිගත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා ලබා දෙන පොලී රහිත ශිෂ්‍ය ණය ලබාදීමේ යෝජනා ක්‍රමය සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) එක් කරගැනීමට කටයුතු යොදා ඇතැයි රජය පවසයි.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අගමැතිවරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
දැනට මෙම ණය යෝජනා ක්‍රමයේ ණය මුදල් ප්‍රදානය කරනු ලබන බැංකු වශයෙන් මහජන බැංකුව සහ ලංකා බැංකුව කටයුතු කරයි. එහි 10 වැනි අදියර යටතේ සිසුන් 7,000ක් සඳහා ණය පහසුකම් සලසා දීමට සැලසුම් කර ඇත. ඒ අනුව, මහජන බැංකුව සහ ලංකා බැංකුවට අමතරව එම ණය යෝජනා ක්‍රමය යටතේ සිසුන් වෙත ණය මුදල් ප්‍රදානය කරනු ලබන බැංකුවක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව ද සම්බන්ධ කර ගැනීමට මෙලෙස යෝජනා කෙරී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd