
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවතිAFA Best Presented Annual Report Awards, Integrated Reporting Awards, and SAARC Anniversary Awards for Corporate Governance Disclosures 2024 දී සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ කාණ්ඩය යටතේ රිදී සම්මාන හිමිකර ගැනීමට සමත් වියග මෙහි නිල සම්මාන ප්‍රදානෝත්සවය පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්විණි.
මෙම සම්මානය හිමි වූයේ SLT-MOBITEL විසින් 2024 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික වාර්තාව වෙනුවෙනි. දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනය (SAFA) විසින් මෙම සම්මානය ප්‍රදානය කරන ලද අතර, එම සම්මේලනයේ විනිවිදභාවය, වගවීම සහ පාලනය වැඩිදියුණු කිරීම සඳහා වූ කමිටුව විසින් සිදුකරන ලද ඇගයුම් ක්‍රියාවලියකින් අනතුරුව සම්මාන සඳහා ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදී. SLT-MOBITELවෙනුවෙන් එහි අලෙවි කළමනාකරු තුෂාර අමරනාත් සහ ගණකාධිකාරිණී (මූල්‍ය ගිණුම්කරණ සහ බදු) ගයත්‍රිකා සචින්තනි මෙම සම්මානය පිළිගත්හ.
මෙම සම්මාන සඳහා ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් 8 හි සමාගම් හා ආයතන රැසක් ඉදිරිපත් වී තිබිණි. ඒ අතරින් මෙම සම්මානSLT-MOBITEL වෙත හිමි වීම, මූල්‍ය හා ආයතනික පාලන වාර්තාකරණය සම්බන්ධයෙන් සමාගම දකුණු ආසියානු කලාපය තුළ ඉදිරියෙන්ම සිටින බවට මනා සාක්ෂියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd