බිස්නස්වල ලොකු වැඩිවීමක් නැහැ - දෙවැනි හරස් වීදියේ HR Fabric වෙළෙඳ ආයතනයේ ව්යාපාරික මොහොමඩ් මුබෂියර්
කලක පටන් බොහෝ පාරිභෝගිකයන් පිටකොටුවට පැමිණියේ රෙදිපිළි මිලදී ගැනීමටය. එහෙත් පසුකාලීනව එම තත්වය පසුබැස ගියේ නුගේගොඩ, වත්තල, කිරිබත්ගොඩ, පමුණුව හා ප්රාදේශීය වශයෙන් නිමි ඇඳුම් කඩ විවෘතවීමත් සමගය. එය කෙසේ වුවද තවමත් පිටකොටුවේ රෙදිපිළි වෙළෙඳාමට අගුල් දැමීමට හැකියාවක් ලැබී නැත.